පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් දඬුවම් නියෝගයට එරෙහිව මහාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් ...
පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් දඬුවම් නියෝගයට එරෙහිව මහාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
අතුරුදහන්ව සිටින මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැනවැදී තර්ජනය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට ඊයේ (14) දිනයේ දී මාස 6කින් ගෙවී යන පරිදි බරපතළ වැඩ සහිත වසරක සිර දඬුවමක් නියම කළ අතර රුපියල් 3000 ක දඩ මුදලක් හා රුපියල් 50,000 ක වන්දි මුදලක් ද එකවර ගෙවන ලෙස හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් එම දඬුවම් නියෝගයෙන් නිදොස් කොට නිදහස් කරන මෙන් හා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගය අවලංගු කරන ලෙස මහාධිකරණයෙන් ඉල්ලා මෙම පෙත්සම අද (15) දිනයේ දී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඥානසාර හිමියන්ගේ නීතිඥ මංජුල මහාකුඹුර මහතා විසින් ඉදිරිපත් කර ඇත.
2016 වසරේ ජනවාරි 25 වෙනිදා හෝමාගම මහේස්ත‍්‍රාත් අධිකරණ භූමියේදී සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මියට බැන වැදී තර්ජනය කළ බවට බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට චෝදනා එල්ල වී තිබිණි.
ඒ අනුව දණ්ඩ නීති සංග‍්‍රහයේ අංක 386 සාපාරාධී අඩත්තේට්ටම් කිරීම සහ අංක 486 යටතේ සාපරාධී බිය ගැන්වීම යන චෝදනා යටතේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව හෝමාගම පොලීසිය මඟින් පවරා තිබූ නඩුවේ තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් මහේස්ත‍්‍රාත්වරයා විසින් ඥානසාර හිමියන් වැරදිකරු බවට ප්‍රකාශයට පත් කර දඬුවම් නියම කළේය.
COMMENTS