අවම රථ වාහන දඩයට විරෝධය පළ කරමින් ත්‍රී රෝද රථ වෘත්තිකයින් පිරිසක් අද (02) කොළඹ නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිටින් ආරම්භ කළ පෙළපාලිය මේ වනවිට ...
අවම රථ වාහන දඩයට විරෝධය පළ කරමින් ත්‍රී රෝද රථ වෘත්තිකයින් පිරිසක් අද (02) කොළඹ නෙළුම් පොකුණ රඟහල ඉදිරිපිටින් ආරම්භ කළ පෙළපාලිය මේ වනවිට කොළඹ - කොටුව ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණ ඇති අතර ඒ හේතුවෙන් ලෝටස් පාරේ අධික රථවාහන තදබදයක් ඇතිවී තිබේ.
ඔවුන් කොළඹ පුරහල ඔස්සේ කොළඹ කොටුවේ පිහිටි ජනාධිපති ලේකම් කාර්යාලය අසලට පැමිණි අතර, මේ හේතුවෙන් කොළඹ - ලෝටස් මාර්ගය රථ වාහන ගමනාගමනය සදහා තාවකාලිකව වසා දැමීමට පොලිසිය පියවර ගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස මාර්ගය අවහිරව ඇති හෙයින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
COMMENTS