ඉරානය සහ ශ්‍රී ලංකාව අතර නව අවබෝධතා ගිවිසුම් 05කට ඉරානයේදි ඊයේ (13) දෙරට රාජ්‍ය නායකයන් ඉදිරියේ අස්සන් තැබිණි. ඉරානයේ දෙදින රාජ්‍ය සංචාරය...
ඉරානය සහ ශ්‍රී ලංකාව අතර නව අවබෝධතා ගිවිසුම් 05කට ඉරානයේදි ඊයේ (13) දෙරට රාජ්‍ය නායකයන් ඉදිරියේ අස්සන් තැබිණි.
ඉරානයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ඉරාන ජනාධිපති හසන් රූහානි මහතා අතර නිල හමුව ඊයේ (13) සිදුවූ අවස්ථාවේදී මෙම ගිවිසුම්වලට අත්සන් තැබීම සිදු විය. ටෙහෙරාන් නුවර පිහිටි ජනාධිපති මන්දිරය වන Sadabaad Palace වෙත ගිය ජනාධිපතිතුමා ඉරාන ජනාධිපති හසන් රූහානි මහතා විසින් ඉතා උණුසුම් අන්දමින් පිළිගනු ලැබීය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිළිගැනීම වෙනුවෙන් විචිත්‍රවත් පිළිගැනීමේ උත්සවයක් මෙහිදී සංවිධාන කර තිබුණි.
නායකයන් දෙදෙනා අතර සුහද කතා බහකින් අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිනි. අතීතයේ පටන් දෙරට අතර පවතින ආර්ථික සහ වෙළෙඳ සබඳතා නව මාර්ග ඔස්සේ ඉදිරියට ගෙනයාම පිළිබඳ මෙහිදී නායකයන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මෙහිදී සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ආර්ථික සමෘද්ධිය සඳහා ඉරාන රජයේ සහය අපේක්ෂා කරන බවයි.
ඛනිජ තෙල්, තේ සහ සංචාරක ක්ෂේත්‍රයේ දැනට පවතින සහයෝගීතාව තවදුරටත් පුළුල් කරගැනීමට ද නායකයින් සාකච්ඡා කළහ.
ශ්‍රී ලංකාවේ තෙල් පිරිපහදු කටයුතු සඳහා මීට වසර 50 කට පමණ පෙර සිට ඉරානය සහය
ලබාදෙන අතර තෙල් පිරිපහදු ක්ෂේත්‍රය යාවත්කාලීන කිරීමට සහ වැඩිදියුණු කිරීමට අවශ්‍ය තාක්ෂණික සහය ඉදිරියට අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
එමෙන්ම ඉරානය ශ්‍රී ලංකාව විසින් වැඩිවශයෙන් තේ අපනයනය කරන රටක් වන අතර එම කටයුතු ඉදිරීයේදී වැඩිදියුණු කර ගැනීම පිළිබඳ ද ජනාධිපතිතුමා ඉරාන ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළේය. ඒ පිළිබඳ ඉදිරි පියවර කඩිනමින් ගන්නා බව ඉරාන ජනාධිපති හසන් රූහානි මහතා සඳහන් කළේය.
ශ්‍රී ලංකවේ දුම්රිය මාර්ග පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා ඉරාන රජයේ සහය ලබා ගැනීම පිළිබඳ මෙන්ම සංචාරක ක්ෂේත්‍රයේ සහයෝගිතාව ඉහළ නංවා ගන්මින් දෙරට අතර ඝෘජු ගුවන් සේවා ආරම්භ කිරීම පිළිබඳ ද මෙහිදී නායකයින්ගේ අවධානය යොමු විය.
එමෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගිතාවය පුළුල් කර ගනිමින් දෙරට අතර ඖෂධ හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳත් පේෂකර්මාන්ත ක්ෂේත්‍රයේ වැඩිදියුණුව වෙනුවෙන් පුහුණු වැඩසටහන් හුවමාරුව පිළිබඳත් අවධානය යොමු විය.
ඉරානය සහ ලංකාව අතර පවතින ගනු-දෙනු පහසුකර ගැනීමට මුදල් හුවමාරුව සදහා විධිමත් බැංකු සේවාවක් පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පෙන්වා දුන් අතර ඒ සඳහා ඉතා ඉක්මණින් ගිවිසුමකට එළැඹීමට කටයුතු කරන ඉරාන ජනාධිපතිවරයා සඳහන් කළේය.
ද්විපාර්ශ්වික ආර්ථික හා තාක්ෂණික සහයෝගිතාව සඳහා වූ එකාබද්ධ කොමිසම යටතේ මෙම සියලු කටයුතු ශක්තිමත්ව ඉදිරියට ක්‍රියාත්මක කරන බව ඉරාන ජනාධිපතිතුමා සඳහන් කළේය.
එමෙන්ම 2004 වසරේ දෙරට අතර ඇතිකර ගත් දෙරටේ වෙළෙඳ භාණ්ඩවලට ප්‍රමුඛතාව ලබාදීමේ ගිවිසුම ඉදිරියට ක්‍රියාත්මක කිරීමට ද නායකයන් එකඟ වූහ.
ආසියානු සහයෝගිතා සංගමයේ සහ නොබැඳි ජාතින්ගේ සාමාජික රටවල් ලෙස ජාත්‍යන්තර වේදිකාවේදී සහයෝගයෙන් කටයුතු කිරීමටත් ලෝක ත්‍රස්තවාදය පිටුදැකීම මෙන්ම මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම වැනි කටයුතුවලදී සාමුහිකව කටයුතු කිරීමටත් නායකයින් සපථ වූහ.
මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විශේෂයෙන් සඳහන් කළේ නොබැඳි ජාතින්ගේ සාමාජික රටක් ලෙස සියලු මිතුරු රාජ්‍යයන් එක ලෙස පිළිගනිමින් මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියක් ඔස්සේ සියලු රටවල් සමග සහයෝගයෙන් කටයුතු කිරීම අද ශ්‍රී ලංකාවේ විදේශ පිළිවෙත බවයි.
ශ්‍රී ලංකාව සහ ඉරානය අතර ද්විපාර්ශ්වික සබඳතා ආරම්භ කෙරෙන්නේ වසර 61 කට ඉහතදී වුවද වසර දහස් ගණනක ඈතකට දිව යන දෙරට අතර මිතුදම පිළිබඳ මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිහිපත් කළේය.
උමා ඔය ව්‍යාපෘතියට සහ ග්‍රාමීය ප්‍රදේශවලට විදුලිබලය සැපයීම සහ දුම්රිය ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් අඛණ්ඩව ලබාදෙන සහය වෙනුවෙන් මෙහිදී ජනාධිපතිතුමා ඉරාන රජය වෙත සිය ස්තූතිය පිරිනැමීය.

COMMENTS