නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතා හදිසියේ ධීවර අමාත්‍යාංශය වෙත මාරුකර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි...
නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතා හදිසියේ ධීවර අමාත්‍යාංශය වෙත මාරුකර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.
පුරප්පාඩු වන එම ධූරය සදහා දැනට අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ධූරයේ සේවය කරන පද්මසිරි ජයමාන්න මහතා පත්කිරීමට නියමිතව ඇතැයි ද වාර්තා වේ. එහෙත් ජයමාන්න මහතා නීතිය හා සාමය අමාත්‍යාංශයට තම අකැමැත්ත පළකර ඇතැයි ද ජනාධිපතිවරයා මගින් එම මාරුව අවලංගු කරගැනීමට උත්සාහ ගනිමින් සිටින බවද එම ආරංච්මාර්ග තවදුරටත් සදහන් වේ.
මෙම ලේකම් ධූරවලට අමතරව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සමරතුංග මහතා ඇතුළු තවත් ලේකම්වරු කීපදෙනෙකුගේද අමාත්‍යාංශ වෙනස්වීමට නියමිතව ඇතැයි පැවැසේ.
පසුගියදා ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත්වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතාගේ නම මෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ සිට මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ එක්වූ ශ්‍රියානි විජේවික්‍රම මහත්මියගේ නමද නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය තනතුර සඳහා ජනාධිපතිවරයා විසින් පත්කිරීමට නියමිත බවටද පසුගියදා මාධ්‍ය වාර්තා පළවිය.
වීරකුමාර දිසානායක මහතාගේ ඉල්ලීම පරිදි ජනාධිපතිවරයා විසින් නීතිය හා සාමය අමාත්‍යාංශයට නව ලේකම්වරයෙකු පත්කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන ඇති බව ද ඉහත තවත් ආරංචි මාර්ග මගින් පෙන්වා දෙනු ඇත.
COMMENTS