දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය :1860 න් පසු මෙරට ප‍්‍රවාහන ක්‍ෂෙත‍්‍රයේ පෙරළියක්!
Homeගොසිප්

සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය :1860 න් පසු මෙරට ප‍්‍රවාහන ක්‍ෂෙත‍්‍රයේ පෙරළියක්!

PropellerAds

මාලබේ තොරතුරු තාක්ෂණ උද්‍යානයේ සිට පිටකොටුව දක්වා ජපන් ජයිකා ආයතනයේ ණය ආධාර යටතේ කි‍්‍රයාත්මක කිරීමට යෝජිත සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය...

නාවින්න ක්‍රීඩාංගණයේ කෝටි 11ක ව්‍යාපෘතිය අතරමඟ.
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගනී.
අයිති නැති දේපළකට බැසිල් වුන මහන්සිය : අධිකරණයේ හෙළිවේ.



මාලබේ තොරතුරු තාක්ෂණ උද්‍යානයේ සිට පිටකොටුව දක්වා ජපන් ජයිකා ආයතනයේ ණය ආධාර යටතේ කි‍්‍රයාත්මක කිරීමට යෝජිත සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතියේ මූලික අදියර කි‍්‍රයාත්මක කරමින් ශක්‍යතා අධ්‍යන වාර්තාව එම ආයතනයේ ශ‍්‍රී ලංකා ප‍්‍රධානී ෆුසාටෝ ටනාකා මහතා (Fusato Tanaka) විසින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා වෙත නිල වශයෙන් භාරදීම අද (29) දින මහානගර අමාත්‍යාංශයේදී සිදුවිය.

එයට සමගාමීව  සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතියේ නිල වෙබ් අඩවිය (www.clr.lk) ජනගත කිරීමද අමාත්‍යවරයා හා ජයිකා ශ‍්‍රී ලංකා ප‍්‍රධානී අතින් සිදු කෙරුණි. මෙම වෙබ් අඩවිය මගින් සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතියේ සියලූම තොරතුරු ජනතාව වෙත ලබා ගත හැකිවනු ඇත. ඒසේම සමස්ත ව්‍යාපෘතිය සඳහා ඩොලර් මිලියන 1700 ක් වැය කිරීමට නියමිත අතර එම මුදල ජයිකා ආයතනය විසින් 0.1% ක පොලියක් මත සහන ණය මුදලක් ලෙස ලබාදේ. මේ වන විට ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කිරීම සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු ආරම්භ වී ඇත. 2019 වසර ඇතුළත විස්තරාත්මක සැලසුම නිම කිරීමටත් 2020 දී ඉදිකිරීම් කටයුතු ආරම්භ කොට 2024 දී ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමට නියමිතය.


එහිදී අදහස් දැක්වූ මහනගර අමාත්‍යවරයා, ‘අද දින අපට විශේෂ දිනයක් වනවා මෙම සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය සම්බන්ධව. යම් ව්‍යාපෘතියක් සාර්ථක වීමට නම් විධිමත් ශක්‍යතා අධ්‍යනයක්, විධිමත් පරිසර අධ්‍යනයක්, විධිමත් සමාජ අධ්‍යනයක් හා විධිමත් මූල්‍ය අධ්‍යනයක් අවශ්‍යයි. අතීතයේ අපි කරපු හුඟක් ව්‍යාපෘති විධිමත් මූල්‍ය අධ්‍යනයකින් තොරව සිදු කළ නිසා ඒවා ණය බර බවට පරිවර්ථනය උනා. නමුත් මෙම ශක්‍යතා අධ්‍යනයෙන් අපට පෙනී ගොස් තිබෙනවා මෙය රට ණය කරන ව්‍යාපෘතියක් නෙමෙයි රට උද්දීපනය කරන ව්‍යාපෘතියක් බවට පත් වෙන බව.

මෙය අපට අලූත් අත්දැකීමක් වනවා. විශේෂයෙන්ම 1860 මෙරටට දුම්රිය සේවය හඳුන්වා දුන්නට පස්සේ ඇතිවන අලූත් අත්දැකීමක් මෙය. ජපාන රජයට අප ස්තූතිවන්ත වෙනවා අපගේ මිත‍්‍ර රටක් හැටියට පසුගිය දශක කිහිපය තුළ මෙරට දියුණුව සඳහා අවංකවම අතහිත දීම පිළිබඳව. ජපන් රජය විසින් ඩොලර් බිලියන 1.7 ක් වැනි විශාල මුදලක් ලබාදීම ගැන අපි විශේෂ ස්තූතිය ඔවුන් වෙත පිරිනමනවා. මෙයට සමාන්තරව සැහැල්ලූ දුම්රිය මාර්ග තුනක් පිළිබඳව හැදෑරීම් කටයුතු සිදු කරනවා. එම ව්‍යාපෘති කටයුතු රජය සහ පුද්ගලික අංශයේ ඒකාබද්ධයෙන් මේ වන විට සිදු කෙරෙමින් පවතිනවා. ලබන වසර මුල වන විට කි‍්‍රයාත්මක තත්වයට ගෙන ඒමට කටයුතු කරනවා’ යයි පැවසීය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය :1860 න් පසු මෙරට ප‍්‍රවාහන ක්‍ෂෙත‍්‍රයේ පෙරළියක්!
සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය :1860 න් පසු මෙරට ප‍්‍රවාහන ක්‍ෂෙත‍්‍රයේ පෙරළියක්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgT4JT_sL8NXHrU2FhDJ7tfGA24UJJhM9sgL0Dzqbn527KaSxPfjnsaufzHZm9yyt42meUdkMndw8vY0flLx6D5-QuJHvzBHEpNyzj4-VLMzWpmHmIntekZWAnv1VuactPKp4G1jpgnSEI/s1600/01+%25281%2529.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgT4JT_sL8NXHrU2FhDJ7tfGA24UJJhM9sgL0Dzqbn527KaSxPfjnsaufzHZm9yyt42meUdkMndw8vY0flLx6D5-QuJHvzBHEpNyzj4-VLMzWpmHmIntekZWAnv1VuactPKp4G1jpgnSEI/s72-c/01+%25281%2529.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/1860.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/1860.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy