දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විදුහල්පති පෙම් පලහිලව්වෙන් පාසල් සිසුවා දොට්ට.
Homeගොසිප්

විදුහල්පති පෙම් පලහිලව්වෙන් පාසල් සිසුවා දොට්ට.

PropellerAds

විදුහල්පතිවරයා සහ නියොජ්‍ය විදුහල්පතිනිය පාසල් කාර්යාලයේ අත් පටලවාගෙන සිටිනා ආකාරය දුටු සිසුවකු ඔහුගේ මව කැඳවා පාසලෙන් ඉවත් කළ බව කියන ග...

ජොනීගේ ලිලී පාරේ හෝටලේ ළඟදීම කරළියේ.
ඇලෝසියස්‌ හිරකූඩුවේ දී පැදුරට වැටෙයි.
මාලදිවයින් අගවිනිසුරුත් අත්අඩංගුවට.


විදුහල්පතිවරයා සහ නියොජ්‍ය විදුහල්පතිනිය පාසල් කාර්යාලයේ අත් පටලවාගෙන සිටිනා ආකාරය දුටු සිසුවකු ඔහුගේ මව කැඳවා පාසලෙන් ඉවත් කළ බව කියන ගම්පහ කලාපයේ පාසලක විදුහල්පතිවරයකු සම්බන්ධ විමර්ශන දේශපාලන හේතූන් මත යට ගසා ඇතැයි පළාත් අධ්‍යාපන කාර්යාලයේ ආරංචි මාර්ග කියයි.

11 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි මෙම සිසුවා හුණු කූරක් ගැනීමට උදෑසනම පාසලේ විදුහල්පති කාර්යාලයට ගොස් ඇති බවත්, එම අවස්ථාවේ නියෝජ්‍ය විදුහල්පතිනිය සහ විදුහල්පතිවරයා අත් පටලවාගෙන සිටිනවා දැක එය පන්තියේ මිතුරන්ට ප්‍රකාශ කළ බවත්, ඊට පසු දිනක ඒ ගැන විමසා විදුහල්පතිවරයා බැණ වැදුණු බවත් කියමින් සිසුවා පළාත් අධ්‍යාපන කාර්යාලයට පැමිණිලි කර තිබේ.


එක ශ්‍රේණියේ සිටම එම පාසලේ ඉගෙනුම ලැබූ සිසුවා කොට්ඨාස , කලාප සහ පළාත් ක්‍රීඩා තරඟවලින් ජයග්‍රහණ ලබා ගත් සිසුවෙකි. 

එම සිද්ධියෙන් පසු දිනපතාම විදුහල්පති සහ නියෝජ්‍ය විදුහල්පතිනිය විවිධ වැරදි කියමින් තමාට හිරිහැර කළ බවත්, දිනක් කොණ්ඩය වැඩීයැයි කියමින් නියෝජ්‍ය විදුහල්පතිනිය පහර දෙද්දී තමා අත දිගුකර එම පහරදීම්වලින් බේරීමට උත්සාහ කළ බවත්, ඉන් පසු වෙනත් ගුරුවරයකු තමාට පන්තියට යන ලෙස දැනුම් දුන් බවත් සිසුවා කළ පැමිණිල්ලක සඳහන්වේ.  

පැය කිහිපයකින් යළිත් තමා විදුහල්පති කාර්යාලයට කැඳවූ බව ද, එම අවස්ථාවේ පොලිසියේ දෙදෙනකු සහ තම මව  පාසලට කැඳවා තිබුණු බව ද, තමා විදුහල්පතිනියට පහර දීමට උත්සාහ කළ බව ඇය කියා සිටි බව ද සිසුවාගේ ලියුමේ සඳහන් වේ. එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති සිසුවා සීසීටීවී දර්ශන පරීක්ෂා කර බලන ලෙස ඉල්ලා ඇතත් එය සිදු කර නැත.  

ඉන් පසු සිසුවා පාසලෙන් ඉවත් කර ඇති අතර ඔහු තමාට වූ අසාධාරණය ගැන කලාප අධ්‍යාපන කාර්යාලයට සහ පළාත් අධ්‍යාපන කාර්යාලයට පැමිණිලි කර ඇත. කිහිප අවස්ථාවක් මේ සම්බන්ධයෙන් පළාත් කාර්යාලයට සහ කලාප කාර්යාලයට යෑමේ ප්‍රථිපලයක් ලෙස අවසානයේ සිසුවාට කලාපයේ වෙනත් පාසලක් ලැබී තිබේ. මේ හේතුව නිසා සිසුවා දැඩි මානසික පීඩාවට පත්ව ඇතැයි පාසල් ආරංචි මාර්ග කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කළත් දේශපාලන බලපෑමක් නිසා විදුහල්පතිවරයාට එරෙහි විමර්ශන යටපත් වී ඇතැයි පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග කියයි.

ගම්පහ කලාප අධ්‍යාපන කාර්යාලයෙන් කළ විමසීමක දී එහි උසස් නිලධාරියෙක් ප්‍රකාශ කළේ දේශපාලන බලපෑම් මත මේ සම්බන්ධයෙන් කටයුතු කිරීමට නොහැකි වූ බවයි. ‘මේ සිද්ධිය ගැන කලාප කාර්යාලයෙන් විමර්ශනයක් කළා. අදාළ නියෝජ්‍ය විදුහල්පතිනිය පාසලෙන් ඉවත් කරන ලෙසටත් එම විමර්ශනයේ සඳහන් වෙලා තිබුණා. නමුත් දේශපාලන බලපෑම් නිසා අපට විමර්ශනයෙන් අනාවරණය වූ කරුණු අනුව පියවරක් ගන්න බැරි වුණා. කලාප කාර්යාලය හරහා සිසුවාට වෙනත් පාසලක් ලබා දීමට කටයුතු කළා.‘ යැයි එම උසස් නිලධාරියා පැවසීය.

මේ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස් මහතාගෙන් කළ විමසීමේදී ඒ මහතා කීවේ මෙම සිදුවීම තමාට මතක නැති බවයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විදුහල්පති පෙම් පලහිලව්වෙන් පාසල් සිසුවා දොට්ට.
විදුහල්පති පෙම් පලහිලව්වෙන් පාසල් සිසුවා දොට්ට.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhJCYU21pk91VF6BqVwHTexltBUYH0-4G8AXTMtGRKCON8_dyFJS040_iKjavrleH-3y1OtEEfp-LRbJMLyU5KaTOJ0Lp38Mh2YwOXLe1u5vsBr5fzr6RpK0ad95Tj7h8oh7SdMnllEaqc/s1600/Karan-Anusha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhJCYU21pk91VF6BqVwHTexltBUYH0-4G8AXTMtGRKCON8_dyFJS040_iKjavrleH-3y1OtEEfp-LRbJMLyU5KaTOJ0Lp38Mh2YwOXLe1u5vsBr5fzr6RpK0ad95Tj7h8oh7SdMnllEaqc/s72-c/Karan-Anusha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_30.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/blog-post_30.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy