ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කළ හැකි සුදුසුම ජනපති අපේක්ෂකයා වන්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව...
ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කළ හැකි සුදුසුම ජනපති අපේක්ෂකයා වන්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවත් හිටපු ශ්‍රීලනිප මහ ලේකම්, වාර්මාර්ග අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.
ජනතාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිබඳ තබන විශ්වාසය රකින බවට ජනාධිපතිවරයාම ප්‍රකාශ කර ඇති බවත් එනිසා එම වැඩපිළිවෙල වසර එකහමාරකින් නොනවතින බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රීලනිපයේ ඉතිහාසය අනුවත් හිටපු ජනාධිපතිවරුන් නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළ බවත් එනිසා පක්ෂයක් ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපති අපේකෂකයා ලෙස ඉදිරිපත් කිරීමේ තීරණයේ වෙනසක් නොමැති බවත් හෙතෙම පෙන්වා දුන්නේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි නිසා ඒ ගැන කතා කර පලක් නොමැති බවත් ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීම ගැන හොඳම උදාහරණය ගීතා කුමාරසිංහ මහත්මියගේ නඩුව බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
COMMENTS