දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පළාත් සභා ඡන්දය 5.
Homeගොසිප්

පළාත් සභා ඡන්දය 5.

PropellerAds

උතුරු මැද, සබරගමුව සහ නැඟෙනහිර පළාත් සභා තුනේ මැතිවරණ දෙසැම්බර් 23 වැනිදා හෝ ජනවාරි 05 වැනිදා හෝ අනිවාර්යෙන්ම පැවැත්වීමට පාර්ලිමේන්තුවේ ප...

මාතලේ කාර් එකේ ඩිකියට දරුවෙකු දැමූ නියෝජ්‍ය පොලිස්පතිවරයා ගැන වෙනස් වුණ ඇත්ත කතාව
කොළ පෑනින් ලියන ඇමති නිලධාරියා විගණන පරීක්ෂණයේදී ප්‍රශ්න කෙරේ
9 ශ්‍රේණියෙන් ඉහළ සිසුන‍්ටත් I Pad දෙනවා

උතුරු මැද, සබරගමුව සහ නැඟෙනහිර පළාත් සභා තුනේ මැතිවරණ දෙසැම්බර් 23 වැනිදා හෝ ජනවාරි 05 වැනිදා හෝ අනිවාර්යෙන්ම පැවැත්වීමට පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයෝ එකඟත්වය පළ කරති. දෙසැම්බර් 25 වැනිදා නත්තල සමඟ උත්සව සමය ආරම්භ වන නිසා 2019 වසරේ ජනවාරි මස 05 වැනිදා බොහෝ දුරට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පසුගිය සිකුරාදා (20දා) පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති විශේෂ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා වී තිබේ.

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුත්තේ කුමන ක්‍රමයටද යන කාරණය පිළිබ¼දවද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර අවාසානයේදී තීරණය වී ඇත්තේ ලබන බ්‍රහස්පතින්දා මේ ගැන අවසාන තීරණයක් ගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් තවත් පක්ෂ නායක හමුවක් පැවැත්වීමටය.

නව ඡන්ද ක්‍රමයට මෙම පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවත් සීමානිර්ණය කිරීමේ ක්‍රියාවලියට අවශ්‍ය අනුමැතිය ලබාගැනීම කඩිනමින් සිදුකළ හැකි බවත් පළාත් සභා හා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා මෙහිදී පෙන්වා දී ඇත.

එහෙත් අනෙකුත් දේශපාලන පක්ෂ නායකයන් හා නියෝජිතයන් දිගින් දිගටම ප්‍රකාශ කර තිබෙන්නේ සීමා නිර්ණය කිරීමේ ක්‍රියාවලියට අනුමැතිය ලබාගැනීමේ කාරණය හේතුවෙන් පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් දැමිය නොහැකි බවයි.

පැරැණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බවත් ඒ සඳහා කළ යුත්තේ ඊට සංශෝධනයක් පාර්ලිමේන්තුවට ගෙනැවිත් සම්මත කර ගැනීම පමණක් නිසා පැරැණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීම ප්‍රායෝගික බව පක්ෂ නායකයන් කිහිපදෙනකුම පෙන්වා දී ඇත.

ඒ අනුව පළාත් සභා මැතිවරණය පැවැත්වෙන ක්‍රමය ගැන ලබන බ්‍රහස්පතින්දා යළි තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට නියමිතය.

ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, සීමානිර්ණ කොමිෂන් සභාවේ සභාපති කේ. තවලිංගම් මහත්වරුන් මෙම සාකච්ඡාවේදී පෙන්වා දී ඇත්තේ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් මැතිවරණ ක්‍රමය සම්බන්ධයෙන් ස්වකීය අවසාන තීරණය කඩිනමින් ප්‍රකාශ කරන්නේ නම්, කවර ක්‍රමයක් යටතේ වුවද මැතිවරණ කඩිනමින් පැවැත්වීම සඳහා උපරිම දායකත්වය ලබාදිය හැකි බවයි. කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැති මෙම විශේෂ පක්ෂ නායක රැස්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක ආර්. සම්පන්දන්, පළාත් සභා හා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, නිමල් සිරිපාල ද සිල්වා, රවුෆ් හකීම්, මලික් සමරවික්‍රම, දිනේෂ් ගුණවර්ධන, අනුර කුමාර දිසානායක, ඩග්ලස් දේවානන්දා, අමීර් අලි යන මහත්වරු සහභාගි වූහ. ඊට අමතරව ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය, සීමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපති කේ. තවලිංගම් යන මහත්වරුද මෙම අවස්ථාවට සහභාගි වූහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29370,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පළාත් සභා ඡන්දය 5.
පළාත් සභා ඡන්දය 5.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjThz6LZRfXif8GxsHxaX_VxPK0r0vznnfTwQyV9kpNnosga3v6uFJgNr3f790p0-aLX_DlbCGOKmPaVadMCNLVzDC2owiZVzed0UOKGH4Hvy8NdhBOLOJzuJmA9glNN3YZu7_aHr9rLRDg/s1600/fac64bfc5c.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjThz6LZRfXif8GxsHxaX_VxPK0r0vznnfTwQyV9kpNnosga3v6uFJgNr3f790p0-aLX_DlbCGOKmPaVadMCNLVzDC2owiZVzed0UOKGH4Hvy8NdhBOLOJzuJmA9glNN3YZu7_aHr9rLRDg/s72-c/fac64bfc5c.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/5_21.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/5_21.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy