දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
16 කල්ලිය හා බැසිල් පිල ප්‍රසිද්ධියේ ගැටෙයි : "මාල හොරා" කියමින් බැනඅඩ-ගහගනී.
Homeගොසිප්

16 කල්ලිය හා බැසිල් පිල ප්‍රසිද්ධියේ ගැටෙයි : "මාල හොරා" කියමින් බැනඅඩ-ගහගනී.

PropellerAds

තම පාර්ශවය කාගේවත් මෙහෙයවීම යටතේ නොමැති බවත් අද කටු කන්න ගිය ලෙස තමන්ට චෝදනා නගන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජයට පත්වූ මොහොතේ ඔහ...

ඩිජිටල් ඇමතිකමෙන් හරීන් ඉවතට : ටෙලිකොම් CEOත් ඉල්ලා අස්වේ.
ලොව විශාලතම නත්තල්ගසේ ගිනස් වාර්තාව අග්‍රාමාත්‍යවරයාට පිළිගැන්වේ
නීතිය හා සාමය ඇතුළු අමාත්‍යංශ කිහිපයක ලේකම් තනතුරු වෙනසක්



තම පාර්ශවය කාගේවත් මෙහෙයවීම යටතේ නොමැති බවත් අද කටු කන්න ගිය ලෙස තමන්ට චෝදනා නගන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජයට පත්වූ මොහොතේ ඔහුව දමා ඇමරිකාවට පළාගිය බැසිල් රාජපක්ෂ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කරයි.

ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 කණ්ඩායමේ නිදහසේ වේදිකාව ජනරැලි මාලාවේ දෙවන රැළියට ඊයේ (16) මාතලේදී එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

බැසිල්ලා ඉටුකරන්නේ එජාප අවශ්‍යතාව - දයාසිරි 

තමන් කාගේවත් කටු කන්න ආණ්ඩුවට නොගිය බවත් කටුව ඇතුළෙන්ම සුප්පු කරන්නට ගිය අය මහින්ද රාජපක්ෂගේ පරාජයට වගකිවයුතු බවද එහිදී මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

එසේම වෙනත් විපක්ෂයක් නම් ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයට එක්වන්න එන පාර්ශව භාරගන්නා නමුත් එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය ලෙස කටයුතු කරන මේ පාර්ශව තමන්ට විවිධ චෝදනා එල්ල කරන බවත් කොහොමටත් එක්සත් ජාතික පක්ෂයේ වුවමනාව ඉටු කිරීම සදහා තම පිරිස සූදානම් නොමැති බවද ඔහු පවසා ඇත.

බැසිල් පැනලා ගියාට අපි ගියේ නෑ - එස්.බී 

මෙහිදී අදහස් දැක්වූ එස්.බී.දිසානායක මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ පරාජයට පත්වූ මහින්ද රාජපක්ෂව දමා බැසිල් රාජපක්ෂ ඇමරිකාවට ගියත් තම පාර්ශවය පක්ෂය හැර නොගොස් සිටි බවය. 

එවැනි පළාගිය පාර්ශව මොනවා කීවත් පොහොට්ටුවේ මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ සිටින්නේ එකම සහෝදර පිරිසක් බවද සඳහන් කල මන්ත්‍රීවරයා තම පාර්ශවය පසුගිය පළාත් පාලන මැතිවරණය අවස්ථාවේ යෝජනා කල ආකාරයට සියලු දෙනා එකට එකතුව එජාප විරෝධී බලවේගයක් ලෙස මැතිවරණයට ඉදිරිපත්වූවා නම් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබන්නට තිබූ බවද ඔහු පැවසීය.

ඉදිරි මැතිවරණ වලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ තවත් බලවේග කිහිපයක් සමග පොදුජන පෙරමුණෙන් තරඟ කරන බවද ඔහු පැවසීය.

මාල හොරා දන්න නීතියක් තියනවද - ඩිලාන් 

මේ අතර ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා මෙම අවස්ථාව අමතමින් සඳහන් කර සිටියේ  මාල හොරකමේ ගිය අයෙකු පසුගියදා තමන් සිදුකල ප්‍රකාශයක් ගැන කිසිඳු දැනුමක් නොමැතිව ප්‍රතිචාර දක්වා ඇති බවත් මාල හොරුන් නීතිය ගැන දන්නා දෙයක් නොමැති බවත් ය. 

තමන් මෛත්‍රී ජනාධිපතිකර මහින්ද අගමැති කිරීමට සූදානම් බවට යෝජනා කල විට මාල හොරා "අම්මෝ, අපේ මහින්ද මහත්තයා අගමැතිකරන්න පුළුවන්ද" අසමින් නීතිය ගැන නොදන්නා කම ඔප්පු කල බවද මන්ත්‍රීවරයා පැවසීය.

නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම මෙසේ ප්‍රතිචාර දක්වා සිටියේ පසුගියදා 16 කණ්ඩායම පිළිනොගන්නා බවට පොදුජන පෙරමුණේ සාමාජික හිටපු මන්ත්‍රී  බැසිල් රාජපක්ෂ සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 16 කල්ලිය හා බැසිල් පිල ප්‍රසිද්ධියේ ගැටෙයි : "මාල හොරා" කියමින් බැනඅඩ-ගහගනී.
16 කල්ලිය හා බැසිල් පිල ප්‍රසිද්ධියේ ගැටෙයි : "මාල හොරා" කියමින් බැනඅඩ-ගහගනී.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEglCR2CeeBvS1y1Q0sexSA4AZ-fpWYVNcKBt9vkeHjSSP0Yfsk6dTvzc2hINkd1jEulJUjhFJnFxuackYdgEmNH1cRfP6h0G81aDPEyZhNKLgWATm1IgdUw6BDGCS2xJr-hG3tYQRiOnNc/s1600/54+copy.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEglCR2CeeBvS1y1Q0sexSA4AZ-fpWYVNcKBt9vkeHjSSP0Yfsk6dTvzc2hINkd1jEulJUjhFJnFxuackYdgEmNH1cRfP6h0G81aDPEyZhNKLgWATm1IgdUw6BDGCS2xJr-hG3tYQRiOnNc/s72-c/54+copy.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/16_17.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/16_17.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy