බස්නාහිර පළාතේ පැවැත්වෙන ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවලට මින් ඉදිරියට අදාළ ප්‍රදේශයේ පළාත් පාලන ආයතනවල නගරාධිපති හෝ සභාපති හෝ හැරුණු කොට ව...
බස්නාහිර පළාතේ පැවැත්වෙන ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවලට මින් ඉදිරියට අදාළ ප්‍රදේශයේ පළාත් පාලන ආයතනවල නගරාධිපති හෝ සභාපති හෝ හැරුණු කොට වෙනත් කිසිදු පළාත් පාලන නියෝජිතයකුට සම්බන්ධ විය නොහැකි බවට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා නියෝගයක් නිකුත් කර තිබේ.
මහ ඇමතිවරයා එම නියෝගය කර ඇත්තේ පසුගියදා පැවති කොළඹ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු රැස්වීම අතරවාරයේ පැන නැගුනු ගැටලුවකට පිළිතුරු ලබා දෙමිනි.
දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නව නගර ශාලාවේදී පැවති මෙම රැස්වීමේ දී තවදුරටත් අදහස් දැක්වූ මහ ඇමැතිවරයා දිස්ත්‍රික් හා ප්‍රදේශීය සම්බන්ධිකරණ කමිටුවලට සහභාගී විය හැකි පුද්ගලයන් සම්බන්ධයෙන් චක්‍රලේඛනයට අනුව ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටුවලට පළාත් පාලන ආයතනවල මන්ත්‍රීවරුන්ට පමණක් නොව විපක්ෂ නායකවරයාටත් සමබන්ධ විය නොහැකි බවද පැවසීය.
අනවශ්‍ය පුද්ගලයන් සම්බන්ධවීමෙන් අවශ්‍ය කරුණු නිසියාකාරව සාකච්ජා කිරීමට බාධාවන බැවින් එම රැස්වීම් සංවිධානය කිරීමේදී අනවශ්‍ය පුද්ගලයන්ට දැනුම් නොදී සිටීමට වගබලා ගන්නා ලෙස මහ ඇමතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් දී ඇත.
COMMENTS