දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රුසියාවේ ශ්‍රී ලංකා තේ තහනම 30 දා අවසන්.
Homeගොසිප්

රුසියාවේ ශ්‍රී ලංකා තේ තහනම 30 දා අවසන්.

PropellerAds

ශ්‍රී ලංකා තේ සඳහා රුසියානු රජය විසින් පසුගියදා පැනවූ තහනම දෙසැම්බර් මස 30දා සිට අත්හිවීමට එරට බලධාරීන් අද (25) තීරණය කල බව එරට සිටින ශ්‍...

මියුසියස් හෝල් ගින්න හිතාමතා භූමිතෙල් දමා කළ ගිනිතැබීමක්
මුදල් ඇමැති රවීගේ දියණියගේ කොම්පැනියේ අවුලක්
ඉඳිආප්ප ගෙදර කතාව හැදූ මල්කුමාරිගේ පියා HS සමුගනී

ශ්‍රී ලංකා තේ සඳහා රුසියානු රජය විසින් පසුගියදා පැනවූ තහනම දෙසැම්බර් මස 30දා සිට අත්හිවීමට එරට බලධාරීන් අද (25) තීරණය කල බව එරට සිටින ශ්‍රී ලංකා තානාපති වෛද්‍ය සමන් වීරසිංහ මහතා පැවසිය.

මෙරට තේ සඳහා තහනමක් පැනවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම සහ රුසියානු බලධාරින් අතර අද පෙරවරුවේ පැවති සාකච්ඡා වෙන් පසු මෙම තීරණය ගෙන ඇත.

රුසියාව ශ්‍රී ලංකාවේ තේ සඳහා තහනමක් පැනවුයේ, මෙරටින් යැවූ තේ බහාලූමක 'කප්රා' නැමැති කුරුමිණි බිත්තර තිබු බව පවසමිනි.

මින් ඉදිරියට එවැනි අතපසුවීම් සිදුනොවීමට වගබලා ගන්න බවට මෙරට නියෝජිතයින් එරට බලධාරීන්ට සහතික වී තිබේ.

රුසියාව ශ්‍රී ලංකාවේ ප්‍රධානම තේ ගැණුම්කරුවා වන අතර ශ්‍රී ලංකාව අපනයනය කරන තේවලින් සියයට විසි පහක්ම මිලදී ගන්නේද රුසියාවයි.

ඒ අනුව, රුසියාව පැනවූ මෙම තහනම මෙරට තේ කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කර තිබිණ.

ශ්‍රී ලංකාවේ නියෝජිත කණ්ඩායමක් ඊයේ රුසියාව බලා පිටත්ව ගියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා රුසියානු ජනාධිපති පුටින් මහතා අතර පැවති ලිපි හුවමාරුවක ප්‍රතිපලයක් ලෙසය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රුසියානු ජනාධිපති පුටින් මහතාට යැව් ලිපිය මෙම තහනම ඉවත්කර ගැනීමට විශාල පිටුවහලක් වූ බව වෛද්‍ය සමන් වීරසිංහ මහතා වැඩිදුරටත් පැවසිය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රුසියාවේ ශ්‍රී ලංකා තේ තහනම 30 දා අවසන්.
රුසියාවේ ශ්‍රී ලංකා තේ තහනම 30 දා අවසන්.
http://ift.tt/2BQAybZ
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/30_25.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/30_25.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy