කො රෝනා වෛරසය සඳහා දේශීය ඖෂධයක් සොයා ගත් ධම්මික බංඩාර මහතා තනිකර තක්කඩියෙක් යැයි වෛද්‍ය එලියන්ත වයිට් මහතාගේ බව කියන සමාජ ජාල ගිණුමක සඳහන්...
කොරෝනා වෛරසය සඳහා දේශීය ඖෂධයක් සොයා ගත් ධම්මික බංඩාර මහතා තනිකර තක්කඩියෙක් යැයි වෛද්‍ය එලියන්ත වයිට් මහතාගේ බව කියන සමාජ ජාල ගිණුමක සඳහන් වෙයි. එම සටහනේ සදහන් වෙන්නේ අදාළ පුද්ගලයා වෘත්තීයෙන් පෙදරේරුවෙකු බවත් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පොළ නියෝජිතයෙකු ලෙසද කටයුතු කර ඇති බවත්ය.
හදිසියේ ඔහුට ලද කාලී වරමක් යයි පවසමින් වෛද්‍යවරයෙක් ලෙස පෙනී සිටින බවද එම සටහනේ තවදුරටත් දැක්වේ.
මෙම පුද්ගලයාට කිසිදු වෛද්‍ය සුදුසුකමක් නොමැති බවත් ඔහුගේ සත්‍ය නම ධනපාල බවද එහි සදහන්ය.
කෙසේ වෙතත් ගිණුම වෛද්‍ය එලියන්ත වයිට් මහතාගේ යයි තහවුරු කළ නොහැක්කේ ඒ හා සමාන තවත් ගිණුම් කිහිපයක් ඇති නිසාවෙනි.

COMMENTS