වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ගේ ප්‍රතිකාර කටයුතුවල සියලු වියදම් රජය මගින් දරන බව ...
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු කතරගම කිරිවෙහෙර රජමහා විහාරාධිපති කොබවක ධම්මින්ද නාහිමියන්ගේ ප්‍රතිකාර කටයුතුවල සියලු වියදම් රජය මගින් දරන බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය.
ඊට අමතරව උන්වහන්සේ හම්බන්තොට මහ රෝහලේ සිට කොළඹ පෞද්ගලික රෝහලකට ගුවනින් ගෙන ඒමට වියදම් වු මුදල ද ගෙවීමට තීරණය කර ඇති බවද ඇමැතිවරයා කීය.
ඒ සඳහා රුපියල් ලක්ෂ පහ හමාරකට ආසන්න මුදලක් වැයවී ඇති බවද හෙතෙම කීය.
කිරි වෙහෙර රාජ මහා විහාරාධිපති හිමියන් සිදුවු හදිසි අනතුර සම්බන්ධයෙන් බුද්ධ ශාසන අමාත්‍යාංශය ගන්නා පියවර පිළිබඳ ඇමැතිවරයාගෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා ඒ බව කීය.
COMMENTS