ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරයට අයත් ඊ.ටී.අයි මුල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ ගණුදෙනුකරුවන් පිරිසක් බොරැල්ල වෝඩ් පෙදෙසේ පිහිටි එම ආයතනයේ ප්‍රධාන් කා...
ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරයට අයත් ඊ.ටී.අයි මුල්‍ය ආයතනයේ මුදල් තැන්පත් කළ ගණුදෙනුකරුවන් පිරිසක් බොරැල්ල වෝඩ් පෙදෙසේ පිහිටි එම ආයතනයේ ප්‍රධාන් කාර්යාලය ඉදිරිපිට අදත් විරෝධතාවයක නිරත විය.
ඊ.ටී.අයි මුල්‍ය ආයතනය සිය ගණුදෙනුකරුවන්ගේ ඉතිරි කිරීම්වලට අදාළව මුදල් ගෙවීම් පැහැර හැරීම පිළිබදව මීට පෙර අවස්ථා රැසකදී වාර්තා වූ අතර ගණුදෙනුකරුවන් එම මුල්‍ය ආයතනයට පැමිණි සෑම අවස්ථාවකම ඔවුන් මඟ හර සිටීමට ඊ.ටී.අයි මුල්‍ය ආයතනයේ බලධාරීන් කටයුතු කරනු ලැබීය.
කෙසේවෙතත් විරෝධතාවයේ නිරත වූ ඊ.ටී.ඇයි තැන්පත්කරුවන් පසුව පාගමනින් විජේරාම මාවතේ පිහිටි ජනාධිපති නිල නිවස ඉදිරිපිටට පැමිණ විරෝධතාවයේ නිරත විය.
එහිදී විරෝධතාකරුවන් දෙදෙනෙකුට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සම්බන්ධීකරණය ලේකම්වරයෙකු හමුවී සංදේශයක් භාර දීමට අවස්ථාව ලබා දුන් අතර ඊ.ටී.අයි ගණුදෙනුකරුවන්ට සහන සැලසීම සඳහා ජනාධිපතිවරයා කටයුතු කරමින් පවතින බවද සඳහන් කළේය.
COMMENTS