පාසැල් ඇතුලූ රජයට අයත් විවිධ ආයතනවල පිහිටි භූමිවල අයිතිය කියා පෑමට ඔප්පුවක් නොමැති ආයතන 12,000 ක් පමණ මේ වන විට තම අයිතිය තහවුරු කර ගැනීම ...
පාසැල් ඇතුලූ රජයට අයත් විවිධ ආයතනවල පිහිටි භූමිවල අයිතිය කියා පෑමට ඔප්පුවක් නොමැති ආයතන 12,000 ක් පමණ මේ වන විට තම අයිතිය තහවුරු කර ගැනීම සඳහා ඔප්පු ලබා දෙන ලෙසට ඉල්ලූම්පත් ඉදිරිපත් කර ඇති බව ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ පැල්මඩුල්ල ගන්කන්ද විද්‍යාලයේ පැවති ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ඉඩම් සදහා ඔප්පු ලබාදීම වෙනුවෙන් දැනුවත් කිරීමේ වැඩසටහනකදීය.
එහිදී අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය.
“ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් කිසිදු හේතුවක් මත නොමිලේ ලබා දිමට නීතිමය ප‍්‍රතිපාදන නොමැති හෙයින් ඉඩම්ලාභින් තෝරා ගැනීමේ දි අඩු ආදායම් සීමාව රුපියල් පන්දහසේ සිට විසිපන්දහස දක්වා ඉහළ දමමින් වැඩි පිරිසකට ඉතා අඩු මුදලකට ඉඩම් කැබැල්ලක් ලබා දීමට අපි කටයුතු කරනවා. එපමණක් නොව රජයේ විශ‍්‍රාමිකයින් සහ ආබාධිත රණවිරුවන් ද,මුලික වැටුප රුපියල් විසිපන්දහසට අඩු රජයේ සේවකයින් ද අඩු ආදායම්ලාභින් ලෙසට ගැනෙන හෙයින් මෙරට ඉඩම් කැබැල්ලක් අහිමි ලක්ෂ ගණනකට සෙත සැලසෙනවා.“
COMMENTS