දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජනපතිගේ නියෝගය පුස්සක් වෙයි - ෆොන්සේකාගේ “සිංහරාජ අලි මෙහෙයුම“ ජාවාරම්කරුවන්ගේ ඉල්ලීමට
Homeප්‍රවෘත්ති

ජනපතිගේ නියෝගය පුස්සක් වෙයි - ෆොන්සේකාගේ “සිංහරාජ අලි මෙහෙයුම“ ජාවාරම්කරුවන්ගේ ඉල්ලීමට

PropellerAds

සිංහරාජ රක්ෂිතයේ සැරිසරන අලි දෙදෙනා තවදුරටත් එම රක්ෂිතයේම රඳවා තබන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා පරිසර අමාත්‍යාංයේ ලේකම්වරයාට සහ වන...

මාකදුරේ මධුෂ්ගේ ඥාති සොහොයුරා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට
මෙරට පළමු චන්ද්‍රිකාව වන රාවනා -1 ගුවනට
මධුෂ් පිටුවල් කරනවද ? නැද්ද ? තීන්දුව අද
ජනපතිගේ නියෝගය පුස්සක් වෙයි - ෆොන්සේකාගේ “සිංහරාජ අලි මෙහෙයුම“ ජාවාරම්කරුවන්ගේ ඉල්ලීමට

සිංහරාජ රක්ෂිතයේ සැරිසරන අලි දෙදෙනා තවදුරටත් එම රක්ෂිතයේම රඳවා තබන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා පරිසර අමාත්‍යාංයේ ලේකම්වරයාට සහ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත උපදෙස් ලබා දී තිබුණද එම උපදෙස් තමන් වෙත ලැබී නොමැති බව වනජීවී නිලධාරීහු අවධාරණය කරති.

ලෝක උරුම රක්‍ෂිතයක් වූ සිංහරාජ වනයේ සිටින අලි දෙදෙනාව අල්ලා ඉවත් කිරීමට වනජීවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතාගේ නියෝගයෙන් ආරම්භ කර තිබූ මෙහෙයුම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස ජනාධිපතිවරයා ඊයේ (14) නියෝගයක් ලබා දී තිබේ.

තෙත් කලාපීය පරිසර පද්ධතියක වෙසෙන අවසන් අලි දෙදෙනා ඇල්ලීමට වනජීවී නිලධාරී කණ්ඩායම් කිහිපයක් අලි පටවාගෙන යනු ලබන ලොරියක් ද රැගෙන සිංහරාජ රක්‍ෂිතයට ඊයේ (14) ළඟා වූ බව වනජීවී නිලධාරීහු සඳහන් කළහ.

අලි දෙදෙනාව නිර්වින්දනය කොට ඇල්ලීම වනජීවී පශු වෛද්‍යවරුන් විසින් සිදු කළ යුතු කාර්යයකි. වනජීවී පශු වෛද්‍යවරුන් අලි දෙදෙනා ඇල්ලීමෙන් ඉවත් වීම නිසා ගුවන් හමුදාවේ පශු වෛද්‍ය නිලධාරීන් කැඳවීමට සරත් ෆොන්සේකා මහතා පියවර ගෙන තිබිණි.

අලි ඇල්ලීම හෝ වනජීවී මෙහෙයුම් සම්බන්ධයෙන් අත්දැකීම් නොමැති ගුවන් හමුදා පශු වෛද්‍යවරුන් මෙම මෙහෙයුමට යෙදවීමෙන් එම සතුන් දෙදෙනාව ජීවිතක්‍ෂයට පත්වීමේ හෝ වනජීවී නිලධාරීන්ගේ ජීවිත අවදානමට ලක්වීමේ ඉඩකඩක් තිබූ බව වනජීවී සෞඛ්‍ය අංශ නිලධාරීහු සඳහන් කරති.

ලෝක උරුම රක්‍ෂිතයක වෙසෙන තෙත් කලාපීය අවසන් අලි දෙදෙනාව අල්ලා බලහත්කාරයෙන් වෙනත් පරිසරයකට රැගෙන යෑමට සරත් ෆොන්සේකා මහතා නියෝග කරන්නේ දැව, දඩ මස් සහ වල්ලපට්ටා ජාවාරම්කරුවන්ගේ මෙන්ම නීති විරෝධී පතල් කැණීම්වල නිතර වන්නන්ගේ ඉල්ලීමකට අනුව බව සුරකිමු ශ්‍රී ලංකා සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමියෝ පවසති.

එම අලි දෙදෙනා අල්ලා ඉවත් කළහොත් සිංහරාජය ලෝක උරුම ලැයිස්තුවෙන් ඉවත් කිරීමට සිය අවධානය යොමු කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙරේදා (13) වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබිණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජනපතිගේ නියෝගය පුස්සක් වෙයි - ෆොන්සේකාගේ “සිංහරාජ අලි මෙහෙයුම“ ජාවාරම්කරුවන්ගේ ඉල්ලීමට
ජනපතිගේ නියෝගය පුස්සක් වෙයි - ෆොන්සේකාගේ “සිංහරාජ අලි මෙහෙයුම“ ජාවාරම්කරුවන්ගේ ඉල්ලීමට
http://am.lk/media/k2/items/cache/039068db84c922c4d89fadf5517b2bd9_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_746.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_746.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy