දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආණ්ඩුවේ යළි බෙදීමක් : බහුතරයේ මතයට ජනපති විරුද්ධයි.
Homeගොසිප්

ආණ්ඩුවේ යළි බෙදීමක් : බහුතරයේ මතයට ජනපති විරුද්ධයි.

PropellerAds

පළාත් සභා මැතිවරණය පවත්වනු ලබන ක්‍රමය සම්බන්ධයෙන් ආණ්ඩුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂවල ප්‍රබල බෙදීමක් හටගෙන තිබේ. විශේෂයෙන්ම මෙම බෙදී...

ජාතික අාණ්ඩුව දිගටම - අගමැති සහ මහින්ද දැනුම් දෙයි.
සිංගප්පූරුව අයවැය අතිරික්තයෙන් ජනතාවට බෝනස් දෙයි.
කැබිනට් සංශෝධනය කල්යන හේතුව මෙන්න.


පළාත් සභා මැතිවරණය පවත්වනු ලබන ක්‍රමය සම්බන්ධයෙන් ආණ්ඩුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂවල ප්‍රබල බෙදීමක් හටගෙන තිබේ.

විශේෂයෙන්ම මෙම බෙදීම දැඩිව හටගෙන ඇත්තේ කොට්ඨාස ක්‍රමයටම පළාත් සභා මැතිවරණය ද පැවැත්විය යුතුය යන්න ජනාධිපතිවරයාගේ දැඩි මතය හේතුවෙනි.

කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පාර්ලිමේන්තුවේ කථානායක කාර්යාලයේදී පැවැති පක්ෂ නායක රැස්වීමේදී මෙම බෙදීම දැකගත හැකි විය.

එම පක්ෂ නායක රැස්විමේදී පළාත් සභා සහ ක්‍රීඩා ඇමැති ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කර ඇත්තේ පළාත් පාලන මැතිවරණය පැවැත්වු කොට්ඨාස ක්‍රමයටම පළාත් සභා මැතිවරණය ද පැවැත්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අදහස බවයි.

එහිදී එම මතයට විරුද්ධ වී ඇති ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රාවුෆ් හකීම් මහතා පවසා ඇත්තේ පළත් සභා මැතිවරණය පැරණි මනාප ක්‍රමය යටතේ පැවැත්විය යුතු බවයි.

දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය, ද්‍රවිඩ ප්‍රගතිශීලී පෙරමුණ නියෝජනය කරනු ලබන පක්ෂ නායකයන් දැඩිව ප්‍රකාශ කර තිබෙන්නේ පළාත් සභා මැතිවරණය පැරැණි ක්‍රමයට පැවැත්විය යුතු බවයි.

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායමේ බහුතරයද පැරැණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව ප්‍රකාශ කරන නිසා එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ නායක නියෝජිතයන්ද පක්ෂ නායක රැස්වීමේදී ප්‍රකාශ කර තිබෙන්නේ පැරැණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවයි.

මේ හදන්නේ කෙසේ හෝ පළාත් සභා මැතිවරණය කුමන හෝ ආකාරයකින් කල් දැමීමට උපක්‍රම යෙදීම බවත් එම නිසා පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පක්ෂ නායක රැස්වීමේදී ප්‍රකාශ කර තිබේ.

මේ අතර ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා අවශ්‍ය පසුබිම සකස් කර දෙන ලෙසට කථානායක කරු ජයසූරිය මහතාට එවන ලද ලිපියක්ද කථානායකවරයා මෙම පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් කොට තිබේ.

නව මැතිවරණ ක්‍රමයට පළාත් පාලන මැතිවරණය පැවැත්වීම නිසා පළාත් පාලන ආයතන සැලකිය යුතු සංඛ්‍යාවක සභා පිහිටුවා ගැනීමේ අර්බුදයක් හටගත් නිසා එවැනි තත්ත්වයක් ඇති නොවෙන ලෙස පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බවටද මෙහිදී පක්ෂ නායකයන් කිහිප දෙනකුම අදහස් ප්‍රකාශ කර තිබේ.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධව මෙසේ පාර්ශව දෙකක මත දෙකක් පලවීම නිසා ඒ සම්බන්ධව විශේෂ විවාදයක් පැවැත්වීමට කතානායකවරයා යෝජනා කර ඇති අතර ඊට පක්ෂ නායකයින් එකඟ වී තිබේ.

ඒ අනුව පළාත් සභා ඡන්දය පැවැත්විය යුතු ක්‍රමය සම්බන්ධව සභාව කල් තැබිමේ විවාදයක් ජුලි 6 වැනි දා දවස පුරා පැවැත්වීමට තිරණය කර ඇත.

පළාත් සභා ඡන්දය දෙසැම්බරයේ

කෙසේ වෙතත් නිල කාලය අවසන් වී ඇති පළාත් සභා තුනේ සහ ලබන සැප්තැම්බර් මාසයේ නිලකාලය අවසන් වන පළාත් සභා තුනක මැතිවරණය ලබන දෙසැම්බර් මාසයේදී පැවැත්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන හා පළාත් සභා ඇමැති ෆයිසර් මුස්තාපා මහතාට දන්වා ඇතැයි වාර්තා වේ.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පළාත් පාලන හා පළාත් සභා ඇමැතිවරයාට ලිපියක් මගින් මේ බව දන්වා ඇතැයි රජයේ ආරංචි මාර්ග පැවසී ය.

පළාත් සභා මැතිවරණය පැරැණි ක්‍රමයටම හෝ අලුතින් සම්මත කරන ලද කොට්ඨාස ක්‍රමයට හෝ යන ක්‍රම දෙකෙන් එක ක්‍රමයකට පැවැත්විය හැකි බවත්, එම ඕනෑම ක්‍රමයකට පැවැත්වීමට මැතිවරණ කොමිසම සූදානම් බවත්, එම ලිපිය මගින් දන්වා ඇතැයි වාර්තා වේ.

සබරගමුව - නැගෙනහිර හා උතුරු මැද යන පළාත් සභා තුනේ නිලකාලය ඉකුත් වසරේ සැප්තැම්බර් මාසයේ අවසන් වූ අතර, මධ්‍යම, වයඹ සහ උතුරු යන පළාත් සභා තුනේ නිලකාලය ලබන සැප්තැම්බර් මාසයේදී අවසන් වීමට නියමිතව ඇත.

බස්නාහිර සහ දකුණ යන පළාත් සභා දෙකේ නිලකාලය ලබන අප්‍රේල් මාසයේද, ඌව පළාත් සභාවේ නිලකාලය ලබන වසරේ සැප්තැම්බර් මාසයේද අවසන් වීමට නියමිතය.

මේ අතර පළාත් සභා කීපයක ඡන්දය මේ වසරේ අගවනවිට පවත්න බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද පසුගිය දා පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභා රැස්වීමේදී ප්‍රකාශ කර තිබිණි.

ඒ සඳහා සූදානම් වන ලෙස ද ජනාධිපතිවරයා ශ්‍රීලනිප විධායක සභාවෙන් හා සමස්ත ලංකා කාරක සභාවෙන් ඉල්ලීමක් ද කර තිබිණි.

පළාත් පාලන මැතිවරණය අලුත් ක්‍රමයට පැවැත්වීමෙන් ඇති වූ අවුල් සහගත තත්ත්වය නිසා, පළාත් සභා මැතිවරණය පැරණි ක්‍රමයටම පවත්වන්නැයි දේශපාලන පක්ෂ ගණනාවක් රජයට යෝජනා කර ඇත.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29303,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආණ්ඩුවේ යළි බෙදීමක් : බහුතරයේ මතයට ජනපති විරුද්ධයි.
ආණ්ඩුවේ යළි බෙදීමක් : බහුතරයේ මතයට ජනපති විරුද්ධයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiSf3AJOYthZ8yfJxTVAbmef2J3akJXWxxiH0KfjIuDMwijc30bo3Eik4RMPvo6EZZOWJf8SCgTIFsV7pXWltkQYDk7ilZllIbN_l6BqB7N1P585-rn9jlHe-kdTwRUBAfGjZYM0y_tv24/s1600/%25E0%25B6%25A2%25E0%25B6%25B1%25E0%25B6%25B4%25E0%25B6%25AD%25E0%25B7%2592%25E0%25B6%25A7+%25E0%25B7%2583%25E0%25B7%2584+%25E0%25B6%2585%25E0%25B6%259C%25E0%25B6%25B8%25E0%25B7%2590%25E0%25B6%25AD%25E0%25B7%2592%25E0%25B6%25A7+%25E0%25B7%2583%25E0%25B7%258F%25E0%25B6%25B0%25E0%25B7%258F%25E0%25B6%25BB%25E0%25B6%25AB+%25E0%25B6%2585%25E0%25B7%2580%25E0%25B7%2583%25E0%25B7%258A%25E0%25B6%25AE%25E0%25B7%258F+%25E0%25B7%2584%25E0%25B7%2592%25E0%25B6%25B8%25E0%25B7%2592%25E0%25B6%25BA%25E0%25B7%2592..jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiSf3AJOYthZ8yfJxTVAbmef2J3akJXWxxiH0KfjIuDMwijc30bo3Eik4RMPvo6EZZOWJf8SCgTIFsV7pXWltkQYDk7ilZllIbN_l6BqB7N1P585-rn9jlHe-kdTwRUBAfGjZYM0y_tv24/s72-c/%25E0%25B6%25A2%25E0%25B6%25B1%25E0%25B6%25B4%25E0%25B6%25AD%25E0%25B7%2592%25E0%25B6%25A7+%25E0%25B7%2583%25E0%25B7%2584+%25E0%25B6%2585%25E0%25B6%259C%25E0%25B6%25B8%25E0%25B7%2590%25E0%25B6%25AD%25E0%25B7%2592%25E0%25B6%25A7+%25E0%25B7%2583%25E0%25B7%258F%25E0%25B6%25B0%25E0%25B7%258F%25E0%25B6%25BB%25E0%25B6%25AB+%25E0%25B6%2585%25E0%25B7%2580%25E0%25B7%2583%25E0%25B7%258A%25E0%25B6%25AE%25E0%25B7%258F+%25E0%25B7%2584%25E0%25B7%2592%25E0%25B6%25B8%25E0%25B7%2592%25E0%25B6%25BA%25E0%25B7%2592..jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_952.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_952.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy