බස් ගාස්තු සංශෝධනය සඳහා වන කැබිනට් පත්‍රිකාව අද(15) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය. බස් ගාස්තු සංශෝධනය සඳහා වු විද්වත් කමි...
බස් ගාස්තු සංශෝධනය සඳහා වන කැබිනට් පත්‍රිකාව අද(15) දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බස් ගාස්තු සංශෝධනය සඳහා වු විද්වත් කමිටුව ඊයේ(14) පස්වරුවේ රැස් වී තිබේ.
එහිදී බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් වී ඇති අතර බස් ගාස්තු සංශෝධනයට අදාළ කැබිනට් පත්‍රිකාවක් සකස් කර එය අද දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට බස් ගාස්තු සංශෝධනය සඳහා විද්වත් කමිටුව තීරණය කර තිබේ.
කැබිනට් අනුමැතිය හිමිවීමෙන් පසු බස් ගාස්තු සංශෝධනය සිදුකරන බව නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි.
ඉන්ධන මිල යාමත් සමඟ බස් ගාස්තු ඉහළ නැංවිය යුතු බවට බස් සංගම් රජයෙන් ඉල්ලීමක් කළේය.
කෙසේ වෙතත් සියයට 10ක පමණ බස් ගාස්තු සංශෝධනයක් තමන් බලාපොරොත්තු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පෙන්වා දෙයි.
රජය විසින් ලබාදෙන බස් ගාස්තු සංශෝධනය සලකා බලා ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසී ය.
ඉන්ධන මිල වැඩිවීමට සාපේක්ෂව බස් ගාස්තු සියයට 20න් ඉහළ නැංවීමටත් අවම බස් ගාස්තුව රුපියල් 10 සිට 15 දක්වා ඉහළ නැංවීමටත් කටයුතු කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය සඳහන් කරයි.
බස් ගාස්තුව එලෙස ඉහළ නොදැමුවහොත් ලබන හෙට (16) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ බස් වර්ජනයක් දියත් කරන බව ද එම සම්මේලනය සඳහන් කරයි.
ඉන්ධන ගාස්තු වැඩිවීම නිසා පිරිවැය ඉහළ ගොස් පාඩු ලබන තත්ත්වයකට පත්ව ඇති හෙයින් බස් ගාස්තු ඉහළ නැංවීමෙන් තොර විකල්පයක් නැතැයි ද එස සම්මේලනය වැඩිදුරටත් පැවසී ය.
COMMENTS