දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 7.4 ක් ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ.
Homeගොසිප්

දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 7.4 ක් ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ.

PropellerAds

අපේ ඉදිකිරීම් කර්මාන්තයට ශ්‍රී ලංකා දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 7.4 ක් අයත්වන බවත්, එය කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ දළ දේශීය නිෂ්පාදිතය...

එංගලන්තයේ සිටි සංගා අර්ජුනගේ කතාවට උත්තර දෙන්න බීබීසී මැදිරියට කැප් එකත් දාන් තකහනියෙම ගිහින්
ජනතාව වෙනුවෙන් තේවරප්පෙරුම යළි පාරට බසියි (PHOTOS)
Sex නෑ.. නාමල් රාජපක්‍ෂ-රෝහිත රාජපක්‍ෂ ගීත වීඩියෝව යූ ටියුබයේ වාර්තා තියයි…


අපේ ඉදිකිරීම් කර්මාන්තයට ශ්‍රී ලංකා දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 7.4 ක් අයත්වන බවත්, එය කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයේ දළ දේශීය නිෂ්පාදිතයට (GDP) වඩා ඉහළ අගයක් ගන්නා බවත්, මේ වන විට අපගේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ වාර්ෂික නිමැයුම් අගය ඇමරිකානු ඩොලර් බිලියන 03 ක් හෙවත් රුපියල් බිලියන 483 ක් පමණ වන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ශාලාවේ පැවති “Construction Expo” ඉදිකිරීම් මහා ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍යවරයා මෙසේද පැවසීය.

“මෙම ඉදිකිරීම් එක්ස් පො මහා ප්‍රදර්ශනය ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ අත්‍යවශ්‍යය ප්‍රවර්ධන කටයුතුවලට හා අනෙකුත් භාණ්ඩ හා සේවා සඳහා ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. මෙහි විශේෂත්වය වන්නේ මෙම ප්‍රදර්ශන භූමිය තුළම චීනයේ හා ඉන්දියාවේ ඉදිකිරීම් නිෂ්පාදන හා සේවා ආශ්‍රිත ප්‍රදර්ශන කලාප 02 ක් පැවතීමයි. මෙහිදී අපේ ඉදිකිරීම්කරුවන්ට චීනය හා ඉන්දියාව සමඟ හවුල් ව්‍යාපාර හා ආයෝජන අවස්ථා ඇති කර ගැනීම සඳහා ද්වීපාර්ශවික සාකච්ඡා ඇරඹීමටත් හේතු වෙනවා. ඒ වගේම හත්වන (07) වරට පැවැත්වෙන මෙම ඉදිකිරීම් එක්ස් ෆෝ ප්‍රදර්ශනයේ තේමාව වන්නේ “හරිත ඉදිකිරීම්” හෙවත් “Green Building” යන්නයි. ඒ අනුව අපගේ අනාගත ඉදිකිරීම් සියල්ලම පරිසර හිතකාමී හරිත ඉදිකිරීම් ක්‍ෂේත්‍රයකට යොමු කිරීමේ වගකීම ඉදිකිරීම්කරුවන්ට පැවරී තිබෙනවා. ඒ වගේම අපේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රය සඳහා නිපුණ ශිල්පීන්ගේ සහභාගීත්වය ඉතා වැදගත් වෙනවා. එවිට ඉහළ ප්‍රමිතියෙන් යුත් ගුණාත්මක නිපැයුම් කිරීමට හේතු වෙනවා. මෙම ප්‍රදර්ශනය මඟින් අපි අපගේ දැනුම ප්‍රවර්ධනය කර ගැනීමත්, නවීන තාක්ෂණය ශිල්පීය ක්‍ෂේත්‍රයට ඇතුළත් කර ගැනිමත් ඉතා වැදගත් වෙනවා.” යැයි පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් කතා කළ චීනයේ ලියෝනිංග් ප්‍රාන්ථයේ වාණිජ දෙපාර්තමේන්තු ප්‍රධානී ක්‍යු වැංලියංග් (Kyu Wanliang) මහතා මෙසේ පැවසීය.

“ශ්‍රී ලංකාව චීනයේ ඉතා වැදගත් වෙළෙඳ හවුල්කරුවෙකු වෙනවා. ශ්‍රී ලංකාවෙ චීනයේ “එක තීරයක් එක මාවතක්” සංකල්පය යටතේ හොඳ වෙළෙඳ සන්ධිස්ථානයක් වෙනවා. ඒ අනුව මෙම වර්ෂයේ පළමු මාස 05 අතරතුර ශ්‍රී ලංකාව හා චීනයේ ලියෝනිංග් ප්‍රාන්ථය අතර මුළු වෙළෙඳ ගණුදෙනු ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 51 (රු. මිලියන 8,211) ක් පමණ වුණා.” යැයි පැවසීය.

මෙම උත්සව සභාව අමතා ශ්‍රී ලංකා ඉදිකරන්නන්ගේ ආයතනයේ සභාපති ආචාර්ය රොහාන් කරුණාරත්න, මෙම ඉදිකිරීම් එක්ස් ෆෝ ප්‍රදර්ශනයේ සංවිධාන කමිටු සභාපති මහාචාර්ය චිත්‍රා වෙඩික්කාර, ලංකා ප්‍රදර්ශන හා සම්මේලන සේවා පුද්ගලික සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ අර්ජුන් ධර්මදාස මහත්වරු ද කතා කළහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 7.4 ක් ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ.
දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට 7.4 ක් ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh-Oqnhn71eDLdJJaevqVOp3lMeLVlUysP25WnJk-szmgszbuGQw7LbqrkCBKqX_D77030xoU-Gj7H4H1kgrplkIBr3KVXXarE9mhnK5HpXaOMyWLWmWGcwAdQonHWVMt94HM6NkzvJqek/s1600/con-2.JPG
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh-Oqnhn71eDLdJJaevqVOp3lMeLVlUysP25WnJk-szmgszbuGQw7LbqrkCBKqX_D77030xoU-Gj7H4H1kgrplkIBr3KVXXarE9mhnK5HpXaOMyWLWmWGcwAdQonHWVMt94HM6NkzvJqek/s72-c/con-2.JPG
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/74.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/74.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy