දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෙරට බැංකු පද්ධතිය අවදානමේ...
Homeගොසිප්

මෙරට බැංකු පද්ධතිය අවදානමේ...

PropellerAds

මෙරට වාණිජ බැංකු පද්ධතිය ඇතුළු මූල්‍ය ආයතන පද්ධතිය විශාල අනතුරුදායක තත්ත්වයක පවතින බව ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් රේටිංග්ස් (Standerd and ...

නාමල් පස් නාගෙන විපතට පත්වූ අයට කටුවනදී ගෙවල් හදයි
අපි මිනී මරන්න රේස් පදින් නෑ - වෙඩිසිංහගේ සයිකලේ ගැටුණ සුරාජ් හැඟුම්බරව කියයි
ටෙලි නිළි නිලුක්ෂි මදුෂිකා යුග දිවියට


මෙරට වාණිජ බැංකු පද්ධතිය ඇතුළු මූල්‍ය ආයතන පද්ධතිය විශාල අනතුරුදායක තත්ත්වයක පවතින බව ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් රේටිංග්ස් (Standerd and Poors' Ratings) නම් ජාත්‍යන්තර මූල්‍ය විශ්ලේෂණ ආයතනය විසින් පසුගිය අප්‍රේල් මාසයේදී දෙවැනි වරටත් අනතුරු අඟවා තිබේ.

එම ආයතනය විසින් මෙම අනතුරු ඇඟවීම මුලින්ම කර තිබුණෙ 2013 වසරේදීය. එම ආසන්න කාලයේදී සෙලාන් , ගෝල්ඩන් කී , ශ්‍රී රාම් ආදී මූල්‍ය සමාගම් ගණනාවක් බිඳවැටුණු අතර සෙලාන් බැංකුවද බංකොලොත් වී මහබැංකුවේ පාලනයට පවරා ගනු ලැබීය. අනතුරු ඇඟවීම දෙවන වරට කරන ලද 2018 අප්‍රේල් මාසයේදී විශේෂයෙන්ම වාණිජ බැංකු කෙරෙහි අවදානම ඉතා අධික බව හෙලිකර තිබේ.

මෙරට මූල්‍ය පද්ධතියට අයත්ව තිබූ ඊ. ටී. අයි මූල්‍ය සමාගම සහ යූ. බී ෆිනෑන්ස් සමාගමද මේ වන විට කඩාවැටී තිබේ. ජාත්‍යන්තර මූල්‍ය පද්ධති විමර්ශනයේ යෙදී සිටින ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් රේටිංග්ස් ආයතනය මෙරට මූල්‍ය පද්ධති සම්බන්ධයෙන් පොදුවේ අනතුරු ඇඟවීම් කරන අතර බැංකු පළිබඳව විශේෂයෙන් සඳහන් කර ඇත.පවතින අවදානම් සහගත බව තහවුරු කිරීමට සාධක ගණනාවක් එම ආයතනය විසින් පෙන්වා දී තිබේ.

එම ආයතනය මුලින්ම අනතුරු ඇඟවූ අවස්ථාවේදී එවකට මහ බැංකුවේ හිටපු අධිපති, අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යංශයේ ලේකම්ව සිටි පී. බී ජයසුන්දර අනතුරු ඇඟවීම හෙළා දකිමින් විවිධ ප්‍රකාශ කර තිබිණි.වර්තමාන බලධාරීහු කිසිවක් ප්‍රකාශ නොකර සිටිති.

අවදානම් බව ප්‍රකාශ කරන ප්‍රධාන සාධකය වී තිබෙන්නේ බැංකු පද්ධතියට තිබෙන ඔරොත්තු දීමේ හැකියාවේ දුර්වල බවයි. ණය ආපසු අය කර ගැනීමේ හැකියාව පහත වැටීම , රටේ ආදායම දුර්වල වීම බැංකු පද්ධතියට බලපෑම , බැංකු අවදානම් කළමනාකරණය දුර්වල වීම, තැන්පත්කරුවන්ගෙන් තැන්පතු බාර ගැනීමට විශාල තරඟයක් තිබීම, මේ නිසා මහබැංකුව අනුමත කළ පොළී අනුපාතවලට වඩා ඉහළ පොළී අනුපාත තීරණය වීම , ඉහළ ප්‍රචාරක වියදම් දැරීම සහ ඔරොත්තු නොදෙන තරම් ඉහළ උකස් ණය ප්‍රමාණයක් මුදාහැරීම වැනි සාධක රැසක් ඉදිරිපත් කර ඇත.

විශේෂයෙන්ම මෙරට ආණ්ඩු විසින් වාණිජ බැංකුවලින් තරඟකාරී පොළියකට ඉහළ ණය ප්‍රමාණයක් ලබා ගැනීමද විශේෂ සාධකයක් සේ දක්වා ඇත. මේ නිසා ආර්ථිකය ප්‍රසාරණය වීමට මුදාහැරීම සඳහා මුදල් සීමා සහිතවී යළි බැංකු පද්ධතියට බලෑම් කරන බව හෙළිකර තිබේ.

(ලංකා)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෙරට බැංකු පද්ධතිය අවදානමේ...
මෙරට බැංකු පද්ධතිය අවදානමේ...
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEicNEbZrwnPz7TNChuHqFrVWPu6InSe372fuJVjUjcUSEHAESEvbC1KRtfPFe035e0xGxLKTjroH2GZWTeVkU-l-2KShVjcY4RG1tysfMYGOe8VU1L3mW5ieV-QL_Rx55TsSbPGcPCgOeI/s1600/Central-bank-of-Sri-Lana.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEicNEbZrwnPz7TNChuHqFrVWPu6InSe372fuJVjUjcUSEHAESEvbC1KRtfPFe035e0xGxLKTjroH2GZWTeVkU-l-2KShVjcY4RG1tysfMYGOe8VU1L3mW5ieV-QL_Rx55TsSbPGcPCgOeI/s72-c/Central-bank-of-Sri-Lana.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_41.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_41.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy