දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ආසියාවේ ආයෝජකයන්ට ශ්‍රී ලංකාව විවෘතයි.
Homeගොසිප්

ආසියාවේ ආයෝජකයන්ට ශ්‍රී ලංකාව විවෘතයි.

PropellerAds

ශ්‍රී ලංකාව සියළුම ආසියාතික රටවල්වල ආයෝජකයින් සඳහා විවෘත බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ හා සබරගමු සංවර්ධන අැමැති මලික් සමරවික්...

"එජාපය හැර ගියොත් බෙල්ල මිරිකනවා"
2020 ජනාධිපතිවරණය : සජිත් බෑ කියයි.
රෙදි ගැලවෙන ප්‍රජාතන්ත්‍රවාදය : මුලින්ම යා යුත්තේ කවුද?

ශ්‍රී ලංකාව සියළුම ආසියාතික රටවල්වල ආයෝජකයින් සඳහා විවෘත බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ හා සබරගමු සංවර්ධන අැමැති මලික් සමරවික්‍රම මහතා පවසයි. ආසියානු මහද්වීපයේ බටහිර ඉමේ ඇති ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරය තුළ සුවිශේෂී භූගෝලීය පිහිටීම නිසා නැ‍ඟෙනහිර සහ ගිනිකොන දිග ආසියාවේ ආයෝජකයින්ට අප රට බෙහෙවින් අද්විතීය අවස්ථා පිරිනමන බවත් ආණ්ඩුවේ විදේශ සබඳතා සාර්ථකව තුලනය කිරීමෙන් රටේ ආර්ථිකයට ලොකු පිබිදීමක් ඇති වී තිබෙන බවත් ඇමැතිවරයා කීය.

නොබෝදා පැවැති සංසදයකදී අැමැති මලික් සමරවික්‍රම මහතා මේ බව ප්‍රකාශ කෙළේය.

ඇමැතිවරයා එහිදි මෙසේද කිය.

රාජතාන්ත්‍රික සබඳතා තුලනය කිරීම සහ ආයෝජනය වෙනුවෙන් සියළුම රටවල් සඳහා විවෘත වීම, වත්මන් රජයේ ප්‍රධාන ජයග්‍රහණයක් බවයි. ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයට දැක ගත හැකි හෝ ස්පර්ශ කළ හැකි දෙයක් නොවේ . එය යටිතල පහසුකම් සංවර්ධන කටයුත්තක් ලෙස භෞතිකව දැකිය නොහැකි අතර වෙළෙඳ දැන්වීම් සඳහා එළිමහනේ ඇති පුවරුවක ප්‍රදර්ශනය කළ නොහැකිය .නමුත් එය අපගේ ජාතික අවශ්‍යතාවන් සහ අපගේ ආර්ථික ස්ථාවරත්වය කෙරෙහි ද්‍රෘඩ බලපෑමක් ඇති කරයි යැයි ඔහු ප්‍රකාශ කෙළේය. සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ අැමැතිවරයා මෙම කරුණු ප්‍රකාශ කෙළේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කරන ලද ආසියාතික රටවල රාජතාන්ත්‍රික නිලධාරීන් සහ ශ්‍රී ලාංකීය සංස්ථාපිත අංශය සමඟ පැවති රැස්වීමකදීය.

ඔහු තවදුරටත් සඳහන් කෙළේ,2015 දී අපගේ ආණ්ඩුව බලයට පත් වූ අවස්ථාවේ,විදේශ සබඳතා දුෂ්කර තත්ත්වයක පැවැතියා. අපගේ විදේශ ප්‍රතිපත්තිය කඩා වැටී තිබුණා. සමහර විදේශීය සබඳතා පීඩනයට ලක් ව තිබූ අතර බොහෝ ඒවා නොසලකා හැර තිබිණා. අපගේ රාජ්‍යත්‍රාන්ත්‍රික සබඳතා යහපත් අන්දමින් තුලනය කිරීම අපේ රටට වැදගත් වුණා. අපගේ පැරණි සම්බන්ධකම් තවත් ශක්තිමත් කර ගෙන නව සහයෝගීතාවයන් ඇති කර ගැනීමට පසුගිය වසර තුන තුළ අප අත්පත් කර ගැනීමට සමත් වූණා.

ආසියානු ආයෝජකයින්, ශ්‍රී ලංකාව ව්‍යාපාර ඇරඹීම සඳහා පොළඹවන ගමනාන්තයක්, නැවුම් අවස්ථාවන් රැසකින් පොහොසත් රටක්, සියළුම ආසියාතික රටවල් සමඟ ශ්‍රී ලංකාවේ මිත්‍රශීලි සබඳකම් මෙන්ම පක්ෂ පාතිත්වයක් නොමැතිව ඒ සියළු දෙනා සමඟම හවුල් සම්බන්ධතා විවෘතව ඇති කර ගැනීමේ හැකියාව සහ ඉන්දියන් සාගරයේ අපගේ අද්විතීය භූගෝලීය පිහිටීම, දකුණු ආසියාතික හා අප්‍රිකාවේ වර්ධනය වන වෙළෙඳ පොළවලට ප්‍රවේශ විය හැකි ඉතාමත් පරමාදර්ශී තත්ත්වයක රට තිබීම, බවට තේරුම් ගත හැකි ප්‍රධාන කාරණා තුනක්, අැමැති සමරවික්‍රම මහතා දැක්වීය.

අැමැතිවරයා වැඩිදුරටත් කියා සිටියේ,වෙනත් ආසියානු ආර්ථිකයන් තුළ දැඩි තරඟකාරිත්වයක් පවතින මෙවැනි මොහොතක, භාවිතා නොකළ අවස්ථා මෙහි බහුලව තිබෙනවා. ආසියානු ආයෝජකයින් වෙත ශ්‍රී ලංකාව පිරිනමනු ලබන නව ආයෝජන අවස්ථා හරහා ඔවුන්ගේ ව්‍යාපාරික අවස්ථාවන් පුළුල් කරගත හැකියි. දෙවනුව, මේ කලාපය තුළ ශ්‍රී ලංකාව අද්විතීය වන්නේ ආසියාතික රටවල් සියල්ලම සමඟ ඉතාමත් හොඳ රාජතාන්ත්‍රික සබඳතා පවත්වා ගෙන යෑම හේතු කොට ගෙන යි. ශ්‍රී ලංකාව සාමකාමී සහ නොබැදුනු රාජ්‍යයක් ලෙස ආසියානු කලාපයේ බොහෝ රටවල් සමඟ මිත්‍රශීලී පිළිවෙතක් අනුගමනය කරනවා. එබැවින්, ආසියාවේ ඕනෑම රටක ඕනෑම ආයෝජකයකු වෙනුවෙන් මෙහි පැමිණ ඔවුන්ව පිළිගනු ලබන බව හැඟවීමේ අසමසම වේදිකාවක් අපි ලබා දෙනවා. අපට සුවිශේෂී වූ ආසියානු හවුල්කරුවන් නැහැ. මුළු ආසියාවම අපගේ හවුල්කරුවන් වන අතර සියළුම ආසියාතික රටවල් අපට වැදගත්. ශ්‍රී ලංකාව අපට ආසන්නයේ ඇති සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින කලාපවලට පිවිසීම සඳහා මහගු උත්පේරකයක් වෙනවා.දැනටමත් ශ්‍රී ලංකාව මෙසේ අප්‍රිකාව, යුරෝපය සහ දකුණු ආසියාව වෙනුවෙන් භාවිතා කළ හැකි අගනා කේන්ද්‍රස්ථානයක් බවට ජපාන අයෝජකයින් විශ්වාසය පළකරනවා. එසේම වෙනත් බොහෝ නැ‍ඟෙනහිර ආසියාවේ රටවල් ද,විශාල සහ වර්ධනය වෙමින් පවතින දකුණු ආසියාතික වෙළෙඳපොළ වෙත ප්‍රයෝජනවත් ප්‍රවේශයක් ලෙස අපව හඳුනා ගෙන තිබෙනවා.ආසියානු මහද්වීපයේ බටහිර ඉමේ ඇති ශ්‍රී ලංකාව ඉන්දියානු සාගරය තුළ සුවිශේෂී භූගෝලීය පිහිටීමක්.මේ පිහිටීම නිසා, නැ‍ඟෙනහිර සහ ගිනිකොන දිග ආසියාවේ ආයෝජකයින්ට අප රට බෙහෙවින් අද්විතීය අවස්ථා පිරිනමනවා.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ආසියාවේ ආයෝජකයන්ට ශ්‍රී ලංකාව විවෘතයි.
ආසියාවේ ආයෝජකයන්ට ශ්‍රී ලංකාව විවෘතයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiLVX8ZrLDiTfwC7_hcPuABmWBS8kcfLzbALtO3KS3XDD8hcRQH2QGCxSP0EB6Q6490IGsZEPlw6nM9I4_ZOS0ZTuFixL0uegvsC9BTsOxh_QshyphenhyphenI4syfcaYBXPZMNJYpgbhfOy1l2hIyU/s1600/612920258.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiLVX8ZrLDiTfwC7_hcPuABmWBS8kcfLzbALtO3KS3XDD8hcRQH2QGCxSP0EB6Q6490IGsZEPlw6nM9I4_ZOS0ZTuFixL0uegvsC9BTsOxh_QshyphenhyphenI4syfcaYBXPZMNJYpgbhfOy1l2hIyU/s72-c/612920258.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_77.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_77.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy