දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගනී.
Homeගොසිප්

අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගනී.

PropellerAds

ආසියාවේ ප‍්‍රමුඛතම මූල්‍ය ප‍්‍රකාශනයක් වන ෆයිනෑන්ස් ඒෂියා සඟරාවේ 2018 සම්මාන ප‍්‍රදානෝත්සවයේදී ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැ...

පළාත් පාලනයේ UNP මංගල රැළිය මහනුවරදී.
කොළොන්නාව සෙට් එකක් මරික්කාර් සමඟ පිම්මක් පනී.
ගෝඨාභය හිරේ දැමීමට රාජපක්‍ෂ පවුලේ කුමන්ත‍්‍රණයක්?


ආසියාවේ ප‍්‍රමුඛතම මූල්‍ය ප‍්‍රකාශනයක් වන ෆයිනෑන්ස් ඒෂියා සඟරාවේ 2018 සම්මාන ප‍්‍රදානෝත්සවයේදී ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගෙන තිබේ.

ෆයිනෑන්ස් ඒෂියා විසින් සම්මානයට පාත‍්‍රකළ ශ‍්‍රී ලංකාවේ පළමු ආයතනය ලෙස කොමර්ෂල් බැංකුව කැපී පෙනෙන අතර පසුගිය වසර 10 ක කාලය තුළදී ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව යන සම්මානය කොමර්ෂල් බැංකුව මෙවර දිනාගත්තේ අටවන අවස්ථාවටයි. මේ තුළින් පෙන්නුම් කරන්නේ කොමර්ෂල් බැංකුව පසුගිය දශකය පුරාවට පෙන්නුම් කර තිබෙන අඛණ්ඩ කාර්ය සාධනය තහවුරු කරයි.

‘ෆයිනෑන්ස් ඒෂියා’ සම්මානය ලබාදීම සඳහා බැංකුවල මූල්‍ය කාර්ය සාධනය සහ ලාභය, අක‍්‍රීය ණය අනුපාතය, අලාභ සඳහා මූල්‍ය ප‍්‍රතිපාදන වෙන්කිරීම්, කොටසකට අදාළ ලාභය, ප‍්‍රාග්ධන ප‍්‍රමාණත්ව අනුපාත, සමස්ත වත්කම්, ණය, තැන්පතු සහ ශාඛා ජාලය සලකා බලනු ලබයි. මීට අමතරව, අභ්‍යන්තර ඉලක්ක, දැක්ම සහ දිගුකාලීන උපාය මාර්ගය සහ ළඟම තරගකරුවා සමග සැසඳීමේදී වෙළඳපොළ තත්ත්වය සහ කොටස් වෙළඳපොළ විශ්ලේෂකයින්ගේ ප‍්‍රතිචාරය යන කරුණුද මෙම සම්මානය ලබාදීම සඳහා සැලකිල්ලට ගනී.

ෆයිනෑන්ස් ඒෂියා හොඳම බැංකුව සම්මානය සඳහා සිදුකළ තක්සේරුවේදී කොමර්ෂල් බැංකුව අදාළ අංශයේදී (පුද්ගලික දේශීය බැංකු* ඉහළම වෙළඳපොළ ප‍්‍රාග්ධනීකරණය, ඉහළම දළ ආදායම, ඉහළම මෙහෙයුම් ආදායම, ඉහළම බදු වලට පෙර ලාභය, ඉහළම බදු වලට පසු ලාභය, ඉහළම සමස්ත වත්කම්, ඉහළම තැන්පතු සහ ඉහළම දළ ණය සහ හොඳම CASA අනුපාතය වාර්තා කිරීමටද සමත්ව තිබේ.

කොමර්ෂල් බැංකුව විසින් 2017 වසරේදී සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික අංශය වෙනුවෙන් රුපියල් බිලියන 131.8 ක ණය ලබාදී තිබෙන අතර රජයට බදු වශයෙන් රුපියල් බිලියන 11.5 ක මුදලක් ලබාදී ඇත. මීට අමතරව, 2017 වසරේදී මෙරට ආනයන වලින් 10.56% කට සහ අපනයන වලින් 18.58% කට පහසුකම් සැලසීමටද කොමර්ෂල් බැංකුව සමත්වී ඇත. එසේම, ආසියාව තුළ විශාලතම මෙහෙයුමක් සිදුකරන ශ‍්‍රී ලාංකේය බැංකුව වන්නේද කොමර්ෂල් බැංකුවයි.

‘අටවන වතාවටත් මෙම සම්මානය දිනාගැනීමට හැකිවීම පිළිබඳව අපි අතිශය සතුටට පත්වෙනවා,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරී, එස්. රෙන්ගනාදන් මහතා පැවසීය. ‘ෆයිනෑන්ස් ඒෂියා සම්මානය සැලකෙන්නේ බැංකුවල කාර්ය සාධනය මැණ බලන තරගකාරී බැංකු සමග සසඳන හොඳ මිණුම් ලකුණක් ලෙසයි. එයට හේතුව වන්නේ ස්වාධීන විශ්ලේෂකයින් විසින් ඇගයීමට ලක්කරන ප‍්‍රධාන කාර්ය සාධන දර්ශක සහ ප‍්‍රතිචාරය මත සම්පූර්ණයෙන්ම මෙම සම්මානය තීරණය කිරීමයි. මෙම තක්සේරුවේදී කුඩා රටවල බැංකු වලට විශේෂ සහනයක් ලැබෙන්නෙ නෑ.’

ශ‍්‍රී ලංකාව වෙනුවෙන් මෙම සම්මානය කොමර්ෂල් බැංකුව දිනා ගනිද්දී කළාපයේ ප‍්‍රමුඛතම බැංකු වන DBS සිංගප්පූරුව වෙනුවෙන්ද හොඳම බැංකුවට හිමි මෙම සම්මානය දිනාගන්නා ලදී. 2017 වසරේ ‘ෆයිනෑන්ස් ඒෂියා’ හොඳම බැංකුවට හිමි සම්මාන දිනාගත් අනිකුත් බැංකු අතරට චීනයේ CTBC, හොංකොං හි ස්ටෑන්ඩර්ඞ් චාර්ටඞ් බැංකුව, තාලියන්තයේ සියම් කොමර්ෂල් බැංකුව, වියට්නාමයේ වියට්කොම් බැංකුව, ඉන්දියාවේ HDFC බැංකුව, ඉන්දුනීසියාවේ බෑන්ක් සෙන්ට‍්‍රල් ඒෂියා, කොරියාවේ කොක්මින් බැංකුව, මැලේසියාවේ CIMB, පාකිස්තානයේ MCB බැංකුව සහ බංග්ලාදේශයේ සිටි බැංකුව අයත් වේ.

1996 වසරේදී මුල් වරට එළිදැක්වූ ‘ෆයිනෑන්ස් ඒෂියා’ ආසියාවේ ප‍්‍රමුඛතම මූල්‍ය ප‍්‍රකාශන සමාගමක් වන අතර ආසියාවේ මූල්‍ය වෙළඳ පොළවල් පිළිබඳ ලෝකයට තොරතුරු සපයන අංක එකේ තොරතුරු මූලාශයකි. හොංකොං හිදී, වසරකට 11 වරක් ප‍්‍රකාශනයට පත් කරන මෙම මූල්‍ය ප‍්‍රකාශනය මගින් නවතම මූල්‍ය ප‍්‍රවණතා, සම්මුඛ idlÉPd, විශේෂාංග සහ ගවේෂණාත්මක වාර්තා පාඨකයින්ට ලබාදෙයි. මෙම සමාගම අයත් වන්නේ එංගලන්තයේ පෞද්ගලික හිමිකාරීත්වය ඉහළම ප‍්‍රකාශන සමූහය වන හේමාර්කට් ^Haymarket& මීඩියා ලිමිටඞ් සමාගමටයි.

ශ‍්‍රී ලංකාවේ වඩාත්ම සම්මානයට බඳුන් වූ මූල්‍ය ආයතනය වන කොමර්ෂල් බැංකුව 2017 මූල්‍ය වසර අවසන් වනවිට රුපියල් ටි‍්‍රලියන 1.143 ක සමස්ත වත්කම් ප‍්‍රමාණයකට හිමිකම් කියන අතර දළ ආදායම රුපියල් බිලියන 115.6 කි. මීට අමතරව, රුපියල් බිලියන 16.5 ක ශුද්ධ ලාභයක් බැංකුව මෙම කාලයේදී වාර්තා කර තිබෙන අතර තැන්පතු පදනම රුපියල් බිලියන 850.1 ක්ද, සමස්ත ණය සහ ලැබීම් රුපියල් බිලියන 754.7 ක්ද වී ඇත.

කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම හත් වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 767 ක් සහ බැංකු ශාඛා 261 ක් පවත්වාගෙන යයි. 2016 වසරේදී සහ 2017 වසරේදී ප‍්‍රමුඛතම ජාත්‍යන්තර සහ දේශීය සම්මාන 30 කට වැඩි ප‍්‍රමාණයක් දිනාගැනීමට සමත්ව තිබෙන කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් සම්මානයට පාත‍්‍රකර තිබේ.

කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවක් ආරම්භ කරන ලදී. මේ අතර, බැංකුව විසින් තමන්ටම අයත් මුදල් පේ‍්‍රෂණ සේවාවක් ඉතාලියේ පවත්වාගෙන යයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගනී.
අටවන වරටත් ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව ලෙස කොමර්ෂල් බැංකුව තෝරාගනී.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhuSetFomO36jhyphenhyphenAQ2auhZxTm9TIFxZjcvksGlumu3CiMn272-AB5bG0qGtK7PT3rfG-omL9STm-NAq_cHLrIiCw0VKOmJWO_SiRFG7l5WMLMdK5VJzsO1g52QgjYCsN99F_52QL7aAJKQ/s1600/cm.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhuSetFomO36jhyphenhyphenAQ2auhZxTm9TIFxZjcvksGlumu3CiMn272-AB5bG0qGtK7PT3rfG-omL9STm-NAq_cHLrIiCw0VKOmJWO_SiRFG7l5WMLMdK5VJzsO1g52QgjYCsN99F_52QL7aAJKQ/s72-c/cm.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_410.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/07/blog-post_410.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy