මන්නාරමේ මුසලි ප්‍රදේශයේ පිහිටි මුල්ලිකුලම් ගම්මානය නාවික හමුදාව විසින් නිදහස් කොට එම ගම්මානයේ අයිතිකරුවන්ට ලබාදීමෙන් පසුව ඔවුන් සිය ඉඩම් ...
මන්නාරමේ මුසලි ප්‍රදේශයේ පිහිටි මුල්ලිකුලම් ගම්මානය නාවික හමුදාව විසින් නිදහස් කොට එම ගම්මානයේ අයිතිකරුවන්ට ලබාදීමෙන් පසුව ඔවුන් සිය ඉඩම් එළි පෙහෙළි කිරීමට 18 දා වසර විසි හතරකට පසුව මුල්ලිකුලම් ගම්මානයට පැමිණ සිටියහ.
ඔවුන්ගේ ඉඩම් වලින් නාවික හමුදාව භාවිත කොට ඇත්තේ ඉතා කුඩා භූමි ප්‍රමාණයක් නිසා මේ වනවිට මුල්ලිකුලම් ගම්මානයම වල් බිහිවී මහා රූස්ස කැළයක් බවට පත්ව තිබේ.
මුල්ලිකුලම ගම්මානයේ පවුල් 214 ක් පදිංචිව සිටි නමුත් ඉඩම් සුද්ද කිරීමේ අවස්ථාවට පවුල් 96 කට අයත් පිරිස් පමණක් පැමිණ සිටියහ.
මේ වැසියන්ට ඔවුන්ගේ ඉඩම් අහිමි වීමෙන් පසුව ඔවුන් මන්නාරමේ කරුංගාල්,මුසලි.අඩම්පන් යන ප්‍රදේශවල තාවකාලිකව පදිංචි වී සිටියහ.
මුල්ලිකුලම් ගම්මානය ආපසු ඔවුන්ට ලැබීමෙන් පසුව රජයේ පුනරුත්ථාපන හා නැවත පදිංචි කරවීමේ වැඩ සටහන මත මාස නවයක කාලයකට වියළි සලාක පහසුකම් ලැබෙන අතර යළි පදිංචිකරවීමේ දීමනාව වශයෙන් රුපියල් 25000 ක මුදලක්ද ලැබෙනු ඇත.
තාවකාලික නිවාස ඉදිකරගෙන ඔවුන්ට අයත් ඉඩමේ පදිංචි වූ පසුව මුළුතැන්ගේ උපකරණ හා කෘෂිකාර්මික උපකරණ කට්ටල ඔවුන්ට ලැබෙන අතර අවසානයේදී ඔවුන්ට රජයෙන් ස්ථිර නිවසක්ද හිමිවෙයි.
(දිනසේන රතුගමගේ)
COMMENTS