දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ක්‍රිකට් ගොඩ දාන වැඩේට : මහේල, මුරලි සහ මහානාම ප්‍රතිචාර දක්වයි.
Homeගොසිප්

ක්‍රිකට් ගොඩ දාන වැඩේට : මහේල, මුරලි සහ මහානාම ප්‍රතිචාර දක්වයි.

PropellerAds

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයින් ලෙස කටයුතු කරන්නැයි කල ඉල්ලීම හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ප්‍රතික්ෂේප කර තිබේ. ක්...

Premaya Nam Film Premiere
ඩුබායිහි ඉදිකරන්නට යන ලොව ප්‍රථම ඇඹරුණු බිල්ඩිම
GMOA නලින්ද පාදෙණිය එක්ක ජනපති පිරිත් ඇසූ හැටි



ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයින් ලෙස කටයුතු කරන්නැයි කල ඉල්ලීම හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ප්‍රතික්ෂේප කර තිබේ.

ක්‍රිකට් පරිපාලන කටයුතු සඳහා උපදේශකවරුන් ලෙස කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, අරවින්ද ද සිල්වා සහ රොෂාන් මහානාම යන මහත්වරුන් ඇතුළත් කමිටුවක් පත් කිරීමට යෝජනා කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ඊයේ නිවේදනය කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් මහේල ජයවර්ධන මහතා පවසා තිබුණේ පසුගිය සමයේ වසරක කාලයක් ක්‍රිකට් කමිටුවක සහ මාස 6 ක කාලයක් විශේෂ උපදේශක කමිටුවක සාමාජිකයෙකු ලෙස කටයුතු කළ නමුත් කිසිඳු නිර්දේශයක් එම කමිටුවලින් ඉදිරිපත් නොවූ බව ය‍.

පවතින ක්‍රමවේදය පිළිබඳව තමන්ට කිසිඳු විශ්වාසයක් නැතැයි ඔහු සඳහන් කර තිබුණි.

මහේල ජයවර්ධන මහතා ඉල්ලා තිබුණේ කාලය අපතේ හරින මෙවැනි නිෂ්ඵල කටයුතු සඳහා තමන් භාවිත නොකරන ලෙස ය.

මේ අතර ඈෂ්ලි ද සිල්වා මහතාගේ නිවේදනයට හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක රොෂාන් මහනාම මහතා ද ප්‍රතිචාර දක්වා තිබේ.

ඔහු පවසා සිටියේ අවංකභාවය, විනිවදභාවය හා දේශපාලන අතගැසීම්වලින් තොර අවස්ථාවක ක්‍රිකට් ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් එක් වීමට තමන් සූදානම් බව ය.

මෙම අවස්ථාව තුළ තමා එවැන්නක් නොදකින බැවින් ඒ සදහා එක් විය නොහැකි බව රොෂාන් මහානාම මහතා ක්‍රීඩා අමාත්‍යවරයාට ලිපියක් යවමින් දන්වා තිබේ.

මේ අතර මුත්තයියා මුරලිදරන් මහතා දන්වා සිටියේ යෝජනාවට ස්තූතිවන්ත වන නමුත් මෙම තීරණය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පරිපාලන වශයෙන් මෙවන් දරුණු තත්ත්වයකට පත්වන තෙක් බලා සිටීම කණගාටුවට කරුණක් බව ය.

තනතුර ප්‍රතික්ෂේප කරන මුරලිදරන් මහතා මහේල ජයවර්ධන මහතාගේ ප්‍රකාශය තමන්ද අනුමත කරන බව පවසයි.

ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා

"අභියාචනා තීන්දුවෙන් පස්සේ මට බලයලත් නිලධාරියෙක් පත් කරන්න වුණා. ඒ වගේම රටේ ක්‍රිකට් වලට ඉදිරි ගමනට අපිට අපේ ක්‍රිකට් ක්‍රීඩකයින් සේවය අත්‍යවශයයි කියන එක අපි දන්නා කවුරුත්. ඒ වගේ මේ උදවිය රටේ සම්පතක්. ඒ නිසා මේ අවස්ථාවේදී මේ ප්‍රතික්ෂේප කරන එක කොච්චර සදාචාරාත්මකද කියලා මම ඒ උදවියගෙන්ම අහන්න කැමති. හේතුව ඒ උදවිය ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් යමක් ලබලා තියෙනවා. අපි බලන්න ඔනේ යමත් ලබලා තියෙනවා නම් ඒ තුළින් නැවත මොනවද අපි දෙන්න ඔනේ කියන එක. කෙනෙකුට ඇගිල්ල දික් කරලා.ක්‍රමවේදයට ඇගිල්ල දික් කරන එක කරන්න පුලුවන්.හැබැයි මම ක්‍රීඩා ඇමති හැටියට වගකීමෙන් ක්‍රීඩා කරනවා. මම ඒ උදවියට ශ්‍රී ලංකා ක්‍රිකට් වලට ස්වාධීනව වැඩ කරන්න අවස්තාව ලබා දීලා තියෙනවා.ඒ නිසා ශ්‍රී ලංකා ක්‍රිකට්වල ඉදිරි ගමනට ඒගොල්ලන්ගේ සේවය අත්‍යවශයයි කියන එක ගැන අපි සියළු දෙනාම දන්නා කාරනාවක්.ඒ නිසා ඒගොල්ලන් නැවත ඒ පිලිබද සලකා බැලිය යුතුයි නියක එකයි මගේ මතය."

(Sports 1st)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ක්‍රිකට් ගොඩ දාන වැඩේට : මහේල, මුරලි සහ මහානාම ප්‍රතිචාර දක්වයි.
ක්‍රිකට් ගොඩ දාන වැඩේට : මහේල, මුරලි සහ මහානාම ප්‍රතිචාර දක්වයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZvpEhtsRo8sKnTgEHbwe3T_iUnD24BHB6T5y9aDyTCPu4DIScr0qI1y1zSbwtFJ8NEjqxBnsI3ISf_SE3h4-cGmUg1J3LYeO8RrOGg59_NCX1orki0VXFus-MU8MqF-OJLoP1t1stSHE/s1600/Mahanama-Murali-Mahela.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhZvpEhtsRo8sKnTgEHbwe3T_iUnD24BHB6T5y9aDyTCPu4DIScr0qI1y1zSbwtFJ8NEjqxBnsI3ISf_SE3h4-cGmUg1J3LYeO8RrOGg59_NCX1orki0VXFus-MU8MqF-OJLoP1t1stSHE/s72-c/Mahanama-Murali-Mahela.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_366.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_366.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy