දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දිල්කා හෙළි කරන 360 පිටුපස ඇති සැබෑ කතාව...
Homeගොසිප්

දිල්කා හෙළි කරන 360 පිටුපස ඇති සැබෑ කතාව...

PropellerAds

දිල්කා සමන්මලී කියන්නේ ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස වගේම තවත් බොහෝ වැඩසටහන් මෙහෙයවීමෙන්ද ටී.වී. දෙරණ නාලිකාවට සිය දායකත්වය ලබා දෙන මාධ්‍යවේද...

නඩු විභාග පටිගත කර පරිගණකගත කිරීමේ ක්‍රමයක්
හමුදාවට යන්න ඉන්ටවිව් ෆේල් වුණු දුකට තරුණයා ගෙල වැලලාගෙන
පුද්ගලික අංශයට සති අන්තයේ දින දෙකම නිවාඩු - රාජ්‍ය අංශයේ සේවා ආරම්භක වේලාව නම්‍යශීලී වන ලකුණු

දිල්කා සමන්මලී කියන්නේ ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස වගේම තවත් බොහෝ වැඩසටහන් මෙහෙයවීමෙන්ද ටී.වී. දෙරණ නාලිකාවට සිය දායකත්වය ලබා දෙන මාධ්‍යවේදිනියක වුවත්, ඇයව බොහෝ දෙනා හඳුනාගෙන සිටින්නේ 360 සංවාදාත්මක දේශපාලන වැඩසටහන මෙහෙයවන නිවේදිකාව ලෙසයි. විවිධාකාර වූ දේශපාලනඥයන් සමග හරි හරියට ප්‍රශ්න කරන දිල්කා සමන්මලීගේ භූමිකාව පිටුපස ඇති ඔබ අපි නොදන්නා දේ මොනවාද? ඇයගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු මොනවගේද? අද අපේ සූදානම ඒ පිළිබඳව අපට ඇති ප්‍රශ්න පත්‍රය ඇයට ඉදිරිපත් කිරීමයි.

මීට සති දෙකකට පමණ කලින්, රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සහභාගි වූ 360 වැඩසටහන ඉතා උණුසුම් ස්වරූපයකිනුයි අවසන් වුණේ. ඔබ සහ අනෙක් මාධ්‍යවේදියා එම වැඩසටහන මෙහෙයවූ ආකාරය ගැන, වැඩසටහනෙන් අනතුරුව සමාජ මාධ්‍ය හරහා විවිධ විවේචනද එල්ල වී තිබුණා. එම විවේචන සම්බන්ධයෙන් ඔබට මොනවාද කියන්න තියෙන්නේ ?

360 වැඩසටහනේ ඉතිහාසය පුරා විවිධ දේශපාලකයන් සහභාගි වූ වැඩසටහන් විවිධ විදිහට කතාබහට ලක්වුණා. හැම වැඩසටහනකටම ඒ වගේ විශාල අවධානයක් ලැබෙන්නේ නැහැ. නමුත් සමහර දේශපාලනඥයෝ සහභාගි වෙන වැඩසටහන් ගැන පසුදා වෙද්දී කොහොමටත් සමාජයේ කතිකාවක් ඇති වෙනවා. සුජීව ඇමැතිතුමාත් එවැනි කෙනෙක්. ඔහු සහභාගි වූ හැම 360 වැඩසටහනක් වගේම අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනේදී ඇති වූ මත ගැටුමකටත් මීට කලින් විශාල අවධානයක් ලැබුණා. ඒත් මම දැක්කා මේ අවස්ථාවේදී ඒ ගැන කතාබහ වෙනදාටත් වඩා දුරට පැතිරිලා තිබෙන බව. සමහර විට සුජීව සේනසිංහ මහතා ගැන මේ දිනවල පැතිරෙන ප්‍රවෘත්තිත් ඊට බලපාන්න ඇති. එතැනදී සමහරු කියනවා ඇමැතිතුමා නිවැරදියි කියලා. තවත් සමහරු කියනවා මමත් අනෙක් මාධ්‍යවේදියාත් නිවැරදියි කියලා. ඒක ඒ අයගේ මතය. ඒ අදහස් දිහා මම බොහොම උපේක්ෂා සහගතව තමයි බලන්නේ.

ඒ කියන්නේ 360  වැඩසටහන මෙහෙයවන ආකාරය සම්බන්ධයෙන් ඔබට ඇතැමුන් එල්ල කරන චෝදනා ගැන ඔබ තැකීමක් කරන්නේ නැහැ කියන එකද?

මම කවදාවත් මා ගැන වෙබ් අඩවිවල පළවෙන කමෙන්ට් කියවන්නේ නැහැ. හැබැයි මාව ළඟින් ඇසුරු කරන අය ඒවායේ මා ගැන යමක් පළවෙලා තිබුණොත් ඒ ගැන මට කියනවා. ඒවාට උත්තර නොදෙන්නේ ඇයි කියලා මගෙන් අහනවා. නමුත් මගේ හෘද සාක්ෂියට එකඟව මට දැනෙනවා නම් මම කරන දේ නිවැරදියි කියලා ඒ ගැන සමාජය මොනවද කියන්නේ කියන එක ගැන හිතලා මම කනගාටු වෙන්නෙ නැහැ.

360 වැඩසටහනේදී ඔබ සමහර දේශපාලකයන්ගෙන් අහන ප්‍රශ්න ගැනත් ඇතැමුන්ට තිබෙන්නේ ප්‍රසාදයක් නොවෙයි. ඒ ගැන ඔබේ අදහස මොකක්ද? 

මම අහන සමහර ප්‍රශ්න සමාජයට ප්‍රශ්නයක් වෙන අවස්ථා තිබෙනවා. නමුත් 360 වැඩසටහනට සහභාගි වෙන දේශපාලනඥයාට වඩා විරුද්ධ මතයක ඉඳලා ප්‍රශ්න නොකර, මමත් ඔහුගේම මතයේ හිටියොත් සාකච්ඡාවේදී සාර්ථකව තොරතුරු එළියට ගන්න බැහැ. ඒ නිසා නිවේදිකාවක් විදිහට නිවැරදියි කියලා හිතෙන දේ තමයි මම හැමවිටම කරන්නේ.

දේශපාලකයන් සමග මත ගැටුම් ඇතිවන ආකාරයට වැඩසටහන මෙහෙයවීම ගැන ඔබේ ගෙදර උදවිය මොනවාද කියන්නේ?

මගේ අම්මා නම් කොහෙත්ම කැමති නැහැ. දේශපාලකයෝ අමාරුවේ වැටෙන ප්‍රශ්න අහන එක අවදානම් වැඩක් කියලා තමයි ඇය හැම වෙලාවෙම කියන්නේ. හැබැයි මගේ සැමියා නම් මගේ වෘත්තියේ ස්වභාවය හොඳින් තේරුම් අරගෙනයි ඉන්නේ. සමහර වැඩසටහන්වලදී මට මග හැරෙන තැන් පවා ඔහු මට ගෙදර ආවම පෙන්වා දෙනවා ඔයා මේ වෙලාවේ මේ විදිහේ ප්‍රශ්නයක් ඇහුවා නම් හොඳයි කියලා.

මෙතෙක් කාලයක් ඔබ තනිවමයි 360 වැඩසටහන මෙහෙයවූයේ. නමුත් දැන් ඔබේ සහයට තවත් මාධ්‍යවේදියෙකුත් ඊට එකතු වෙනවා. ඇයි වැඩසටහනේ මෙතෙක් පැවැති ආකෘතිය දැන් වෙනස් කරලා තියෙන්නේ?

ඒක දෙරණ කළමනාකරුවන් විසින් ගත් තීරණයක්. 360  වැඩසටහනේ relaunch එකත් සමග එය නව මුහුණුවරකින් හඳුන්වාදීමට ඔවුන් තීරණය කර තිබුණා. ඒ වෙනසත් එක්ක තමයි තවත් මාධ්‍යවේදියකුව වැඩසටහනට එක්කාසු කරගත්තේ. දෙදෙනෙක්ම හිතලා ප්‍රශ්න අහන නිසා ඒ වෙනසත් එක්ක වැඩසටහනට වෙනදාට වැඩි දෙයක් එකතු වෙනවා කියලා මට හිතෙනවා.

360  උණුසුම් ස්වරූපයකින් අවසන් වූ අවස්ථාවලින් අනතුරුව ඊට සහභාගි වූ දේශපාලනඥයන්ගෙන් ඔබට තර්ජන ගර්ජන එල්ල වූ අවස්ථා තිබෙනවාද?

සමහරු දුරකථනයෙන් අමතලා මට තර්ජනය කරපු අවස්ථා තියෙනවා. දේශපාලකයෝ විදිහට පරිණත නොවූ අය සම්බන්ධ වූ අවස්ථාවලදී තමයි එවැනි අත්දැකීම්වලට මුහුණ දෙන්න සිදුවෙලා තියෙන්නේ. එවන් අය හදිසි තීරණ අරගෙන ඒ විදිහේ ක්‍රියා මාර්ග ගන්නවා. නමුත් නිවේදිකාවක් විදිහට ඔවුන් මගේ ධාරිතාව දන්න නිසා වෙන්න ඇති ඒ තර්ජන එතැනින් එහාට ගිහිල්ලා නැහැ. මොකද මම ප්‍රවෘත්තිමය කාරණාවක් සඳහා හැරුණාම කිසිදු පෞද්ගලික කාරණාවක් සඳහා දේශපාලකයන් සමග ගනුදෙනු කරන නිවේදිකාවකුත් නොවෙයි.

මීට වසර ගණනාවකට කලින් 360  වැඩසටහනට එකතු වෙද්දී ඔබට විශ්වාසයක් තිබුණද එය මේ තරම් ජනතාව අතරේ කතා බහට ලක් වේවි කියලා?

නැහැ. මොකද ඇත්තම කිව්වොත් මම මේ විදිහේ වැඩසටහනක් මෙහෙයවන්න කිසිසේත්ම බලා‍පොරොත්තුවෙන් හිටපු කෙනෙක් නොවෙයි. නිදහස් මාධ්‍යවේදිනියක් විදිහට දෙරණ ප්‍රවෘත්ති අංශයට සම්බන්ධ වෙලා සිටියදී තමයි මට මීට අවුරුදු 9කට කලින් මේ වැඩසටහන මෙහෙයවීම බාරගන්න කියලා ආයතනයෙන් යෝජනා කළේ. එතකොට වෙනත් නිවේදිකාවක් විසින් ටික කාලයක් මෙහෙයවලා මේ වැඩසටහන නවත්වා දමලයි තිබුණේ. ඒ කා‍ලේ වෙද්දී මගේ වයස සහ අත්දැකීම් හුඟක් අඩුයි. ජීව විද්‍යාව හදාරපු කෙනෙක් නිසා දේශපාලන විද්‍යාව ගැන කිසිම දැනුමක් මට තිබුණේ නැහැ. දේශපාලනයට අදටත් මගේ ආසාවක් නැහැ. මේ හේතූන් නිසා මම ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කළා. නමුත් එවකට අපේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාව සිටි ෂෙහාන් බරණගේ සහ වැඩසටහනේ නිෂ්පාදක මාධව මඩවලගේ අදහස වුණේ මට මේ වැඩසටහන කරන්න පුළුවන් කියන එකයි. ඔය අතරතුරේ මුහුණ දීමට සිදුවූ එක්තරා සිදුවීමක් තමයි මගේ තීරණය වෙනස් කරන්න හේතුවුණේ.

මොකක්ද ඔය කියන සිදුවීම?

දවසක් 360  නිෂ්පාදකවරයා සමග මම තේ බොමින් සිටිද්දී 360 කලින් මෙහෙයවපු නිවේදිකාව එතැනට ආවා. ඇය ඇවිත් නිෂ්පාදකවරයාට කිව්වා මේ වැඩසටහනට නඩු දාන්නයි යන්නේ. ආයෙමත් මේක පටන් ගන්න වෙන්නේ නෑ. අලුතෙන් මේකට කෙනෙක් සම්බන්ධ වුණොත් එයාටත් හිරේ යන්නයි වෙන්නේ කියලා. ඒ වෙලාවේ මම තේරුම් ගත්තා ඇය මේ කතාව කිව්වේ 360  මෙහෙයවන්න මට ආරාධනාවක් ලැබිලා බව දැනගෙනයි කියන එක. ඒ නිසා මම තේ එක බිලා ඉවර වෙලා ඒවෙ‍ලේම ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයාට ගිහින් කිව්වා මම මේ වැඩසටහන බාර ගන්නවා කියලා. ඇත්තටම මට ආපු ඒ අභියෝගයට අභියෝග කරමින් තමයි මම 360  බාරගත්තේ. ටික කලකින්ම වැඩසටහන ජනප්‍රිය වුණා. ඊට පස්සේ 360 අනුකරණය කරමිනුත් නිවේදිකාවන් යොදලා විවිධ වැඩසටහන් ආරම්භ වුණා. නමුත් ඒවා සාර්ථක වුණේ නැහැ. 360 න් මට පුළුවන්කම ලැබුණා කාන්තාවන්ටත් මේ විදිහේ වැඩසටහන් කරන්න පුළුවන් කියලා පෙන්වා දෙන්න.

මාධ්‍යවේදිනියක් විදිහට මොන විදිහේ පිම්මකටද ඔබ මීළඟට සූදානම් වෙන්නේ ?

නිදහස් මාධ්‍යවේදිනියක් විදිහට දෙරණ ආයතනයට එක්වුණු මම අද එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනියක්. හැබැයි මම කවදාවත් ලොකුවට ටාගට් තියාගෙන වැඩකරන කෙනෙක් ‍නෙවෙයි. එදිනෙදා මට බාරදෙන වගකීම මම හරිහැටි ඉටුකරනවා. එහෙම කරද්දී මම දන්නවා මට ඒකෙන් අනාගතයේ හොඳක් මිස නරකක් සිදු නොවන බව.

හුඟ දෙනෙක් දන්නේ ඔබ රූප පෙට්ටියේ කරන කියන දේවල් ගැන විතරයි. කැමතිද ඔබේ පෞද්ගලික ජීවිතයේ විස්තර ගැනත් කියන්න?

මගේ ජීවිතේ අංක එක තමයි මගේ පවුල. මට ඉන්නේ අවුරුදු 3ක සහ 1 1/2ක පුංචි දරුවෝ දෙන්නෙක්. ඉතින් පවු‍ලේ වැඩ රාජකාරි එක්ක වෘත්තීය කටයුතු පටලවා ගන්නේ නැතුව ඒ දෙක සමබර කරගෙන තමයි මම ජීවිතය ගෙනියන්නේ.

[කිෂාන් කනංකෙ] 
ඡායාරූප - තුෂාර සංජීව

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29323,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දිල්කා හෙළි කරන 360 පිටුපස ඇති සැබෑ කතාව...
දිල්කා හෙළි කරන 360 පිටුපස ඇති සැබෑ කතාව...
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEguWFD2AZVkbJaiAmg0MPGAJ9gkc5j0b0pP8ZZCvVF32XbrNtsLU0PRH-q3PhrjLZPp8g_eWHqu2M7L7p3ajJdsm88med0OBE50-w76uZ3MN1QUCK8FeYU2__pBJ7mc1e9ZzCZwzc4ZtrA/s1600/Dilka-Samanmali.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEguWFD2AZVkbJaiAmg0MPGAJ9gkc5j0b0pP8ZZCvVF32XbrNtsLU0PRH-q3PhrjLZPp8g_eWHqu2M7L7p3ajJdsm88med0OBE50-w76uZ3MN1QUCK8FeYU2__pBJ7mc1e9ZzCZwzc4ZtrA/s72-c/Dilka-Samanmali.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/360.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/360.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy