රජයේ ඒකාබද්ධ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ පිළිබද ආණ්ඩු පක්ෂයේ සියලූ අමාත්‍යවරුන්ගේ, මන්තී‍්‍රවරුන්ගේ සහ අමාත්‍යාංශ ලේකම්වරුන් මෙන්ම මහ බැංකු ...
රජයේ ඒකාබද්ධ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ පිළිබද ආණ්ඩු පක්ෂයේ සියලූ අමාත්‍යවරුන්ගේ, මන්තී‍්‍රවරුන්ගේ සහ අමාත්‍යාංශ ලේකම්වරුන් මෙන්ම මහ බැංකු හා භාණ්ඩාගාර නිලධාරින්ගේ සහභාගිත්වයෙන් විශේෂ එක් දින වැඩමුළුවක් පැවැත්වීමට ජනාධිපති මෙමත්‍රීපාල සිරිසේන මහතා ජාතික ආර්ථික සභාවට උපදෙස් දෙයි.
මෙම වැඩසටහන පිළිබද ඔවුන් පුළුල් ලෙස දැනුවත් කිරීම සහ අදහස් සහ යෝජනා ලබා ගැනීම එහි අරමුණයි.
ජාතික ආර්ථික සභාව අද (15) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබාදී තිබේ.
ජාතික ආර්ථික සභාව මගින් ඉදිරිපත් කෙරුණු රජයේ ඒකාබද්ධ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ පිළිබද මෙහිදී කරුණු සාකච්ඡා කර ඇත.
රජයේ ඒකාබද්ධ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ, ඒකාබද්ධ සීග‍්‍රගාමී ග‍්‍රාමීය සංවර්ධන වැඩසටහන මූලික කර ගනිමින් කි‍්‍රයාවට නැංවීමට නියමිත අතර, කෙටිකාලීන හා දිගුකාලීන වශයෙන් සාර්ව, ශුද්ධ සහ ව්‍යුහාත්මක යන කොටස් 03 යටතේ එම උපායමාර්ග කි‍්‍රයාවට නැංවීම පිළිබද මෙහිදී අවධානය යොමු කර ඇතැයි වාර්තා වේ.
මෙම වැඩපිළිවෙළ දැනට කි‍්‍රයාත්මක සියලූ සංවර්ධන වැඩසටහන් ඒකාබද්ධ කර ගනිමින් කි‍්‍රයාවට නැංවීම පිළිබදව ද එහිදී අවධානය යොමු කර තිබේ.
COMMENTS