යාපනය මල්ලාකම් මන්සන්ධියේදී පසුගිය 17 වනදා රාත්‍රියේ පොලිස් වෙඩි පහරකින් මිය ගිය තරුණයාගේ අවසන් කටයුතු ඊයේ (19) සවස මල්ලාකම් පොදු සුසාන භූ...
යාපනය මල්ලාකම් මන්සන්ධියේදී පසුගිය 17 වනදා රාත්‍රියේ පොලිස් වෙඩි පහරකින් මිය ගිය තරුණයාගේ අවසන් කටයුතු ඊයේ (19) සවස මල්ලාකම් පොදු සුසාන භූමියේදී විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් සිදු විය.
මිය ගිය තරුණයාගේ අවසන් කටයුතු සිදු වන අවස්ථාවේදී කිසිවෙක් විරෝධය පෑමෙන් වැලකී සිටි අතරම ප්‍රදේශයේ තරුණයින් ඇතුලු 500 ක් පමණ දෙනා සහභාගී වී සිටියහ.
පසුගිය 17 වැනිදා රාත්‍රියේ මල්ලාකම් ප්‍රදේශයේ දේවස්ථානයක පැවැත්වූ වාර්ෂික මංගල්‍යය අවස්ථාවකදි දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබුනු අතර එය පාලනය කිරීමට එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ද ගැටුමට සම්බන්ධ පිරිස් පහර දි ඇති අතර එම අවස්ථාවේදී තරුණයෙකු විසින් පොලිස් නිලධාරියෙකුට පහරදී පිස්තොල්ය උදුරා ගැනීමට තැත් කල අවස්ථාවේදී පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් 25 හැවිරිදි ජේරාජ් පාක්‍යරාජා සුදර්ශන් නැමති තරුණයා මිය ගිය අතර අදාල සිදුවීමේදී ගැටුමට සම්බන්ධ වූ තරුණයින් පස් දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කොට ඇත.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS