දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
NVQ 03 සාපෙළටත් NVQ 04 උසස්පෙළටත් විකල්පයක් වෙයි
Homeප්‍රවෘත්ති

NVQ 03 සාපෙළටත් NVQ 04 උසස්පෙළටත් විකල්පයක් වෙයි

PropellerAds

ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 03 වැනි මට්ටම අ.පො.ස. සාමාන්‍ය ‍පෙළ විභාගයටද, ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 04 වැනි මට්ටම අ.පො.ස. උසස් පෙළ ව...

'ආණ්ඩුව සෑම අතින්ම ආසාර්ථකයි '- දිලුම් අමුණුගම
අනවසරයෙන් වැලි ගොඩදැමූ 6ක් අත්අඩංගුවට
උතුරු පළාත් සභා උප සභාපති අභාවප්‍රාප්ත වෙයි
NVQ 03 සාපෙළටත් NVQ 04 උසස්පෙළටත් විකල්පයක් වෙයි

ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 03 වැනි මට්ටම අ.පො.ස. සාමාන්‍ය ‍පෙළ විභාගයටද, ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) 04 වැනි මට්ටම අ.පො.ස. උසස් පෙළ විභාගයටද විකල්පයක් ලෙස පිළිගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

රාජ්‍ය සේවයේ හෝ පෞද්ගලික අංශයේ රැකියා ඉල්ලුම් කිරීමේදී  කාර්මික ක්ෂේත්‍රය තුළ මෙම සමානතාව පිළිගැනීමේ චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් මේවනවිටත් නිකුත් කර තිබෙන බවත් ඇමතිවරයා පෙන්වා දුන්නේය.

රාජ්‍ය සේවයේ හා පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා ඉල්ලුම්කිරීමේදී කාර්මික කේෂ්ත්‍රය තුළ මෙතෙක් පැවැති ගැටලු සහගත තත්ත්වය මෙම ගැසට් නිවේදනය  නිකුත් කිරීමත් සමග නිරාකරණය වන බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී  ඇමැතිවරයා පැවසී ය.

තාක්ෂණික හා කාර්මික අංශවල තනතුරු සඳහා බඳවා ගැනීමේදී ඉල්ලා සිටින අධ්‍යාපන සුදුසුකම්  සම්පූර්ණ කර නොමැති නමුත්, ජාතික වෘත්තීය  සුදුසුකම් සම්පූර්ණකර ඇති අයදුම්කරුවන්ටද එම තනතුරු සඳහා ඉල්ලුම් කිරීමට ඉඩදීමටත්, බඳවාගැනීම් පටිපාටිවල සඳහන් අධ්‍යාපනික සුදුසුකම් හැර අනෙකුත් සුදුසුකම් සම්පූර්ණ කරන්නේ නම් එම අයදුම්කරුවන් අදාළ තනතුරු සඳහා බඳවා ගැනීමට අවස්ථාව ලබාදීමටත් මෙමගින් අවස්ථාව හිමිවේ.

රාජ්‍ය සේවයේ තනතුරක් ඉල්ලුම් කිරීමේදීඅධ්‍යාපනික සුදුසුකම් ඉල්ලා සිටින අවස්ථාවක හෝ සපුරාගත නොහැකි සුදුසුකම් ඉල්ලා සිටීම මෙම චක්‍රලේඛය නිකුත් වීමෙන් නිවැරදි මගට යොමුවන බවද හෙතෙම පෙන්වා දෙයි.

NVQ 03 හෝ NVQ 04 මට්ටම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරාගැනීම සඳහා ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA), ජාතික වෘත්තීය පුහුණු අධිකාරිය (VTA), ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය (German Tec), වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය,සාගර විශ්වවිද්‍යාලය, සියලුම කාර්මික විද්‍යාල, තාක්ෂණ විශ්වවිද්‍යාල හා ඊට අනුබද්ධිත විශ්වවිද්‍යාල විද්‍යායතන මගින් සපුරාගත හැකි බවද ඇමැතිවරයා පැවසීය.

අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් සමත් වුවද වාර්ෂිකව විශ්වවිද්‍යාල වරම් අහිමිවන 225,000ක් ඉලක්ක කරගෙන මෙම වැඩපිළිවෙළ දියත්වන බවද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසී ය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: NVQ 03 සාපෙළටත් NVQ 04 උසස්පෙළටත් විකල්පයක් වෙයි
NVQ 03 සාපෙළටත් NVQ 04 උසස්පෙළටත් විකල්පයක් වෙයි
http://ift.tt/2gNz8Uj
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/nvq-03-nvq-04.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/nvq-03-nvq-04.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy