දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සියළු සිසුන්ට 13 වසරක අධ්‍යාපනය : උපාධිධාරීන් 1500 කට ගුරු පත්වීම්.
Homeගොසිප්

සියළු සිසුන්ට 13 වසරක අධ්‍යාපනය : උපාධිධාරීන් 1500 කට ගුරු පත්වීම්.

PropellerAds

සාමාන්‍ය පෙළ විභාගය අසමත්වීමෙන් පසුව මහාමාර්ගවල රස්තියාදු වනවාට වඩා වෘත්තීය විෂයක් හැදෑරීමෙන් තම අනාගතය සාර්ථකකර ගැනීමේ අවස්ථාව රටේ තරුණ ...

බොල්ගොඩ ගං ඉවුරේ කසිප්පු ස්කාගාරය වටලන්න ධීවර වෙස්ගත් පොලිස් මෙහෙයුම
අධිවේගී අනතුරින් මියගිය ගාල්ලේ ගුරුමාතාව
කොඩිවිනයක් කිරීම නිසා ව්‍යාපාර බංකොලොත් වුවායි බාප්පාගේ පුතුන් දෙදෙනාට පහර දීලා

සාමාන්‍ය පෙළ විභාගය අසමත්වීමෙන් පසුව මහාමාර්ගවල රස්තියාදු වනවාට වඩා වෘත්තීය විෂයක් හැදෑරීමෙන් තම අනාගතය සාර්ථකකර ගැනීමේ අවස්ථාව රටේ තරුණ පරපුරට උදාකර දීම තම රජයේ අරමුණ බව පැවසූ අග්‍රාමාත්‍යවරයා රටේ අධ්‍යාපනයේ ප්‍රමිතිය වෙනුවෙන් නව නීති සකස් කරමින් "අධ්‍යාපන ප්‍රමිති පනත" ඉදිරියේදී රටට ඉදිරිපත් කරන බව අගමැතිවරයා පැවසීය.

අපොස උසස් පෙළට වෘත්තීය විෂයන් ආරම්භ කරමින් ඒ සඳහා උපාධිධාරීන් 1500 කට ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය කරමින් අද(20) අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ දේශනය පහත දැක්වේ.

අද දිනයේ වෘත්තීය විෂයන් සඳහා උපාධිධාරි ගුරුවරුන් බඳවා ගැනීමෙන් වසර 13ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමේ වැඩසටහන අපි ආරම්භ කරනවා. සාමාන්‍ය පෙළ විභාගයෙන් අනතුරුව ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් 50% පමණ පාසල් අධ්‍යාපනය අතහැර යනවා. එය ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ විශාල අඩුපාඩුවක්. රටේ ප්‍රධාන පාසල්වල සාමාන්‍ය පෙළ සමත්වීමේ ප්‍රතිශතය 90% – 100% පමණ වුවත් රටේ අනෙකුත් විද්‍යාලවල සාමාන්‍ය පෙළ සමත්වීමෙන් පසු උසස් පෙළ සඳහා යොමුවුණ ශිෂ්‍ය සංඛ්‍යාව 50% අඩු ප්‍රතිශතයක් ගන්නවා. එවිට රැකියා අහිමිවීමෙන් බොහෝ පිරිසක් අතරමං වෙනවා. අද ශ්‍රී ලංකාවේ විරැකියාව විශාල ප්‍රශ්නයක් බවට පත්වී තිබෙන්නේ සාමාන්‍ය පෙළ අසමත්වීමේ ප්‍රතිශතය නිසායි.

නමුත් රටේ මිනිස් සම්පත අපතේ යැවීම විශාල අර්බූදයක්. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රමුඛ අපේ රජය බලයට පත්වීමෙන් පසුව වසර 13ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමට අප තීරණය කළේ ඒ නිසයි. සාමාන්‍ය පෙළ විභාගය සමත්, අසමත් භාවය තීරණය කරන විභාගයක් බවට පත්වනවා නම් බොහෝ දෙනෙකුගේ අධ්‍යාපනය වසර 11 කින් නිමාවට පත්වෙනවා. එම නිසා සාමාන්‍ය පෙළ විභාගය සමත් අසමත් භාවය තීරණය නොකරන විභාගයක් බවට පත්කිරීමට අප තීරණය කර තිබෙනවා.

මහාචාර්යවරයාටත් සාමාන්‍ය පෙළ සමත් කෙනාගේ සේවය අවශ්‍යයි

මේ හරහා, සාමාන්‍ය පෙළින් පසුව තමා විශ්වවිද්‍යාල සඳහා තේරීපත්වීමට උසස් පෙළට යොමු වෙනවාද නැතහොත් වෘත්තීය විෂයන් සඳහා යොමු වෙනවාද, යන්න ශිෂ්‍යයන්ටම තීරණය කිරීමට හැකි වෙනවා. වෘත්තීයවේදී විෂයන් අලූතින් හඳුන්වාදීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ හරහා වසර 13ක් පාසල තුල අධ්‍යාපනය ලබාගැනීමට ශිෂ්‍යයන්ට හැකියාව ලැබෙනවා. එවිට තම දක්ෂතාවය හඳුනාගෙන ඉදිරියට යාමට ඔවුන්ට හැකියාව ලැබෙනවා. ක්‍රීඩාවට, කාර්මික ක්ෂේත්‍රයට, කලාවට දක්ෂ නමුත් උසස් පෙළ අධ්‍යාපනය ලබා ගැනීමට වරම් නොලැබූ බොහෝ පිරිසක් රටේ සිටිනවා.

අප වෘත්තියෙන් මහාචාර්යවරයෙකු වුවත් භාවිත කරන යතුරුපැදිය හෝ මෝටර්රථය අලූත්වැඩියා කර ගත යුත්තේ සාමාන්‍ය පෙළ අසමත් කාර්මික ශිල්පියෙක් හරහා විය හැකියි. එසේ නම් රටක පැවැත්මට මහාචාර්යවාරයාත්, කාර්මිකයාත් යන දෙදෙනාම අවශ්‍ය වෙනවා. නමුත් අපේ රටේ පෙර පැවති අධ්‍යාපන ක්‍රමයට අනුව කාර්මික අධ්‍යාපනයට ඇල්මක් දක්වන ශිෂ්‍යයන්ට සාමාන්‍ය පෙළ අසමත් වුවහොත් ඉදිරියට යෑමක් තිබුණේ නැහැ. නමුත් අපේ රජය යටතේ ඔවුන්ට එම අවස්ථාව ලබාදී තිබෙනවා. මේ හරහා ජීවිතයේ ඉදිරියට යාමට ඔවුන්ට මාර්ගයක් නිර්මාණය වී තිබෙනවා. මේ හරහා අපේ අධ්‍යාපන ක්‍රමයේ විශාල වෙනසක් ඇති වෙනවා.

අපේ ක්‍රමය ෆින්ලන්ත ක්‍රමය

වෘත්තීය උසස් පෙළ හා සාමාන්‍යපෙළ යනුවෙන් අංශ දෙකක් දැන් එංගලන්තයේ තිබෙනවා. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව උසස් පෙළ විෂය ධාරාව තුල විශ්වවිද්‍යාලයට යාමට අවශ්‍ය විෂයන් සහ වෘත්තීය දැනුම ලබාගැනීම සඳහා අවශ්‍ය විෂයන් යන කාණ්ඩ දෙකම ඊට ඇතුලත් වෙනවා. අපත් උසස් පෙළ විෂය ධාරාව තුල විශ්ව විද්‍යාලයට සහ වෘත්තීයවේදයට අවශ්‍ය විෂයන් ඇතුලත් කිරීමට කටයුතු කරනවා. මෙහිදී අප භාවිත කරන්නේ එංගලන්ත ක්‍රම වේදය නොවෙයි. අප භාවිත කරන්නේ ලෝකයේ හොඳම අධ්‍යාපන ක්‍රමය සහිත ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමයයි. ෆින්ලන්තය තුල සියලූම දෙනා අධ්‍යාපනය ලබාගත යුතුයි.

ඒ අනුව උදාහරණයක් ලෙස සිංහල හෝ දෙමළ ලෙස එක් විෂයක් තෝරා ගෙන අනෙක් විෂයන් සඳහා වෘත්තීය විෂයන් තෝරා ගැනීමට ඉදිරියේදී හැකියාව ලැබෙනවා. මෙම වැඩසටහන හරහා තෝරා ගැනීමට පහසු විෂයන්වල මිශ්‍රණයක් ශිෂ්‍යයන්ට ලැබෙනවා. මෙය තම අනාගතය සාර්ථක කර ගැනීමට ශිෂ්‍යයන්ට විශාල අවස්ථාවක් වනවා. වෘත්තීය විෂයන් සඳහා අනාගතයේදී විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාදීමටත් අප බලාපොරොත්තු වෙනවා.

මේ සම්බන්ධයෙන් ෆින්ලන්තයේ පැවති සාකච්ඡාවලට මම සහභාගි වුණා. ඉන් පසුව ෆින්ලන්ත නියෝජිතයන් මෙරටට පැමිණ ගිවිසුමකට ද එළඹුණා. එම ගිවිසුමට අනුව අප ඉදිරියේදී වෘත්තිය විෂයන් ආරම්භ කරනවා. නමුත් ඒ සඳහා වෘත්තීය දැනුම සහිත ගුරුවරුන් අවශ්‍යයි. එවැනි ගුරුවරුන්ගේ හිඟයක් පැවතුණා. ඒ අනුව වෘත්තීය විෂයන් සමත් උපාධිධාරින් බඳවා ගැනීමට අප තීරණය කළා. ඒ අනුව අප මෙම වැඩසටහන ආරම්භ කරන්නේ ඔබත් සමගයි. ඉදිරියේදී වෘත්තීය විෂයන් ඉගැන්වීම සඳහා ඔබට පුහුණුවක් ලබාදෙනවා. ඒ වෙනුවෙන් සියලූ දෙනාටම සහතිකයක් ද ලබා දෙනවා. විශ්වවිද්‍යාලයේ උපාධියක් සහිත ගුරුවරුන්ට වෘත්තීය විෂය පිළිබඳව පශ්චාත් උපාධියක් ලබාදීමට අප කටයුතු කරනවා. තම උසස්වීම් ආදියට එය ඉදිරියේදී වැදගත් වෙනවා.

13 වසරක නිදහස් අධ්‍යාපන  ක්‍රමය ක්‍රියාත්මක වන දකුණු  ආසියාවේ පළමු රට

අපට ගුරුවරුන් 2000ක් අවශ්‍ය වුණා. මේ ස්ථානයේ 1500ක් සිටිනවා. ඉදිරියේදී අනෙක් පිරිස බඳවා ගැනීමත් අප සිදු කරනවා. ඔබ සියලූ දෙනාම මෙම වැඩසටහනේ නියාමකයන් ලෙස හැදින්විය හැකියි. ඒ උසස් පෙළ වෘත්තීය විෂයන් සඳහා පළමුවෙන් ඉගැන්වීම් කරන කණ්ඩායම ඔබවන නිසායි. එය ක්‍රමය ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවෙන්ම පළමුවෙන් ක්‍රියාත්මක වන රට ශ්‍රී ලංකාව නිසා මේ පිළිබඳව ඔබ දකුණු ආසියාවේම නියාමකයන් ලෙසද හැදින්විය හැකියි. ආසියාවේ අනෙක් රටවල්වල මෙම ක්‍රමය තිබුණත් දකුණු ආසියාව තුල ක්‍රියාත්මක වන්නේ නැහැ. අප අද මෙය ආරම්භ කළ විට අනෙක් රටවලත් ඉදිරියේදී මෙම ක්‍රමය ආරම්භ කිරීමට ඉඩ තිබෙනවා. එම නිසා මෙම ක්‍රමවේදය සාර්ථක කර ගැනීමට අප කටයුතු කළ යුතුයි. එහි සාර්ථකත්වය රදා පවතින්නේ ඔබ මතයි.

මෙම ක්‍රමවේදය සාර්ථක වූ විට වෘත්තිය විෂයන් උගන්වන ගුරුවරුන්ට විශාල ඉල්ලූමක් ඇති වෙනවා. ඒ අනුව රටේ අධ්‍යාපනය නව මාවතකට යොමු වෙනවා. ෆින්ලන්තය සහ තවත් රටවල් කිහිපයක් මේ වෙනුවෙන් ආධාර උපකාර ලබා දෙනවා. පුහුණුවීම්, විෂය පාඨමාලා ආදිය ඔබට ලබාදීමෙන් පසුව මෙම ක්‍රමය ඉදිරියට ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව ඉදිරියේදී තවත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ලක්ෂ එකහමාරකට පමණ අධ්‍යාපනය ලබාගැනීමේ වරම හිමිවෙනවා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ නව ගොඩනැගිලි අවශ්‍ය පාසල් හඳුනාගෙන ඒවා ලබාදෙන මෙන් මම අමාත්‍යතුමාට උපදෙස් ලබාදුන්නා. අප ආරම්භ කරන නව අධ්‍යාපන ක්‍රමවේදයට අවශ්‍ය උපකරණ ආදියත් ලබාදෙනවා.

මහාමාර්ගවල රස්තියාදු වෙනවාට වඩා පාසලක් තුල ක්‍රීඩා, සෞන්දර්ය ආදි විෂයන් වලින් වෘත්තීය අධ්‍යාපනයක් ලබාගැනීම ඉතා වැදගත් බව මගේ විශ්වාසයයි. රටක තරුණ පරපුරේ අනාගතය හොදින් නිර්මාණය වන්නේ ඒ ආකාරයටයි. ඔවුන්ගේ අනාගතය හැඩගැස්වීම අපේ කාර්යභාරයයි. එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන අමාත්‍යතුමාත්, අමාත්‍යාංශයත් විශාල සේවයක් ඉටු කරනවා. අධ්‍යාපන අමාත්‍යතුමා රටේ අධ්‍යාපනය නව මාවතකට යොමු කර තිබෙනවා. එය ඉදිරියට ගෙන යාම සඳහා සියලූම නිලධාරින් පුහුණු කළ යුතුයි. ඒ හරහා අපට මෙම ක්‍රමවේදය සාර්ථක කරගත හැකියි.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය රාධක්‍රිෂ්ණන් අමාත්‍යතුමාත් මෙම වැඩකටයුතු වෙනුවෙන් විශාල සහයෝගයක් ලබාදෙනවා. ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වතාවට මේ රටේ අධ්‍යාපන අමාත්‍යාංශයට දමිළ අධ්‍යාපනය දියුණු කිරීමේ අරමුණින් දමිළ අමාත්‍යවරයෙක් පත්කර තිබෙනවා. එම නිසා දමිළ අධ්‍යාපනයේ අඩුපාඩුකම් මගහරවා ගැනීමට අපට හැකියාව ලැබෙනවා. මීට පෙර මෙවැනි තත්වයක් තිබුණේ නැහැ.

ඒවගේම මේ රටේ අධ්‍යාපනයේ ප්‍රමිතිය ඉහල නැංවීමටත් අප කටයුතු කරනවා. ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එකතුවෙන් ෙඅධ්‍යාපන ප්‍රමිතිපනතෙ ඉදිරිපත් කරනවා. ඒවගේම ගුරුවරුන් පුහුණු කිරීම, පුහුණු ගුරුවරුන් බඳවා ගැනීම, නුපුහුණු ගුරුවරුන් බඳවා ගැනීම තහනම් කිරීම, අවුරුදු 13ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීම ආදී මේ සියලූ කටයුතු වෙනුවෙන් අප නීති සම්පාදනය කරනවා.
ඇතැම් මාධ්‍ය ගැන කණගාටුයි මම සාමාන්‍යයෙන් මාධ්‍යයට දෝෂාරෝපනය කළත් මෙම අවස්ථාවේ මාධ්‍යයට ස්තුතිය පිරිනමනවා. ඒ මෙම වැඩසටහන් වෙනුවෙන් මාධ්‍ය විශාල සහයෝගයක් ලබාදීම නිසායි. සියලූම මාධ්‍ය එම කටයුත්ත සිදු නොකළත් ප්‍රධාන පෙලේ මාධ්‍ය ආයතන සියල්ල මේ සම්බන්ධයෙන් සිය මාධ්‍ය ආවරණය ලබා දුන්නා. නමුත් මම කණගාටුවට පත්වන එක් කරුණක් තිබෙනවා. ඒ මෙම වසර 13ක පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමට විරුද්ධව සන්ඩේ ටයිම්ස් පුවත්පත අදහස් දැක්වීමයි. මෙම වැඩසටහනට ඔවුන් විරුද්ධවීම සම්බන්ධයෙන් මම කණගාටුව ප්‍රකාශ කරනවා. තත්වය අවබෝධ කරගත් පසු වසර 13 පාසල් අධ්‍යාපනය අනිවාර්ය කිරීමේ වැඩසටහනට ඔහුත් සහයෝගය ලබාදේවි යැයි මම විශ්වාස කරනවා.

අද දිනයේ පත්වීම් ලබා ගන්නා ඔබ හරහා මේ රටේ අධ්‍යාපනය නව මාර්ගයකට යොමු වෙනවා. රටේ ලක්ෂ සංඛ්‍යාත දරු පරපුරකට ඔබ හරහා දැනුම ලැබෙනවා. ඒ හරහා අවසානයේ මේ රට දියුණුව කරා ගමන් කරනවා. අවසාන වශයෙන් ඔබ සියලූ දෙනාටම මම සුභ ප්‍රාර්ථනා කරනවා.
මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්නන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගි වී සිටියහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සියළු සිසුන්ට 13 වසරක අධ්‍යාපනය : උපාධිධාරීන් 1500 කට ගුරු පත්වීම්.
සියළු සිසුන්ට 13 වසරක අධ්‍යාපනය : උපාධිධාරීන් 1500 කට ගුරු පත්වීම්.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgT8xuF0TXGhPyHQ2rEoPtBRV73zjufmLmCh86NjYNHjec-qbiH2A1qFfVp02kXkDw_sjrBOEr7pL3V2XYERd_hxlcC6MdrFOwrHFEzN7-1EPxNlho_wuWm11M7fxpb9W-yFgavXBg8GuNj/s1600/My3+147+%25282%2529.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgT8xuF0TXGhPyHQ2rEoPtBRV73zjufmLmCh86NjYNHjec-qbiH2A1qFfVp02kXkDw_sjrBOEr7pL3V2XYERd_hxlcC6MdrFOwrHFEzN7-1EPxNlho_wuWm11M7fxpb9W-yFgavXBg8GuNj/s72-c/My3+147+%25282%2529.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/13-1500.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/13-1500.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy