අද (29) පස්වරු 4.00 සිට සංකේත වැඩ වර්ජනයක නිරත වීමට දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුව තීරණය කර තිබේ. වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලී...
අද (29) පස්වරු 4.00 සිට සංකේත වැඩ වර්ජනයක නිරත වීමට දුම්රිය තාක්ෂණ සේවා වෘත්තීය සමිති කමිටුව තීරණය කර තිබේ.
වැටුප් වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් තුනක් මුල් කරගනිමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව දුම්රිය තාක්ෂණ සේවා වාත්තීය සමිති කමිටුවේ සභාපති සම්පත් රාජිත මහතා සඳහන් කළේය.
අද පස්වරු 4.00 සිට පැය 48ක කාලයක් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව ද ඔහු පවසයි.
වෘත්තීය සමිතිවල ඉල්ලීම් ලබාදීමට එකඟතාව පල කර තිබියදී මෙලෙස වැඩ වර්ජනයක නිරත වීම අසාධාරණ බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා සඳහන් කරයි.
මේ අතර දුම්රිය රියදුරු සංගමයේ ප්‍රකාශකයෙකු ප්‍රකාශ කළේ වර්ජනයක් ඇති වීමට කිසි විටෙකත් ඉඩ නොතබන බවත්, දුම්රිය ධාවනාගාරවලින් පිටතට ගෙන ධාවනයට යොදවන බවද, ඔහු ප්‍රකාශ කළේය.
නමුත් සුළු සුළු ප්‍රමාදයන් සිදු විය හැකි බවත් මෙම වර්ජනය සඳහා මෙහෙයුම්වලට සම්බන්ධ පිරිස් සම්බන්ධ නොවන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
COMMENTS