දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මුල්‍ය අපරාධ නඩු අහන පනතට මාස 5 යි : ඒත් ප්‍රතිඵල බිංදුවයි.
Homeගොසිප්

මුල්‍ය අපරාධ නඩු අහන පනතට මාස 5 යි : ඒත් ප්‍රතිඵල බිංදුවයි.

PropellerAds

මහා පරිමාන මුල්‍ය අපරාධ හා දුෂණ නඩු අඛණ්ඩව විභාග කිරීම සදහා මහාධිකරණ තුනක් පිහිටුවීම සදහා වන පනත සම්මත වී සති 5 ක් ගතවී ඇතත්,  අද දක්වාම...

මාකඳුරේ මධුෂ් අල්ලන්න පොලිසිය ඇමෙරිකාවෙන් උදවු ඉල්ලයි
වික්ටර් හෂිනි නව යුවළ එංගලන්තයට
නාමල් රෝහිත ළමුන් සමග පූල් එකේ ජල ක්‍රීඩා කරලා


මහා පරිමාන මුල්‍ය අපරාධ හා දුෂණ නඩු අඛණ්ඩව විභාග කිරීම සදහා මහාධිකරණ තුනක් පිහිටුවීම සදහා වන පනත සම්මත වී සති 5 ක් ගතවී ඇතත්,  අද දක්වාම, කිසිදු මහාධිකරණයක් හෝ ස්ථාපනය වී නැතැයි  ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍ර‍ය චෝදනා කරයි. 

අදාළ පනත යටතේ වන පළමු මහාධිකරණය ජූලි 4 දින විවෘත කිරීමට බලාපොරොත්තුවන බව මුලින් ප්‍ර‍කාශ වුව ද, විශේෂිත ආකාරයකින් කාමර හා පහසුකම් සම්පාදනය කළ යුතු අධිකරණ ගොඩනැගිල්ලේ අභ්‍යන්තර ඉදිකිරීම් මේ වන විට නාවික හමුදාව විසින් සිදු කරමින් සිටින බවද එම සංවිධානය පෙන්වා දෙයි.

එසේම  දෙවන හා තුන්වන මහාධිකරණ සදහා අවම වශයෙන් සුදුසු ස්ථානයක් හෝ තෝරා ගැනීම හෝ මේ දක්වා සිදුව නැතැයි ද, ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ නිරීක්ෂණය වී ඇත.

නිවේදනයක් නිකුත් කරමින් මානව හිමිකම් කේන්ද්‍රය මේ බව සඳහන් කරන අතර වත්මන් ජනාධිපති ධූර කාලය අවසන්වන තුරු එම අධිකරණ වල  නඩු පහක්වත් විභාග කර අවසන් කිරීමෙට නොහැකිවීමේ තත්ත්වයක්ද තිබෙන බවද එහි පෙන්වාදී ඇත.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.

1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනත 2018 මැයි 9 දින පාර්ලිමේන්තුව මගින් සංශෝධනය විය.  එය මැයි 12 දින කථානායකවරයා විසින් සහතික කරනු ලැබීය.   පසුගිය දා අලුතෙන් පත් කළ මහාධිකරණ විනිසුරුවන් 13 දෙනා අතුරින් පිරිසක් මහාධිකරණ වෙත යොමු කොට ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් 9 දෙනෙකු මහා පරිමාණ මුල්‍ය අපරාධ, දුෂණ හා අල්ලස් සම්බන්ධ නඩු විභාගය සදහා අනියුක්ත කරමින් මෙම මහාධිකරණ 3 ස්ථානපය කිරීමට යෝජිතය.  

පනතේ 12 වගන්තිය අනුව අගවිනිසුරුවරයා විමසා අධිකරණ අමාත්‍යවරයා විසින් මෙම මහාධිකරණ ස්ථාපනය කළ යුතුය.  මහාධිකරණ විනිසුරුවරුන් 3 දෙනෙකුට කල්තැබීමකින් තොරව දිනපතා මෙම නඩු විභාග කළ හැකි අතර බොහෝ විට උදේ-සවස ලෙස නඩු දෙකක් විභාගය ගැනීමේ හැකියාව පවතී.  විනිසුරුවන් තිදෙනෙකු ගේ සහභාගීත්වයෙන් විභාග විය යුතු යැයි හැගෙන සංකීර්ණ මුල්‍ය අපරාධ 12 කට වැඩි ප්‍ර‍මාණයක් මේ වන විට පවතියි.

ලංකාවේ මහාධිකරණවල 2017 සැප්තෑම්බර් වන විට නඩු 17,565 ක් ගොඩ ගැසී තිබුණි.

මහා පරිමාන මුල්‍ය අපරාධ හා අල්ලස් සම්බන්ධයෙන් වන නඩු අඛණ්ඩව විභාග කරෙන පළමු මහාධිකරණය කොළඹ නීති විද්‍යාලය අසල රථවාහන නඩු විභාග වූ අධිකරණ ප්‍ර‍තිසංස්කරණය කිරීමෙන් පසුව එහි ස්ථාපනය කිරීමට යෝජිතය. නඩුකාරවරුන්ට කාමර 3 ක්, නීතිඥවරුන්, අධිකරණ නිලධාරීන්, රෙජිස්ට්‍රාර්වරයා, බන්ධනාගාර නිලධාරීන්, රජයේ අධිනීතිඥවරුන් සදහා ද අධිකරණය අනෙකුත් මුලික පහසුකම් සහිතව ද මෙම යෝජිත මහාධිකරණ සදහා ඉඩ පහසුකම් සකස් විය යුතුය.  

දෙවන හා තෙවන මහාධිකරණ පිහිටුවන ස්ථාන පිළිබද මේ දක්වා තීරණයක් ගෙන නොමැත.  ඒ සදහා සුදුසු ගොඩනැගිලි සොයා ගැනීමට නොහැකි වී ඇත.  අලුත්කඩේ අධිකරණ සංකීර්ණයේ මේ සදහා ඉඩ නොමැත.  අනෙක් අතට විත්කරුවන් වෙනුවෙන් පෙනී සිටින ප්‍ර‍මුඛ නීතිඥවරුන් හා ඔවුන්ගේ කණිෂ්ඨ නීතිඥවරුන් වෙනත් මහාධිකරණ නඩු සදහා ද පෙනී සිටින බැවින් අලුත්කඩේ සංකීර්ණයෙන් පිටතට මෙම අධිකරණ ගෙන යාමේ දී ප්‍රායෝගික ගැටළු මතු විය හැකිය. 

මහා පරිමාණ වංචා දුෂණ පිළිබද විමර්ශන අවසන් වූ ලිපගොනු සියයට ආසන්න ප්‍ර‍මාණයක් මේ වන විට නීතිපතිවරයා වෙත යොමු කර ඇත. එයින් නඩු පැවරීම සදහා වහා කටයුතු කළහැකි ලිපිගොනු 20 ක්පමණ ඇතැයි විශ්වාස කෙරේ.  අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසන් සභාව හෝ නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයා  වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් පසුව, මෙම විශේෂ මහාධිකරණවල විභාගයට ගැනෙන නඩු තීරණය වනු ඇත.  නාවික හමුදාව විසින් මේ වන විට අලුත්වැඩියා කරමින් පවතින ගොඩනැගිල්ල ජූනි 30 දින වන විට වැඩ අවසන්වන්නේ නම් පමණක් ජූලි 4 දින නව මහාධිකරණයේ පළමු නඩු විභාගය සිදු කළ හැකි වනු ඇත.

රජය විසින් දිගින් දිගටම පොරොන්දු වූ පරිදි දුෂණ, වංචා අල්ලස් නඩු ඉක්මනින් විභාග කිරීමට නම් යෝජිත මහාධිකරණ 3 සදහා අවශ්‍ය පහසුකම් ලබාදී ඉක්මනින් නඩු ඇසීමේ කාර්යය ආරම්භ කළ යුතුව ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය අවධාරණය කරයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මුල්‍ය අපරාධ නඩු අහන පනතට මාස 5 යි : ඒත් ප්‍රතිඵල බිංදුවයි.
මුල්‍ය අපරාධ නඩු අහන පනතට මාස 5 යි : ඒත් ප්‍රතිඵල බිංදුවයි.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiR-2E3ch1bTMfxzrLcaBt0TcljTgN9n9Ijj82kSGjNEkhxyTKVtBit0HyXfnV7mXbeIpsLrg4wYDsZa9JoG6g43lT1xVsOLhUQIrNe_mANFT6tJh8dxhChEPongmhFeHBBsmN1moW4bgw/s1600/Untitled-3-4.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiR-2E3ch1bTMfxzrLcaBt0TcljTgN9n9Ijj82kSGjNEkhxyTKVtBit0HyXfnV7mXbeIpsLrg4wYDsZa9JoG6g43lT1xVsOLhUQIrNe_mANFT6tJh8dxhChEPongmhFeHBBsmN1moW4bgw/s72-c/Untitled-3-4.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/5.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/5.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy