වෙඩි ප්‍රහාරයකට ලක්වූ කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවනින් කොළඹට ගෙනෙන බව හම්බන්තොට රෝහල් අධ්‍යක්ෂකවරයා ප්‍ර...
වෙඩි ප්‍රහාරයකට ලක්වූ කතරගම කිරිවෙහෙර විහාරාධිපති හිමියන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගුවනින් කොළඹට ගෙනෙන බව හම්බන්තොට රෝහල් අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළේය.
වෙඩි ප්‍රහාරයට ලක්වූ කතරගම - කිරිවෙහෙර රජමහා විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රවේදී පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන්ට අද අලුයම සැත්කමක් සිදු කරනු ලැබීය.
එම රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය ධනුෂ්ක පෙරේරා මහතා කියා සිටියේ නාහිමියන්ගේ උදරයට සහ දකුණු අතට වෙඩි වැදී ඇති බවයි.
නාහිමියන් සහ විහාරවාසී පූජ්‍ය වීදාපොල සෝභිත හිමියන්, කිරිවෙහෙර උඩ මළුවේ සිට පහත මළුවට වැඩම කරමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්වූයේ ඊයේ රාත්‍රියේදීය.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිළධාරියෙකු කියා සිටියේ වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන ඇති බවයි.
COMMENTS