දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බොරතෙල්වලට ගෙවන්න ඩොලර් නෑ.. රුපියල්වලට බොරතෙල් දෙන අය සොයනවා…
Homeප්‍රවෘත්ති

බොරතෙල්වලට ගෙවන්න ඩොලර් නෑ.. රුපියල්වලට බොරතෙල් දෙන අය සොයනවා…

PropellerAds

සපුගස්කන්ද පිරිපහදුව විකුණන්න යනවා, සදාකාලිකව වහන්න යනවා ආදී වශයෙන් හුඹස් බිය පළ කල ඇතැමුන්ට කතාවෙන් නොව ක්‍රියාවෙන් පිළිතුරු ලබා දී ඇතයි ...

ඊයේ වාර්තා වුණු රෝගීන් 10න් 9ක්ම ජා ඇල ආසාදිතයාට සම්බන්ධ අයයි - හමුදාපති
”කොරෝනාවලට මුවාවී හමුදාපතිට සේවා දිගුවක් දෙන්න ඉඩ දෙන්නේ නෑ” කියා බිමල් කියලාද ? මෙන්න ඇත්ත
පුවත්පත් වාර්තා වැරදියි - කොරෝනා අවදානම ඉවර නැහැ - අනිල් ජාසිංහ ඇත්ත තත්වය හෙලි කරයි
සපුගස්කන්ද පිරිපහදුව විකුණන්න යනවා, සදාකාලිකව වහන්න යනවා ආදී වශයෙන් හුඹස් බිය පළ කල ඇතැමුන්ට කතාවෙන් නොව ක්‍රියාවෙන් පිළිතුරු ලබා දී ඇතයි බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා සදහන් කර සිටියේය.

ඒ් මහතා මේ බව සදහන්කර සිටියේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු 07 දින යළි අරඹමිනි.

අමාත්‍යවරයා වැඩි දුරටත් මෙසේ සදහන් කර සිටියේය.

සැප්තැම්බර් 29 වැනිදා මම මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා බොහෝ දුරට මාස තුනක් ඇතුළත අපිට තෙල් පිරිපහදුව වසා දමන්න වේවි කියලා. ඒ අනුව අපට නොවැම්බර් 15 වැනිදා තාවකාලිකව තෙල් පිරිපහදුව වහන්න වුණා. නොවැම්බර් 15 වැනිදා මම ප්‍රකාශ කළා අපි දින 50ක් ඇතුලත තෙල් පිරිපහදුවේ වැඩ කටයුතු ආරම්භ කරනවා කියලා. ඒ රටට දුන්න පොරොන්දුව අකුරට ඉටුකරමින් 22 වන දිනය වන අද දවසේ අපිට නැවතත් තෙල් පිරිපහදුව ආරම්භ කරන්න පුළුවන් වුණා. මේ වන විට ඩොලර් මිලියන 59ක් අපි වැයකරලා බොරතෙල් බැරල් ලක්ෂ හතක් ගෙනාවා. අපි අඩු ධාරිතාවකින් මේ දිනවල කටයුතු කරන නිසා දින 26 කට ප්‍රමාණවත් බොරතෙල් මේ අවස්ථාවේ අපි ගෙනැවිත් තියෙනවා. අපේ ටැංකිවල තියෙනවා.

ඒ වගේම වැස්ස අවසන් වූ නිසා විදුලිබල මණ්ඩලයටත් දැවි තෙල් අවශ්‍යතාවය ඒන්න පුළුවන්. දැනටත් අපි ගාව දැවි තෙල් ටොන් 65000 ක් තියනවා. නමුත් ඉදිරිය සඳහා අවශ්‍ය වීම පිළිබඳ අපේ අවධානයට යොමු වුණා. මෙතැන් සිට අඛණ්ඩව බොර තෙල් සැපයීමක් අපි සහතික කරන්න අවශ්‍ය පියවර ගනිමින් තියෙනවා. අපිට සැපයුම්කරුවන් ඉන්නවා. ප්‍රශ්නෙ තියෙන්නෙ ඔවුන්ට ගෙවීමට තියෙන ඩොලර් නැති නිසා විසඳුම විදිහට රුපියල් වලින් ගෙවීම් ලබා ගන්න කැමති සැපයුම්කරුවන් හොයනවා එක පැත්තකින් .

දෙවනුව දීර්ඝකාලීන කොන්ත්‍රාත් ක්‍රමයට බොර තෙල් ලබා ගැනීමට අපි මේ දිනවල සාකච්ඡා පවත්වමින් යනවා. ඉතින් අපේ බලාපොරොත්තුව අඛණ්ඩව තෙල් පිරිපහදුව පවත්වාගෙන යන්න. එයට යම් ගැටලුවක් මතුවෙනවා නම් කට කතාකරුවන්ට කලින් ගිය පාර වගේම අපි නැවතත් රටට ඇවිත් කියනවා අපිට දුෂ්කරතාවයක් තියෙනවා අපිට තාවකාලිකව වහන්න වේවි කියලා. නමුත් දැනට අපිට එහෙම ප්‍රශ්නයක් නෑ.අපි අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සමග මේ තෙල් පිරිපහදුව පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

ප්‍රශ්නය- ඇමතිතුමනි මේ බොරතෙල් කොහේ සිට ද ලංකාවට ගෙනාවේ ?

පිළිතුර – අපි පාවිච්චි කරන්නේ මර්බන් කියන බොර තෙල් වර්ගය තමයි. මර්බන් තියෙන්නේ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ.

ප්‍රශ්නය – ඇමතිතුමනි මේ මිල සම්බන්ධව කිව්වොත් ලංකාවට සරිලන මිලක් ද තියෙන්නේ?

පිළිතුර – අපි සාමාන්‍යයෙන් මිලදී ගන්නේ ලෝක වෙළඳපළේ මිල. ඒ කියන්නේ සිංගප්පූර් ප්ලැට්ස් අනුව තමයි අපේ මිල තීරණය වෙන්න. එය ජාත්‍යන්තර වෙළෙඳපළේ ඉල්ලුම සැපයුම අනුව තීරණය වන ජාත්‍යන්තර වශයෙන් දිනපතා ප්‍රකාශයට පත් කරන මිල ගණන් අනුව තමයි. දෙසැම්බර් මාසේ බොර තෙල් මිලදී ගැනීමක් කරනවා නම් ඒ මිල කුමක්ද කියන එක දින අනූවකට කලින් ප්‍රකාශයට පත් කරනවා. ඒ නිසා එය ජාත්‍යන්තරව තීරණය කරපු මිලක්.

ප්‍රශ්නය – ඇමතිතුමා ජාතියේ ගිනි දැල්ල ලෙස හැඳින්වූ සපුගස්කන්ද ගිනිදැල්ල නිවා දැමුනේ ඇයි ?

පිළිතුර – අපිට ගේන්න බැරි උනේ අපිට සැපයුම්කරුවන් සොයාගන්න බැරි වෙලාවත්, ආයතනයේ අභ්‍යන්තර ප්‍රශ්නයක් ඇතිවෙලාවත්, කාර්මික තාක්ෂණික ප්‍රශ්නයක් ඇතිවෙලාවත් නෙමෙයි. රටේ ඇතිවෙලා තියෙන විදේශ විනිමය හිඟතාවයක් නිසා. ඒ ඩොලර් හිඟය ඇති කරන්න මගේ කිසිම දායකත්වයක් නැහැ.

පහුගිය මාසයේ අපිට ඩොලර් මිලියන තුන්සිය විසි අටක් වැය කරලා තියෙනවා ඉන්ධන ගේන්න. ඒක රටේ සමස්ත ආනයන වියදමින් 30% ටත් වඩා වැඩියි. එවැනි පදනමකදීත් අපේ රටේ ඉන්ධන හිඟයක් ඇති නොවීමට අපි වගබලාගෙන තියෙනවා. අපිට වඩා බලවත් ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය පවා ඉන්ධන හිඟයක් ඇති වුණා.නමුත් ශ්‍රී ලංකාවේ රටේ තෙල් ඇත්තෙත් නෑ, රටට විදේශ විනිමය ඇත්තෙත් නෑ ,ප්‍රමාණවත් පිරිපහදු ඇත්තෙත් නෑ, ගබඩා පහසුකම් ඇත්තෙත් නෑ. ඒත් අපි අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරල තියෙනවා. ඩොලර් නැති වීම අමාත්‍යාංශය මට්ටමෙන් විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. ඒකට ඇමතිවරයාවත් සභාපතිවරයාවත් වගකිව යුතු ප්‍රශ්නයක් නෙවෙයි.

ප්‍රශ්නය – ඇමතිතුමනි ඔබතුමාට චෝදනාවක් එල්ල වෙනවා වෘත්තීය සමිති සියල්ලෙන්ම සපුගස්කන්ද පිරිපහදුව වැසුවට පස්සේ සපුගස්කන්ද පිරිපහදුව සදාකාලික වැස්මක් සිද්ධ වෙනවා කියන කාරණාව. දැන් හොඳ පිළිතුරක් දෙන්න පුළුවන් ඔබතුමාට.

පිළිතුර – අර කියමනක් තියෙන්නේ කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියලා.පිරිපහදුව විකුණන්න යනවා,සදාකාලිකව වහන්න යනවා යන ආදී වශයෙන් හුඹස් බිය වල් සමහරු පළ කළා.අර තල් ගෙඩියක් බිමට වැටුනහම ලෝකෙ පෙරලුනා කියලා හාවා දුවපු ආකාරයට හැසිරෙන ඉතා සුළු පිරිසක් මේ ආයතනයේ සිටීම ඉතාම කණගාටුවට කාරණයක්. නමුත් අපි කතාවෙන් නෙමෙයි ක්‍රියාවෙන් ඔවුන්ගේ ප්‍රකාශ බොරු බවට අද ඔප්පු කරලා තිබෙනවා.

ප්‍රශ්නය – පිරිපහදුව වැඩ ආරම්භ කරාට පස්සේ කොපමණ කාලයකින් තෙල් ලබා දෙන්න පුළුවන් වෙයිද?

පිළිතුර – මේකට පැය හතළිස් අටක් පමණ ගත වෙනවා.ඔබ අද අපි තෙල් පොම්ප කරනවා දැක්කා.ගිනි දැල්ල දකින්න තව පැය හතළිස් අටක් පමණ ගත වේවි.ඉන්පසු අපට පිරිපහදුවේ තෙල් නිෂ්පාදන වෙළඳපලට නිකුත් කරන්න පුළුවන්.

– media unit
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බොරතෙල්වලට ගෙවන්න ඩොලර් නෑ.. රුපියල්වලට බොරතෙල් දෙන අය සොයනවා…
බොරතෙල්වලට ගෙවන්න ඩොලර් නෑ.. රුපියල්වලට බොරතෙල් දෙන අය සොයනවා…
https://blogger.googleusercontent.com/img/a/AVvXsEg2GddahiYy-5LeaoNDRJ04WRzw3cGgfYxPA87nirpyuWMm0SBLMOvZ34EAZ7PknDEdwFzv0Q0Qj6R46PAAPklOVmDHISNCOhwK0W2BWDORDKg9zElCFmGuNZFScHMG8YNuRhHrGmFlVIUouVJuZC5dFpjWjELAwjOCq80pRRjabjASwjao0CUl5mqY3A=s320
https://blogger.googleusercontent.com/img/a/AVvXsEg2GddahiYy-5LeaoNDRJ04WRzw3cGgfYxPA87nirpyuWMm0SBLMOvZ34EAZ7PknDEdwFzv0Q0Qj6R46PAAPklOVmDHISNCOhwK0W2BWDORDKg9zElCFmGuNZFScHMG8YNuRhHrGmFlVIUouVJuZC5dFpjWjELAwjOCq80pRRjabjASwjao0CUl5mqY3A=s72-c
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_39.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/12/blog-post_39.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy