දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඉල් පොහොය අදයි
Homeප්‍රවෘත්ති

ඉල් පොහොය අදයි

PropellerAds

ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදුවී ඇති ඉල් පුර පසළොස්වක පොහොය අදට (14) යෙදී ඇත.ඉල් පුර පසළොස්වක පොහොය වස්සාන සෘතුවේ අවසාන පොහොයයි....

මේ ආණ්ඩුව අසමත්.. වියත්මග කියාගෙන ඇවිත් මුට්ටි ගගට දානවා - මනුෂ නානායක්කාර
කොරෝනා මරණ 22යි - ඔහු ගෙල වැලලාගෙන මිය ගිය අයෙක් !
පාර්ලිමේන්තු සේවකයෙක් හදිසියේ මියයයි.. කොරෝනා පරීක්‍ෂාවක් !
ඉල් පොහොය අදයි

ශාසනික වශයෙන් වැදගත් සිදුවීම් රැසක් සිදුවී ඇති ඉල් පුර පසළොස්වක පොහොය අදට (14) යෙදී ඇත.ඉල් පුර පසළොස්වක පොහොය වස්සාන සෘතුවේ අවසාන පොහොයයි. ශාසන ඉතිහාසයේ සිදුවීම් රාශියක් සිදුවූ පොහොයකි. ඒ අතරෙන් ධර්මදූත සේවාව ප්‍රධාන වෙයි.

ලෝක සත්වයා කෙරෙහි මහත් කරුණාවෙන් -  බෝසත් අවධියේ සිටම බුදුරජාණන් වහන්සේ - සත්වයාගේ සැපත හා දියුණුව මහත්සේ අගය කොට ක්‍රියා කළහ. 

බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත්ව පළමු වස බරණැස ඉසිපතනාරාමයෙහි ගතකොට අවසන්වීමත් සමඟම ප්‍රථමයෙන් පැවිද්ද ලබාගත් පස්වග තවුසන්, අනතුරුව පැවිද්ද ලබා ගත් යසකුල පුත්‍රයා ප්‍රධාන යහළුවන් පනස් පස් දෙනා ද වශයෙන් හැට නමක් වූ රහත් භික්ෂු පිරිස අමතා “මහණෙනි බොහෝ දෙනාට හිත සුව පිණිස සැප පිණිස ලෝකයාට අනුකම්පාව පිණිස දෙවි මිනිසුන්ගේ යහපත හා සැප පිණිස සැරිසරමින් ධර්මය දේශනා කරන්න” - “චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය” යනුවෙන් වදාළහ.

බුදු සසුනෙහි මේ දක්වාම ශ්‍රාවක සංඝයා විසින් බුද්ධ නියමය අනුව ක්‍රියාත්මක කරන ඒ උතුම් ධර්ම දූත සේවාවේ ආරම්භය වූයේ ඉල් පුර පසළොස්වක පොහොය දිනයකදීය. 

උරුවෙල් දනව්වෙහි දී පන්සීයක් පිරිස සහිතව සිටි උරුවෙල කාශ්‍යපත්, තුන්සීයක් පිරිස සහිතව සිටි නදී කාශ්‍යපත්, දෙසීයක් පිරිස් සහිතව සිටි ගයා කාශ්‍යපත් පෙළහර දැක්වීමෙන් දමනය කර - ධර්මය දේශනා කොට පහදවා ඒ සියලු දෙන පැවිදි බිමට පත් කළහ. මෙම මහා පිරිස  බුදුරදුන් දේශනාකොට වදාළ ආදිත්ත පරියාය සූත්‍රය අසා රහත් භාවයට පත් වූයේ ද ඉල් පුර පොහොය දිනක දීය.

සැරියුත් හිමියන්ට තමන්ගේ ආයු කාලය අවසන වී ඇති බව වටහාගෙන පිරිනිවන් පෑම සඳහා  බුදුපියාණන් වහන්සේගෙන් අවසර ඉල්ලා - ලද අවසරයෙන් අපවත්වූයේද, අග්‍රශ්‍රාවක සැරියුත් මාහිමියන්ගේ මෑණියන් වූ රූපසාරී බැමිණිය මගඵල ලැබීමත් ඉල් පුර පසළොස්වක පොහෝ දින අගනා ශාසනික සිදුවීම්ය. 

අනාගතයෙහි බුද්ධත්වයට පත්වන බෝසතුන් උතුම් වූ විවරණ ලබා ගන්නේ ද ඉල් පුර පසළොස්වක පොහොය දිනයේ දී ය. 

ශ්‍රී සම්බුද්ධ දේශනාවෙහි දැක්වෙන මහා කුසල් 8 අතුරින් කඨින පූජාව විශේෂයි. කඨින පූජාව පිළිබඳ විස්තර හා ආනිසංස දැනගත හැක්කේ විනය පිටකයෙන් පමණි. ඒ අනුව එම කඨින පින්කම කලින් පින්කම් මෙන් නොව වප් අව පෑළවිය දින සිට ඉල් පුර පසළොස්වක් දින දක්වා අතර එක් දිනක පමණක් එක් විහාරස්ථානයක කළ හැකි දුර්ලභ පින්කමකි. කඨින පූජාවක් පැවැත්විය හැකි අවසාන දිනය ඉල් පුර පසළොස්වක් පොහොයයි. 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඉල් පොහොය අදයි
ඉල් පොහොය අදයි
http://ift.tt/2fPIrAD
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_192.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_192.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy