දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'පර්පචුවෙල් ගැන වැදගත් තීරණයක් ලබන සතියේ' - මහ බැංකුව
Homeගොසිප්

'පර්පචුවෙල් ගැන වැදගත් තීරණයක් ලබන සතියේ' - මහ බැංකුව

PropellerAds

ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුවේ ප්‍රධාන පාර්ශවයක් වන පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග, එළඹෙන සතියේ දී ම...

ප‍්‍රබල මුස්ලිම් ඇමතිවරුන් දෙදෙනෙකු මහින්ද හමුවේ.
ලොව මිල අඩුම වාහනය : 'නැනෝ ඉලෙක්ට්‍රික්' අද සිට වෙළෙඳපොළේ.
යෝජිත හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය හුඹසක් ද?

ආන්දෝලනාත්මක බැඳුම්කර ගනුදෙනුවේ ප්‍රධාන පාර්ශවයක් වන පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග, එළඹෙන සතියේ දී මුදල් මණ්ඩල හමුවීමෙන් පසුව තීරණය කරනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසයි.

2017 ජූලි 06 දින පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රාථමික අලෙවිකාර බලපත්‍රය මාස 06 ක කාලයකට අත්හිටුවූ අතර එළඹෙන සතියේ දී එම කාලසීමාව ගෙවී අවසන් වීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මහ බැංකු අධිපතිවරයා කියා සිටියේ ජනවාරි 06 දිනට පෙර මුදල් මණ්ඩලය රැස් වී ඒ පිළිබඳ තීරණයක් ගනු ඇති බවයි.

රජයේ විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 7.8 දක්වා ඉහළ නගී

මේ අතර රජයේ විදේශ විනිමය සංචිතය දෙසැම්බර් මස අවසන් වන විට ඇමරිකානු ඩොලර් බිලියන 7.8 දක්වා ඉහළ යනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

මහ බැංකුව විදේශ විනිමය වෙළෙඳපොලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.7 ක විදේශ විනිමය  මිලදී ගැනීම, හම්බන්තොට වරාය මෙහෙයුම කටයුතු පැවැරීම වෙනුවෙන් චීන සමාගමෙන් ලැබුණු ගෙවීම හා 2017 දෙසැම්බර් මාසයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම්වල සිව්වන වාරිකය ලැබීම හේතුවෙන් ගෙවුම් ශේෂය තවදුරටත් ශක්තිමත් වීමට හා විදේශ විනිමය සංචිතය ඉහළ යාමට හේතු වූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (28) මහ බැංකුවේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී පැවැසීය. 

මේ නිසා 2015 හා 2016 යන වසරවලදී හිඟ මට්ටමක පැවැති දළ නිල සංචිත ප්‍රමාණයෙහි අඩුවීමේ ප්‍රවණතාව වෙනස් වී තිබේ. එය 2017 වසර තුළ දී අතිරික්තයක් දක්වා වර්ධනය වී ඇති බවද ආචාර්ය කුමාරස්වාමි මහතා පෙන්වා දුන්නේය. 

මේ අනුව පවතින සාර්ව ආර්ථික වාතාවරණය පිළිබඳව සලකා බලා දැනට පවතින මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය බව දෙසැම්බර් 27 දා පැවැති මහ බැංකුවේ මුදල් මණ්ඩල රැස්වීමේදී පිළිගනු ලැබූ අතර ශ්‍රී ලංකා මහබැංකුවේ ප්‍රතිපත්ති පොළි අනුපාතික වෙනස් නොකොට දැනට පවතින මට්ටමේම පවත්වාගෙන යාමට එහිදී තීරණය වූ බව ද මහබැංකු අධිපතිවරයා තවදුරටත් සඳහන් කෙළේය.

එසේම 2017 වසරේ මුල් මාස 10 තුළ රජයේ ආදායම 11.3% කින් වර්ධනය වී ඇත. එයට ප්‍රධානහේතුව බදු ආදායම ඉහළ යාමයි. මේ වසරේ ජනවාරි සිට ඔක්තෝබර් දක්වා වූ මාස 10 තුළ රජයේ බදු ආදායම රුපියල් බිලියන 1370.3 කි. 2016 වසරේ එම කාලය තුළ බදු ආදායම ලෙස ලැබී ඇත්තේ රුපියල් බිලියන 1199.9ක් බව ද මහ බැංකු අධිපතිවරයා කීය. 

මෙසේ ආදායම රැස් කිරීම ඉහළයෑම නිසා රාජ්‍ය මූල්‍ය අංශයේ කැපීපෙනෙන වර්ධනයක් සිදුවිය. 

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ කුමාරස්වාමි මහතා දැනට ඉහළ ගොස් ඇති උද්ධමනය, මහ බැංකුවේ දැඩි මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක වනවිට ලබන වසර මුල් භාගයේ දී පහත වැටීමට ඉඩ ඇති බවද පැවැසීය.


මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, නියෝජ්‍ය අධිපති සී.පී.ජේ. සිරිවර්ධන යන මහත්වරුන් හා ආර්ථික පර්යේෂණ අධ්‍යක්ෂ ආචාර්ය වයි.ඇම්.ඉන්ද්‍රරත්න මහත්මිය ද මෙහිදී අදහස් දැක්වූහ. 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29339,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'පර්පචුවෙල් ගැන වැදගත් තීරණයක් ලබන සතියේ' - මහ බැංකුව
'පර්පචුවෙල් ගැන වැදගත් තීරණයක් ලබන සතියේ' - මහ බැංකුව
http://ift.tt/2BQhVRq
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_483.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_483.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy