දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මාධ්‍ය අරුණ 2018 ණය යෝජනා ක්‍රමය ඇරඹේ : වෙබ් මාධ්‍යවේදීන්ට අවස්ථාවක්!
Homeගොසිප්

මාධ්‍ය අරුණ 2018 ණය යෝජනා ක්‍රමය ඇරඹේ : වෙබ් මාධ්‍යවේදීන්ට අවස්ථාවක්!

PropellerAds

ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් යෝජිත “මාධ්‍ය අරුණ” විශේෂ ණය යෝජනා ක්‍රමය 2018 සඳහා අයඳුම්පත් කැඳවීම ආරම්භ කර ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශ...

සාරුවා සුනිල්ගේ බිරිඳ මෛත්‍රී සමඟ වැඩ අරඹයි [Exclusive]
කෙහෙලිය එජාපයට එන බවට හැරිසන්ගෙන් කැට : 10ක පිල් මාරුවක් ගැන ඉඟි.
රුසියාවේ ශ්‍රී ලංකා තේ තහනම 30 දා අවසන්.



ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් යෝජිත “මාධ්‍ය අරුණ” විශේෂ ණය යෝජනා ක්‍රමය 2018 සඳහා අයඳුම්පත් කැඳවීම ආරම්භ කර ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ජනමාධ්‍යවේදීන් සඳහා මාධ්‍ය උපකරණ මිලදී ගැනීමට රුපියල් ලක්ෂ 3ක උපරිමයකට යටත්ව පොළී රහිත ණය මුදලක් හෝ තමන් සතුව පවතින මාධ්‍ය උපකරණ වැඩිදියුණු කරගැනීම සඳහා රුපියල් එක් ලක්ෂ පනස් දහසක උපරිමයකට යටත්ව පොළී අනුපාතයෙන් සියයට 50 පොළී සහනයක් යටතේ ණය ලබාදෙන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටී. වසර තුනක සේවා කාලයක් සපුරා ඇති වයස අවුරුදු 60ට අඩු මෙරට පිළිගත් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතනවල පූර්ණකාලීන හා අර්ධකාලීන පදනම මත සේවයේ යෙදී සිටින මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන්, ප්‍රදේශීය මාධ්‍යවේදීන් සහ වෙබ් මාධ්‍යවේදීන්ට මෙම විශේෂ ණය යෝජනා ක්‍රමයට අයඳුම් කළ හැකිය.  

ඇසි දිසි ශිෂ්‍යත්ව වැඩසටහනටත් අයදුම්පත් කැඳවයි

මේ අතර මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් වාර්ෂිව ක්‍රියාවට නංවනු ලබන මාධ්‍යවේදී පුහුණු පාඨමාලා සඳහා මූල්‍යාධාර සැපයීමේ ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව - 2018 වැඩසටහන සඳහා අයදුම්පත් කැඳවීම ද මේ වන විට ආරම්භ කර තිබේ.

වෙබ් මාධ්‍යවේදීන්ටත් අවස්ථාවක්!

මෙතෙක් මෙම ණය යෝජනා ක්‍රමයට සහ ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා වෙබ් මාධ්‍යවේදීන් සඳහා අවස්ථාවක් හිමිව තිබුණේ නැත.

නමුත්, 2017 වසරේ සිට වෙබ් මාධ්‍යවේදීන් ද මෙම වැඩපිළිවල සඳහා ඇතුලත් කරගෙන තිබීම විශේෂත්වයකි.

මේ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ වෘත්තිය වෙබ් මාධ්‍යවේදින්ගේ සංගමයේ කමිටු සාමාජික විමුක්ති දුෂාන්ත ප්‍රකාශ කලේ වෙබ් මාධ්‍යවේදින්ගේ වසර ගණනාවක අරගලයකින් පසු ලබා ගැනීමට හැකි වූ මෙම ජයග්‍රහණය පිළිබඳව තම සංගමය සතුටු වන බවයි. එසේම වෙබ් මාධ්‍යවේදින්ගේ වෘත්තිය අයිතිවාසිකම සහ සුභසාධනය වෙනුවෙන් ඉදිරියටත් තම සංගමයේ සටන නොකඩවා කරගෙන යන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ලබා ගන්නා ආකාරය

මාධ්‍ය අරුණ ණය යෝජනා ක්‍රමය සඳහා සම්පූර්ණ කරන ලද අයදුම්පත් ජූලි 31 දින හෝ එදිනට පෙර, ඇසි දිසි ශිෂ්‍යත්ව වැඩසටහනට සඳහා සම්පූර්ණ කරන ලද අයදුම්පත් ජූලි 16 දින හෝ එදිනට පෙර අධ්‍යක්ෂ (මාධ්‍ය), මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, අංක 163, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05 ලිපිනයට ලියාපංදිචි තැපෑලෙන් යැවිය යුතු වේ.  

මේ පිළිබඳව වැඩි විස්තර හා අයදුම්පත් 011 2 513 645 , 011 2 513 459 හෝ 011 2 513 460 යන දුරකතන අංකවලින්   හෝ   www.media.gov.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.

අයදුම්පත් පහත දිගු තුලින් ලබා ගත හැක.

මාධ්‍ය අරුණ ණය යෝජනා ක්‍රමය
ඇසි දිසි ශිෂ්‍යත්ව වැඩසටහන

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29315,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මාධ්‍ය අරුණ 2018 ණය යෝජනා ක්‍රමය ඇරඹේ : වෙබ් මාධ්‍යවේදීන්ට අවස්ථාවක්!
මාධ්‍ය අරුණ 2018 ණය යෝජනා ක්‍රමය ඇරඹේ : වෙබ් මාධ්‍යවේදීන්ට අවස්ථාවක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhgZRnOes7l_EUWeVJR1ShqxjlFAZil7wJyi73sMKFvHc4nYZKyqSTcwmjAPmWdipldEolOTeMJBTnuoBpQf-8UMvv7yc9pbZNPzl_H85CnfEHdpXoGRcUeJ7at4yJ8Kece_5e0KWzrnOU/s1600/sri-lanka-media-ministry.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhgZRnOes7l_EUWeVJR1ShqxjlFAZil7wJyi73sMKFvHc4nYZKyqSTcwmjAPmWdipldEolOTeMJBTnuoBpQf-8UMvv7yc9pbZNPzl_H85CnfEHdpXoGRcUeJ7at4yJ8Kece_5e0KWzrnOU/s72-c/sri-lanka-media-ministry.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/2018.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/2018.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy