දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගම හදන ගමන ඇරඹෙයි : කල්පිටිය දුපත් සංවර්ධනය කඩිනමින් වේ.
Homeගොසිප්

ගම හදන ගමන ඇරඹෙයි : කල්පිටිය දුපත් සංවර්ධනය කඩිනමින් වේ.

PropellerAds

කල්පිටිය ආශ‍්‍රිත දුපත් 13 ක සංවර්ධන කටයුතුවලට අදාළ සැලැස්ම කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දෙයි. මෙහිදී ...

ආණ්ඩුවේ යළි බෙදීමක් : බහුතරයේ මතයට ජනපති විරුද්ධයි.
කොළඹ නගර සභාවේ අර්බුධයක් : විපක්ෂ නායකකම දෙන්න බැහැ කියයි.
ඥානසාර හිමිට ඇප.


කල්පිටිය ආශ‍්‍රිත දුපත් 13 ක සංවර්ධන කටයුතුවලට අදාළ සැලැස්ම කඩිනමින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දෙයි.

මෙහිදී ජනාධිපතිතුමා පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතා සහ අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න මහතා වෙත වැඩිදුරටත් උපදෙස් දුන්නේ අදාළ ප‍්‍රදේශවල ජනතාවගේ සංවර්ධන ගැටලු පිළිබඳ නිසි අවධානය යොමු කරමින් ප‍්‍රමුඛතාවයන් හඳුනාගනිමින් එම සැලැස්ම ඉදිරිපත් කරන ලෙසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ අද (13) පෙරවරුවේ පුත්තලම මදුරන්කුලිය මර්සි අධ්‍යාපන කේන්ද්‍රයේ පැවති ග‍්‍රාමශක්ති වයඹ පළාත් මෙහෙයුම් කමිටුවට එක්වෙමිනි.

ප‍්‍රදේශයේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරින් යන දෙපිරිසගේම සහභාගිත්වයෙන් පැවති මෙම මෙහෙයුම් කමිටුවේදී ග‍්‍රාමශක්ති ව්‍යාපාරය වයඹ පළාත තුළ කි‍්‍රයාත්මක වන අන්දම සහ එහි ප‍්‍රගතිය පිළිබඳවත්, ඉදිරි සැලසුම් පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් විය.

ප‍්‍රදේශයේ ගොවි ඉඩම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පවරා ගැනීම හේතුවෙන් ගොවීන් මුහුණදී සිටින ගැටලුකාරි තත්ත්වය පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමා දැනුවත් කෙරුණු අතර ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේ ගොවි ජනතාවට බාධාවකින් තොරව සිය වගා කටයුතු කරගෙන යාමට හැකිවන අන්දමින් ඒ සඳහා ස්ථිර විසඳුමක් ලබාදීමට කටයුතු කරන ලෙසයි.

ප‍්‍රදේශයේ කිරි නිෂ්පාදනය ආශ‍්‍රිතව පැන නැගී ඇති ගැටලු පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු කෙරුණු අතර ප‍්‍රදේශයේ කිරි ගොවින්ගේ ගැටලු සඳහා විසඳුම් ලබාදෙමින් කිරි නිෂ්පාදනය ප‍්‍රවර්ධනය කිරීම උදෙසා විධිමත් වැඩපිළිවෙළක් කඩිනමින් කි‍්‍රයාවට නංවන ලෙස ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දුන්නේය.

එමෙන්ම ප‍්‍රදේශයේ පළතුරු ගොවින් මුහුණදී ඇති ගැටලු පිළිබඳව ද මෙහිදී අවධානය යොමු කෙරිණි. පළතුරු මිල පහළ යන අවස්ථාවලදී එම ගොවින්ට සිදුවන අපහසුතා මගහරවා ගැනීම වෙනුවෙන් කාගිල්ස් ආයතනය සහ වෙනත් පුද්ගලික සමාගම් සමග සාකච්ඡුා කර එම නිෂ්පාදන මිලදී ගැනීමට සුදුසු වැඩපිළිවෙළක් කි‍්‍රයාවට නැංවීම පිළිබඳව ද අවධානය යොමු විය.

එමෙන්ම පළතුරු විජලනය කර කල් තබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස ඉදිරිපත් වූ ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිතුමා ශීතාගාර පහසුකම් සඳහා දැනට තිබෙන බදු සඳහා සහන ලබාදීමට මුදල් අමාත්‍යාංශය සහ රේගුව සමග සාකච්ඡා කර අවශ්‍ය පියවර ගැනීමට ද නිලධාරින්ට උපදෙස් දුන්නේය.

ඉස්සන් සහ ලුනු කර්මාන්තය ආශ‍්‍රිතව මතුවී තිබෙන ගැටලු පිළිබඳවද මෙහිදී කරුණු ඉදිරිපත් කෙරුණු අතර එම කර්මාන්ත සිදුකරන ඉඩම්වල බදු අයිතිය ගොවි ජනතාව වෙත ලබාදෙන ලෙස කළ ඉල්ලිම කෙරෙහි ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය. ඒ අනුව ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක මහතාගේ සහ වයඹ සංවර්ධන අමාත්‍ය එස්. බී. නාවින්න මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඒ පිළිබඳ විශේෂ කමිටුවක් පත් කර අදාළ වාර්තාව කඩිනමන් තමා වෙත ලබාදෙන ලෙසයි.

පළාතේ පොල් ඉඩම් කට්ටි කිරිම තහනම් කිරීමට රජය පසුගියදා ගත් තීරණය කි‍්‍රයාත්මක වන අන්දම පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී නිලධාරින්ගෙන් කරුණු විමසීය.

ග‍්‍රාමශක්ති වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සියලුදෙනා දේශපාලන භේදයකින් තොරව එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා සියලුදෙනා වෙත පෙන්වා දුන්නේය.

වයඹ සියලුම පළාත් පාලන ආයතනවල සභාපතිවරු මෙම කමිටු රැස්වීම සඳහා එක්ව සිටීම විශේෂත්වයක් වූ අතර පොදුජන පෙරමුණු නියෝජනය කරන නියෝජිතයින් පිරිසක් ද ඒ අතර වූහ.

එහිදී ඔවුන් කියා සිටියේ ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් කි‍්‍රයාත්මක වන ග‍්‍රාමශක්ති ජනතා ව්‍යාපාරය සාර්ථක කර ගැනීම වෙනුවෙන් තම උපරිම සහයෝගය ලබාදෙන බවයි.

මේ අතර පුත්තලම සහ කුරුණෑගල දිස්ති‍්‍රක් ලේකම්වරුන්ට ග‍්‍රාමශක්ති ජනතා සමිති සඳහා ලබාදෙන ප‍්‍රතිපාදනවල පළමු වාරිකය ප‍්‍රදානය කිරීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

ඒ අනුව කුරුණෑගල දිස්ති‍්‍රක්කය සඳහා රුපියල් මිලියන 45 ක මුදලක් සහ පුත්තලම දිස්ති‍්‍රක්කය වෙනුවෙන් රුපියල් මිලියන 24 ක මුදලක් ලබාදීම සිදුවිය.

මේ අතර සි/ස කොන්කඩවල වට්ටක්කා සහ සෙසු බෝග වගාකරන ග‍්‍රාමශක්ති ජනතා සමිතිය සහ සි/ස කාගිල්ස් සමාගම අතර එම නිෂ්පාදන මිලදී ගැනීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ද ජනාධිපතිතුමා ඉදිරියේ අත්සන් තැබිණි.

අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්, එස්. බී. නාවින්න, රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර, නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක, වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය ධර්මසිරි දසනායක යන මහත්වරුන් ඇතුළු පළාතේ මැති ඇමතිවරු රැසක් සහ රාජ්‍ය නිලධාරින් මේ සඳහා එක්ව සිටියහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගම හදන ගමන ඇරඹෙයි : කල්පිටිය දුපත් සංවර්ධනය කඩිනමින් වේ.
ගම හදන ගමන ඇරඹෙයි : කල්පිටිය දුපත් සංවර්ධනය කඩිනමින් වේ.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg9dutUhnud8uwzhWFR01xxa_3ucZp9q6ittxkC3GK5SU1xHgW4yGGVqYvFpdGylGhulnFMVmAP_IUC2xsma5UxnUC4HwTvd4FmLMX9Oz0xYQq3dSMwD_dPKgGXSXunb6drTeGuwWae0yI/s1600/Gama-Hadana-Gamana-President-Maithripala-Sirisena.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg9dutUhnud8uwzhWFR01xxa_3ucZp9q6ittxkC3GK5SU1xHgW4yGGVqYvFpdGylGhulnFMVmAP_IUC2xsma5UxnUC4HwTvd4FmLMX9Oz0xYQq3dSMwD_dPKgGXSXunb6drTeGuwWae0yI/s72-c/Gama-Hadana-Gamana-President-Maithripala-Sirisena.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_96.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_96.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy