දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කෙලෙහිගුණයක් නැතැයි චීනය ලංකාව හා අමනාපයෙන්! වෙලද ගිවිසුමකට බලපෑම්!
Homeප්‍රවෘත්ති

කෙලෙහිගුණයක් නැතැයි චීනය ලංකාව හා අමනාපයෙන්! වෙලද ගිවිසුමකට බලපෑම්!

PropellerAds

ඇමරිකාව දුරස්ථ පාලක හරහා ශ්‍රී ලංකාව පාලනය කිරීමේ යුගය මෙන්ම අවලස්සන ඇමරිකානුවෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රූකඩ නැටවූ යුගය ද පහුගිය සිකු...

Exclusive : සාරා ජෙස්මින්ගේ DNA ගැන කවුරුත් නොදන්න කතාව!
අද රටපුරා විරෝධතා අරඹයි!
“මට සමාවෙන්න මම හිජ්රා ගැන බොරු කිව්වා”.. - ජමීල් ඔහුගේ බිරිඳට දුන් අවසන් පණිවිඩය
ඇමරිකාව දුරස්ථ පාලක හරහා ශ්‍රී ලංකාව පාලනය කිරීමේ යුගය මෙන්ම අවලස්සන ඇමරිකානුවෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රූකඩ නැටවූ යුගය ද පහුගිය සිකුරාදා, 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් අනතුරුව අවසන් වූ බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර සිටියේ ය. 
ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ උත්තර ලංකා සභාගයේ රත්නපුර දිස්ත්‍රික් සම්මන්ත්‍රණය හා එක් වෙමිනි.

එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කර සිටියේය

බලංගොඩ වානේ වල අතීත කතාව

ලෝක ඉතිහාසයේ දිගම යුද්ධය ලෙස වාර්තා වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1095 සිට 1291 දක්වා වසර දෙසීයකට ආසන්න කාලයක් ලෝකයේ පැවතුණු ජෙරුසෙලමේ ආධිපත්‍ය ලබා ගැනීම සඳහා ඉස්ලාම්වරුන් සහ කතෝලිකයන් අතර ඇතිවූ යුද්ධයයි. කුරුස යුද්ධය කිව්වහම හැමෝම දන්නවා. මේ යුද්ධය ජයග්‍රහණය කරන්නේ ඉස්ලාම්වරුන්. ඉස්ලාම්වරුන්ට නායකත්වය දෙන්නේ සලහුඩීන් කියන කුර්දි සෙනවියා. වසර 200ක යුද්ධය අවසන් කරලා ඉස්ලාම් වරුන්ට ජයග්‍රහණය ගෙනාවම සලහුඩීන් මුස්ලිම් ලෝකයේ වීරයා බවට පත්වෙනවා. මුස්ලිම් ජනතාව වන්දනා කරන තැනට පත්වෙනවා. සලහුඩීන් මොකද කියන්නේ. මාගේ ජයග්‍රහණයේ ගෞරවය ලැබිය යුත්තේ මට නොවෙයි. මා අත රැඳෙන සැහැල්ලු සවිමත් වූ මේ කඩුවටයි කියලයි. ලෝක ඉතිහාසය වෙනස් කළ ලෝකයේ ඉරණම තීරණය කළ සලාහුඩීන් ගේ කඩුව හදන්නට වානේ රැගෙන යන්නේ මේ රත්නපුර දිස්ත්රික්කයේ බලංගොඩින් කියන එක මිණිපුරවැසියන්ට ආඩම්බරයෙන් සිහිපත් කරනවා.

බුදුරජාණන් වහන්සේ බුද්ධ ධර්මය දේශනා කරපු ක්‍රිස්තු පූර්ව 6 වැනි සියවසේ බලංගොඩ ප්‍රදේශයේ සුළඟ බලශක්තිය ලෙස භාවිතා කරමින් ලෝකයේ හොදම වානේ නිෂ්පාදනය කළා. ලෝකය පුරාම තියෙන්නෙ ගංගා නිම්න ශිෂ්ටාචාර. හැබැයි අපේ ශිෂ්ටාචාරය තිබුනේ කඳුහෙල් වල. කඳුහෙල් වල ජීවත් වූ නිසා තමයි අපිට හෙළයෝ කිව්වේ. විජයාගමනය සිදුවෙන කාලේ ලංකාවේ අසිරිමත්ම නගර තිබුණේ රත්නපුරේ බදුල්ලෙ මාතලේ දිස්ත්‍රික්කවල. එහෙමනම් අද ජාතිය මූණ දී තියෙන අර්බුදයන්ට උත්තර සොයන්නට නායකත්වය දෙන උත්තර ලංකා සභාගයේ අපි මිණිපුරට එන්නෙ මේ ලංකා ඉතිහාසයේ නිෂ්පාදන ආර්ථිකය පිළිබඳ ඉහළම අභිමානය තිබෙන ඔබත් සමග එකතු වෙලා මේ අර්බුදයට නිෂ්පාදන ආර්ථිකයක් කරා උත්තර හොයන්නයි.

අර්බුද සහ උත්තර

මේ දවස් වල මිත්‍රවරුණි ආණ්ඩුව කරවන අයත් රට පුරාම කරගෙන යනවා රැස්වීම් මාලාවක්. ඒ වේදිකාවේ ඇහෙනවද මේ අර්බුද වලට උත්තර. ඒ වේදිකාවේ කතා වෙනවද මේ අර්බුදය අවසන් වන කාල වකවානුව. උත්තරේ දන්නෙත් නැහැ. අර්බුදය අවසන් වන කාලවකවානුව කියන්නෙත් නැහැ. කියන්නේ නැහැ නෙමෙයි කියන්න බැහැ. මොකද අර එළුවගේ මොකක්දෝ එක වැටෙන කම් නරියා එළුවා පස්සෙන් ගියා වගේ ආණ්ඩුව මෙච්චර කල් බලාගෙන හිටියේ අයිඑම්එෆ් එකෙන් සල්ලි ලැබෙනකම්. දැන් මොකද වෙලා තියෙන්නෙ. අයිඑම්එෆ් එකෙන් කියනවා අපේ අරමුදල් දෙන්න කලින් අපි ණයක් දෙන්නං ණය දෙන්න කලින් මීට කලින් ගත්ත ණය කන්දරාව කොහොමද ගෙවන්නේ කියලා ණයහිමියන් එක්ක සාකච්ඡා කරලා එකඟතාවයක් හදා ගනිල්ලා කියලා.

ලොකුම ණය ටික අරන් තියෙන්නේ රටක් විදිහට චීනයෙන්. චීනය අපිත් එක්ක දැන් අමනාපයි. මෙච්චර උදවු කරල මූට කෙළෙහි ගුණයක් නැහැ අපටමයි අරියාදු කරන්නේ කියලා චීන ඉන්නේ අමනාපයෙන්. එනිසා චීනය කියනවා ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ කතා කරන්න නම් ඊට කලින් අපට පොරොන්දු වෙච්ච නිදහස් වෙළෙඳ ගිවිසුම අත්සන් කරපල්ලා කියලා. ඒක ඇහෙනවා ඉන්දියාවට. ඉන්දියාව කියනවා අමාරුවේ වැටිච්ච වෙලාවේ ණය දුන්නේ අපි. චීනය එක්ක ගිවිසුම් අත්සන් කරන්න කලින් අපිත් එක්ක එක්ටා ගිවිසුම අත්සන් කරපල්ලා කියලා. ඉන්දියාව එක්ක එක්ටා අත්සන් කරලා චීනය එක්ක නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කරලා ණය ප්‍රථිව්‍යහගතකරණය ගැන ණය හිමියන් සමග කේවල් ගත කරලා වැඩේ ඉවර කරලා අයිඑම්එෆ් එකෙන් සල්ලි ගන්නකොට ලෙඩා මැරිලා.

උත්තරය ණය ද?

අද මේ ණය ලබා ගැනීම මේ අර්බුදයට උත්තරේ නෙමෙයි. අර්බුදයට හේතුව ණය ලබා ගැනීම නම් තව තවත් ණය ගැනිම කොහොමද අර්බූදයට උත්තරයක් වෙන්නේ. මේක හරියට සීනි වැඩියෙන් කාලා දියවැඩියාව හැදිච්ච ලෙඩෙකුට බෙහෙත විදිහටත් වැඩි වැඩියෙන් සීනි කාපන් කිව්වා වගේ වැඩක්. හැබැයි අද ආණ්ඩුව මොකක්ද කියන්නේ. අයිඑම්එෆ් එකෙන් ණය ලැබෙනවා මෙච්චර. ලෝක බැංකුවෙන් අපි ඉල්ලලා කියනවා. ආසියානු සංවර්ධන බැංකුවෙන් ඉල්ලලා තියෙනවා. චීනයෙන් අච්චරක්. ජපානයෙන් මෙච්චරක්. බයවෙන් එපා ණය ටික එනවා. අපි ප්‍රශ්නය විසඳනවා කියලයි කියන්නේ. මේ අර්බුදයට උත්තරය ණය ගැනීම නෙවෙයිනේ. ණය අඩු කර ගැනීමයි. ආදායම වැඩි කර ගැනීමයි උත්තරය. වියදම අඩුකර ගැනීමයි උත්තරය. වැඩි වැඩියෙන් රට තුළ නිෂ්පාදනය කිරීමයි උත්තරය. ආණ්ඩුවට තවමත් යන්නේ වල්මත් ගමනක. අපි ලෝකය පුරාම හිගා කකා ණය ඉල්ලනවා. අපි පිටරටවලින් ඉල්ලන්න ඕන ණය නොවෙයි ආයෝජන. නව තාක්ෂණය. ඒ රටවල කලමනාකරණය පිලිබඳ පුහුණුවක්. හැබැයි ඒවා ඉල්ලන්න මේ ආණ්ඩුවට වුවමනාවක් නැහැ. මොකද ඒවට කොමිස් හම්බවෙන්නේ නෑ. කීයක් වත් ඒවගෙන් ගහන්න හම්බ වෙන්නේ නෑ.

මේ ලෝකේ කිසිම රටක් ණය අරගෙන ගොඩ ගිහිල්ලා නෑ. නිෂ්පාදනය වැඩිල ආයෝජනය වැඩි කරල තමයි රටවල් ගොඩ ගිහිල්ලා තියෙන්නෙ. ආර්ථික අර්බූදය අලුත් දෙයක් නෙවෙයි. මේ ලෝකෙ මීට කලින් මේ අර්බුදයට වෙනත් රටවල් මුහුණ පෑවා. 1979 එංගලන්තය. 1992 ඉන්දියාව. 1994 තායිලන්තය. 1998 රුසියාව. මේ සෑම රටක්ම මෙවැනි අර්බුදයන්ට මුහුණ පෑවා. අපි වගේම රුසියාවත් අපිට ණය ගෙවන්න බෑ අපි බංකොළොත් කියලා ප්‍රකාශ කරා. හැබැයි මේ රටවල් ඔක්කොම තිබුණු තැනටත් ඉහලින් නැගිට ගත්තා. කෝමද කරේ. තමන්ගේ රටේ මුදල් ඒකකය ඩොලරයට එරෙහිව අවප්‍රමාණය වුනහම රුපියල අපේ බාල්දු වෙනව වගේ පව්ම රූබලය ඉන්දීය රුපියල බාල්දු වුනාම පිටරටින් බඩු ගේන එක ගණන් වැඩි වුණා. දැන් අපිටත් වෙලා තියෙන්නේ ඒකයි. පිටරටින් ගේන බඩු තුන්ගුණයකින් මිල ඉහල ගියා. දැන් ආණ්ඩුව කියන්නේ අපි කොහොම හර ණයක් අරගෙන බඩු ටික ගෙනත් දෙන්නම්. නමුත් ඒ රටවල් කරේ නෑ එක. අපි දැන් අමාරුවෙන් හරි අපේ රටේ හදන්න පටන් ගමු. පටන් ගන්නකොට ප්‍රමිතිය අවුල් වෙයි. හැබැයි සිරිලක දේ සිරි සැප දේ කියලා අපි හැමෝම දේශීය නිෂ්පාදන පාවිච්චි කරන්න ගත්තම ප්‍රමිතිය එන්ඩ එන්ඩ වර්ධනය වෙනවා. අපිට මතකයි අපි පුංචි කාලේ ජපන් කාර් ගැන අපේ රටේ මිනිස්සු හිනාවුණා. කොරියානු දුරකතන රෑපවාහිනී ගැන හිනා වුණා. නමුත් අද ඒවගේ ප්‍රමිතිය හදාගෙන තියෙනවා. මීට වසර පහකට කලින් චීන බඩු ගැන කිව්වෙත් ඔහොමයි. ඒක නිසා එහි අවදානම අරගෙන අප රට තුළ අපට අවශ්‍ය දේ හදන තුරු අපට මේ අර්බුදයෙන් ගොඩ යන්නට බැහැ.

අර්බුදය කලින්ම දුටු හැටි

මට මතකයි විමල් වීරවංශ ඇමතිතුමාගේ ආරාධනයෙන් පෙබරවාරි මාසයේ 6 වෙනිදා එතුමන්ගේ කර්මාන්ත ප්‍රදර්ශනය විවෘත කරන්න මම ගියා. එදා මම මගේ කතාවේදී කිව්වා ලංකාවට ඩොලර් නැහැ ආණ්ඩුවට රුපියල් නැහැ. ආර්ථික අර්බුදයක් ළඟම එනවා. වවන්න පුළුවන් හැමදේම වවමු. හදන්ඩ පුළුවන් හැමදේම හදමු. මේක තමයි අර්බූදයෙන් ගොඩ යන්න තියෙන උත්තරය කියලා. මිත්‍රවරුනි තවමත් ආණ්ඩුව එය තේරුම් අරන් නැහැ. අදටත් උත්සාහ කරන්නේ කොහෙන්හරි ණයක් අරන් පිටරටින් බඩු ටික ගෙනල්ලා ජනතාව ඇන්දවීමේ ව්‍යාපෘතියක් කරන්න.

අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියනවා දුකක් ආවම දුකයි දුකයි කියලා හඬා වැටෙනවා වෙනුවට දුකට හේතුව හොයලා හේතුව නැති කරන්න එතකොට දුක නිකම්ම අතුරුදන් වේවි කියලා. ඒ නිසා මෙරට ආර්ථික අර්බුදයට යනවා කියලා දැක්කම අපි හේතුව හෙව්වා. තමුන්නාන්සේලාට මතක ඇති මාර්තු මාසේ 4 වෙනිදා මේ නායකයෝ ඔක්කොම වාඩිවෙලා මාධ්‍ය හමුවක් තියලා අපි කිව්වා බැසිල් රාජපක්ෂ හිතා මතා මේ රටේ ආර්ථිකය වට්ටනව. ආර්ථිකය කඩා වැටෙන බව අපි කලින් කිව්වා අහන්නේ නෑ වැටෙන්න දීලා බලන් ඉන්නවා කියලා. අපි ඒකට හේතුවත් කිව්වා. ආර්ථිකය කඩාවැටිල අඩපණ වුනොත් තමයි රටේ ජාතික සම්පත් තුට්ටු දෙකට නොරටුන්ට දීලා කොමිස් කුට්ටිය ගහගන්න පුළුවන් වෙන්නේ. රටේ ජනතාව බඩගින්නේ හිටියොත් තමයි එදා 1997දී ඉන්දුනීසියාවට කලාවගේ රට කෑලි කෑලිවලට කඩන දේශපාලන විසඳුමකට රටේ ජනතාවගේ එකඟතාවය ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා මේ යටි අරමුණින් රට හිතාමතා බැසිල් වට්ටනවා කියන එක අපි රටට කිව්වා.

නූතන ශ්‍රී ලංකාවේ නිදහස් අරගලය

හේතුව කියලා නිකන් හිටියේ නෑ. හේතුව නැති කිරීමේ මාර්ගයත් කිව්වා. මාර්තු මාසේ 14 වැනිදා පිවිතුරු හෙළ උරුමය මාධ්‍ය හමුවේ දී අපි කිව්වා බැසිල් රාජපක්ෂ ඇමති මණ්ඩලයෙන් එලවලා පාර්ලිමේන්තුවෙන් එලවලා ඇමරිකාවට පන්නන තුරු අපේ සටන අපි නතර කරන්නේ නෑ. අපි QK. කිව්වොත් කෙරුවා. අප්‍රේල් මාසයේ තුන්වැනිදා වෙනකොට තමන්ගේ සහෝදරයා ලවාම බැසිල්ව අමාත්‍ය මණ්ඩලයෙන් පන්නා ගන්න අපිට පුළුවන් වුණා. පහුගිය සිකුරාදා ඔක්තෝම්බර් 21 බැසිල්ගේ ගෝලබාලයෝ ලවාම අත ඔසවා විසි දෙවන සංශෝධනය සම්මත කරගෙන බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවෙන්ද අපි පන්නලා දැම්මා. මේක ඓතිහාසික ජයග්‍රහණයක්. ඇමරිකාව දුරස්ථ පාලක හරහා ශ්‍රී ලංකාව පාලනය කිරීමේ යුගය අවසන් වුණේ පහුගිය සිකුරාදා. අවලස්සන ඇමරිකානුවෙක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රූකඩ නැටවූ යුගය අවසන් වුණේ පහුගිය සිකුරාදා. ඒ නිසා නූතන ශ්‍රී ලංකාවේ නිදහස් අරගලය පසුගිය සිකුරාදා අපි ජයග්‍රහණයයෙන් කෙලවර කලා කියන එක අපි ආඩම්බරයෙන් ප්‍රකාශ කරනවා.

කාලයක් තිබ්බනෙ දුරකථනයේ රිංගින් ටෝන් එක එන්නේත් කපුටු කාක් කාක් කියලා. වාහනයේ හොන් එක වදින්නෙ කපුටු කාක් කාක් කියලා. පුංචි දරුවෝ සිංදුවක් කියන්න කිව්වම කියන්නෙත් කපුටු කාක් කාක් කියලා. දැන් කපුටු කාක් කාක් යුගය ඉවරයි. කපුටාට බැන බැන හිටපු යුගය අවසන් කරලා මේ අර්බුදයට විසඳුම් හොයන්න සමස්ත ජාතියම එක මිටියට එක්සිත් වන මෙන් සමස්ත ජාතියටම ආරාධනා කරනවා.

– Media unit


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කෙලෙහිගුණයක් නැතැයි චීනය ලංකාව හා අමනාපයෙන්! වෙලද ගිවිසුමකට බලපෑම්!
කෙලෙහිගුණයක් නැතැයි චීනය ලංකාව හා අමනාපයෙන්! වෙලද ගිවිසුමකට බලපෑම්!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgn1ZFnZ1NHtbDAqmLiOVxh9mqmlCTkXWVbJYjqYDhYpfQlBFdrneIQmI4l9WUwKHmDCzcGYX0ywCtWAoUK9_R9Wp_rmQicyQIVxiJNiT-G_PLIbM4wbwUHYVIjIOgtXEamnWdiXuQZywXROuJhYDReE7JZcvINuZwVlg0uheUp0D1GoGnb9vP8fXIngQ/s320/China.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgn1ZFnZ1NHtbDAqmLiOVxh9mqmlCTkXWVbJYjqYDhYpfQlBFdrneIQmI4l9WUwKHmDCzcGYX0ywCtWAoUK9_R9Wp_rmQicyQIVxiJNiT-G_PLIbM4wbwUHYVIjIOgtXEamnWdiXuQZywXROuJhYDReE7JZcvINuZwVlg0uheUp0D1GoGnb9vP8fXIngQ/s72-c/China.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2022/10/blog-post_72.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2022/10/blog-post_72.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy