දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"අද මේ ආණ්ඩුව කාලිංග මාඝ යුගයක් රටේ ඇති කරලා" - මෛත්‍රී
Homeප්‍රවෘත්ති

"අද මේ ආණ්ඩුව කාලිංග මාඝ යුගයක් රටේ ඇති කරලා" - මෛත්‍රී

PropellerAds

යහපාලන ආණ්ඩුව විසින් රට තුළ කාලිංග මාඝ පන්නයේ සංහාරයක් ආරම්භ කොට ඇතැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා පවස...

මෙරට සංචාරයට ආ ඇමෙරිකානුවා එසැණින් ආපසු යයි
අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ දිස්ත්‍රික්කයේ මාර්ග 670 ක සංවර්ධන වැඩ අරඹයි!
පඩි මදි නම් වෙන රස්සාවක් හොයා ගන්න – ගුරුවරුන්ට පොහොට්ටුවෙන් පණිවිඩයක්!

යහපාලන ආණ්ඩුව විසින් රට තුළ කාලිංග මාඝ පන්නයේ සංහාරයක් ආරම්භ කොට ඇතැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් නීතීඥ මෛත්‍රී ගුණරත්න මහතා පවසයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කරන ලද්දේ බෞද්ධ උරුමයන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බෞද්ධ භික්ෂුන් වහන්සේලා සමග රාජගිරියේ පක්ෂ මුලස්ථානයේ පැවති සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.

“අපි පක්ෂයක් විදියට සියළුම ආගම් වලට එක වගේ ගරු කරන පිරිසක් ඒ වගේම ඒ සියළු ජාති ආගම් වල පවතින විවිධත්වයට, විශ්වාසය හා ඇදහිලි වලට ගරු කරන පක්ෂයක් බව මුලින්ම කියන්න අවශ්‍යයි. නමුත් අද අමුතු ප්‍රවණතාවක් රට තුළ පැන නැගෙමින් තිබෙන බව අපිට දක්නට ලැබෙනවා. ඒ තමයි මේ බෞද්ධ ජනතාවගේ වෙහෙර විහාර කඩා බිද දමන එහෙම නැත්නම් විහාරස්ථාන වලට බලෙන් ඇතුල් වෙලා ඒවගේ අයිතිය හා පිහිටීම ගැන ප්‍රශ්න කරන අසංස්කෘතික සංස්කෘතියක ප්‍රවණතාවයක් ඇතිවී තිබීම. මේ පිලිබදව මේ ආණ්ඩුව දක්වන්නේ ඉතාම ඇල් මැරුණු දෙබිඩි පිළිවෙතක් බව කියන්න කැමතියි. එක තැනක නෙවෙයි පසුගිය කාලය පුරාවට අපි දැක්කා ලංකාවේ බොහෝ තැන් වල රටක් විදිහට අපිට ඉතා වැදගත් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුක්ත ස්ථාන. ඒ වගේම බෞද්ධ වෙහෙර විහාර කඩා බිද දමා ඇති බවට චෝදනා එල්ල වුනා. වෙනදා මේ දේවල් වුනේ හොරාට අද එලිපිටම මේ දේවල් වෙන්න පටන් අරන්.”

“ආසන්න සිදුවීම තමයි දුටුගැමුණු රජතුමාගේ අවසාන සංග්‍රාම භූමිය වුණු අනුරාධපුර විජිතපුර බළකොටුව ප්‍රදේශයේ බැලුම්ගල කියන ස්ථානය නිවාස ව්‍යාපෘතියක් මුවාවෙන් බුල්ඩෝසර් යොදා විනාශ කොට තිබීම. අපි අහනවා ආණ්ඩුවෙන් කොහොමද මේ දේවල් මේ විදිහට වෙන්නේ අනුරපුරය පිළිබදව දන්නා කුඩා ළමයෙක් වුනත් දන්නවා අනුරාධපුරය කියන්නේ පුරාවිද්‍යාත්මක නගරයක් සාමාන්‍ය ගොවි මහත්තයෙක් උදැල්ලක් පොලවට ගැහුවත් පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් යමක් උදැල්ලේ ගැටෙන තරමට ඒ භූමිය ඓතිහාසිකයි. ඒ නිසා ආණ්ඩුවට හා මේ ව්‍යාපෘතිය භාර ඇමතිවරුන්ට හා නිලධාරීන්ට මේ ප්‍රශ්ණයට පපඩම් උත්තර දෙන්න අයිතියක් නැහැ. අපි මාධ්‍ය තුලින් දැක්කා පසුගිය දවස් ටිකේ දෙමළ ජාතික සන්ධානය නටපු නාඩගම් සුමන්තිරන් කරපු ප්‍රකාශ උතුරු නැගෙනහිර බෞද්ධ පන්සල් හදන්න ඉඩ දෙන්නේ නැහැ කියල කරපු ප්‍රකාශ මේ දේවල් එකකට එකක් බොහෝ දුරට සමාන වෙනවා.”

“රටේ ඉතිහාසය වෙනස් කරන්න රටේ ජාතික උරුමයන් වනසන්න තාවකාලිකව පත්වෙන ආණ්ඩු වලට අයිතියක් නැහැ. ආණ්ඩු එනව යනවා රාජ්‍ය කියන දේ ස්ථාවරයි. ඒ නිසා රාජ්‍ය සතු ස්ථාවර භාවය විනාශ කරන්න ආණ්ඩු වලට ව්‍යාපෘති හදන්න බැහැ. මේ රටේ ඉතිහාසය විකෘති කරන්න, ඒවා විනාශ කරන්න අවශ්‍ය කණ්ඩායම් රට තුල වේගයෙන් ක්‍රියාත්මක වන බව පේන්න තියෙනවා. මේ විනාශය නතර කරන්න ආණ්ඩුව කටයුතු නොකලොත් මීට සම්බන්ධ සියළුදෙනා නීතිය ඉදිරියට ගේන්න අපි පක්ෂයක් විදියට නුදුරේදීම කටයුතු කරනවා. විශේෂයෙන්ම අපි යහපාලන ආණ්ඩුවට අවධාරණය කරනවා පුරාවිද්‍යාත්මක දේ වගේම ජාතික උරුමයන් කියන දේවල් රටක් එක ආගමකට එක ජාතියකට අයිති දේවල් නොවෙයි. මේ රටේ ඉතිහාසය. ඒ නිසා ආණ්ඩුව මේ පෙන්වමින් ඉන්නේ ආණ්ඩුව රටට හා සමස්ත ඉතිහාසයට ද්‍රෝහි විමේ ලක්ෂණ. ඒ වගේම අපි ආණ්ඩුවට කියනවා නැවත කාලිංග මාඝ යුගයකට රට අරන් යන්න හදන්න එපා කියලා. අද වෙනකොටත් මේ ආණ්ඩුව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා බෙදුම්වාදී උවමනා ඉටුකරමින් ඉන්න බව අපිට පේන්න තියෙනවා. ඒ සදහා අවශ්‍ය ඓතිහාසික පරිසරය නිර්මාණය කර ගැනීමට නම් මේ බුල්ඩෝසර් දමා රටේ ඉතිහාසය සමතලා කරලා කරන්න හදන්නේ ඒක ආණ්ඩුව ලොකු වරද්දා ගැනීමකට අත වැනීමක් කියලත් අපි අවධාරණය කරන්න කැමතියි”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

මෙහිදී බෞද්ධ භික්ෂුන් වහන්සේලා විසින් බුද්ධ ශාසන ජනාධිපති කොමිෂන් වාර්තා නිර්දේශ ක්‍රියාත්මක කිරීම සදහා මැදිහත් වීමක් කරන්නැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහ ලේකම් මෛත්‍රී ගුණරත්න මහතාට ආරාධනාවක්ද කලේය.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "අද මේ ආණ්ඩුව කාලිංග මාඝ යුගයක් රටේ ඇති කරලා" - මෛත්‍රී
"අද මේ ආණ්ඩුව කාලිංග මාඝ යුගයක් රටේ ඇති කරලා" - මෛත්‍රී
http://am.lk/media/k2/items/cache/4075fbab19c8035733761c8dbcce51da_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_783.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_783.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy