ආණ්ඩුවෙන් ඉවත්ව ඒකාබද්ධ විපක්ෂයට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම කටාර් තානාපති ඒ.එස්.පී. ලියනගේ මහතාට අයත් “ශ්‍රී ලංකා කම්කරු ...
ආණ්ඩුවෙන් ඉවත්ව ඒකාබද්ධ විපක්ෂයට එක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම කටාර් තානාපති ඒ.එස්.පී. ලියනගේ මහතාට අයත් “ශ්‍රී ලංකා කම්කරු පක්ෂය” මිලට ගැනීමට උත්සාහ ගනිමින් සිටින බව වාර්තා වේ.
ආණ්ඩුවෙන් ඉවත්වන ශ්‍රීලනිප මන්ත්‍රීවරු රඳවා තබා ගැනීමට හැකි පක්ෂයක් ලෙස මෙය භාවිතා කිරීමට ද එම කණ්ඩායමේ අවදානය යොමුව ඇති බව පැවසේ.
ශ්‍රීලනිප 16 කණ්ඩායම “ශ්‍රී ලංකා කම්කරු පක්ෂය” මිලට ගැනීමේ ප්‍රයත්නයක නිරතව සිටියද එහි නිර්මාතෘවරයා එය කිසිසේත්ම විකිණීමට අදහස් නොකරණ බවද වාර්තා වේ.
ලියනගේ මහතා ජනපතිවරයාට ඉතා කිට්ටු අයෙක් බැවින් ඔහු ජනපතිවරයා කරනු ලබන ඉල්ලීමකට ද පිටු නොපානු ඇතැයි මේ අතර වාර්තා වේ.
ඔහු ශ්‍රීලනිප 16 කණ්ඩායමට දන්වා ඇත්තේ අවශ්‍ය නම් තම පක්ෂයට එක්ව එහි නිල තල ලබා ගැනීමට හැකි බවත්, පක්ෂය විකිණීම කිසිසේත්ම නොකරණ බවත් යැයි ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.
කෙසේවුවද, 16 පිලට “ශ්‍රී ලංකා කම්කරු පක්ෂය” මිලදී ගත නොහැකි නම් වෙනත් පක්ෂයක් හෝ ආරම්භ කර ඉදිරියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සන්ධාන ගතවීමට සැලැසුම් කර ඇති බවද පැවසේ.
16 පිල සමඟ ඒකාබද්ධයට ගිය සිවුදෙනෙකු නැවත ආණ්ඩුවට එක්වීමේ සූදානමක් ඇති බවද මේ අතර වාර්තා වේ.
COMMENTS