දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලංකාවේ ගෙත්සී ට මැග්සාසෙයි සම්මානය
Homeප්‍රවෘත්ති

ලංකාවේ ගෙත්සී ට මැග්සාසෙයි සම්මානය

PropellerAds

ගෙත්සී ෂන්මුගන් සිදුකළ මෙහෙවර වෙනුවෙන් මැග්සාසෙයි පදනම විසින් ඉදිරිපත් කළ දීර්ඝ හේතුපාඨය මෙසේ ය. “2017 රාමොන් මැග්සාසෙයි සම්මානය ලබාගැනීම...

අද රටෙන් බහුතරයක් සජිත් හා ආර්යාව සමගයි - හරීන්
රොෂාන් රණසිංහ ගැරඩියෙක්.. මං ගැරඩි මරන්නේ නෑ - ජනපති සොයුරු ඩඩ්ලි
"අපෙන් කන පලාගන්නේ නැතුව බල්ලව බැඳලා දා ගන්න" - රන්ජන්ගේ කතාවට ඥානසාර හිමි රනිල්ට කියයි
ලංකාවේ ගෙත්සී ට මැග්සාසෙයි සම්මානය

ගෙත්සී ෂන්මුගන් සිදුකළ මෙහෙවර වෙනුවෙන් මැග්සාසෙයි පදනම විසින් ඉදිරිපත් කළ දීර්ඝ හේතුපාඨය මෙසේ ය. “2017 රාමොන් මැග්සාසෙයි සම්මානය ලබාගැනීම සඳහා ගෙත්සී ෂන්මුගම් තෝරාගැනීම මගින්  “ඇය විසින් යුද්ධයෙන් කැළැල් වූ ජීවිත නැවත ගොඩනංවාලීම පිණිස සීමාන්තික තත්ත්වයන් යටතේ වැඩකිරීමේදී පළ කළ ධෛර්යය” මනෝවිද්‍යාත්මක සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් දශක හතරක් මුළුල්ලේ ඇය විසින් වෙහෙස නොතකා දැරූ පරිශ්‍රමයන් සහ යුද්ධයේ වඩාත්ම උපද්‍රවකාරී වින්දිතයන් වූ ස්ත්‍රීන් හා ළමුන් කෙරෙහි දයාව දක්වමින් පළ කළ ඇගේ ගැඹුරු සහ සිත් ඇදගන්නා මනුෂ්‍යත්වය” මැග්සාසෙයි භාරකාර මණ්ඩලය පිළිගැනීමට ලක්කරයි.”

සම්මාන ප්‍රදානය සඳහා පිලිපීන උප ජනාධිපතිනී- නීතිඥ ලෙනී රොබ්රෙඩෝල හිටපු ජනපති ෆිදෙල් වී. රාමෝස් ඇතුළු සම්භාවනීය චරිත රැසක් එක්ව සිටියහ. ගෙත්සී ෂන්මුගම් හට සම්මාන ප්‍රදානය සිදුකෙරුණේ  උප ජනපතිනි- නීතීඥ ලෙනී රොබරේඩෝ විසිනි. පිලිපීනයේ සිටින ශ්‍රී ලංකා තානාපතිනී අරුණි රණරාජා මහත්මිය ද මේ අවස්ථාවට එක්ව සිටියාය.

මහජන සේවය, සංස්කෘතිය, අයිතිවාසිකම් සහ ප්‍රජා සේවය යන ක්ෂේත්‍රයන් හි කැපී පෙනෙන දීර්ඝකාලීන මෙහෙවරක් සිදුකළ තවත් සිව් දෙනෙක් ගෙත්සී ෂන්මුගම් මහත්මිය සමගින් මෙහිදී සම්මානයට පාත්‍ර වූහ.

2001 වසරේදී ශ්‍රී ලංකාවේ ගාන්ධර්වයා යන විරුදාවලියෙන් හැඳින්වුණු අාචාර්ය පණ්ඩිත් අමරදේවයෝ ද  මැග්සාසෙයි සම්මානයෙන් පිදුම් ලැබූහ.

1958 වසරේදී පිලිපීන ජනපති රාමොන් මැග්සාසෙයිගේ නමින් මෙම සම්මානය පිරිනැමීම ආරම්භ වූයේ පාලනයේ අවංකත්වය, ජනතාව උදෙසා කරන ධෛර්ය සම්පන්න මෙහෙවර සහ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් තුළ ප්‍රායෝගික පරමාදර්ශීභාවය විදහා දැක්වීම අගැයීමට ලක්කරනු පිණිස ය.

ශ්‍රී ලංකාව තිස් වසරක යුද්ධයෙන් නොමැකුණු කැළැල් සහිත රටකි. සංක්‍රාන්තික යුක්තිය සපථ කරගත යුතු අවධියක අප පසුවුවද සමස්තයක් වශයෙන් ඒ සඳහා රටක් ලෙස අප තවමත් අසාර්ථක වී ඇති සමයක, ‘සුවකිරීම’ නමැති අවසන් අරමුණ ප්‍රායෝගිකව සාක්ෂාත් කර ගැනීමට සිය දිවිය කැප කළ ගෙත්සී ෂන්මුගම් වැනි චරිතවලින් අපට උගත හැකි පාඩම් බොහෝ ය. ගෙත්සී මෙසේ සම්මානයට පාත්‍රවීම රටක් වශයෙන් අප සැමට ආඩම්බර විය හැකි කරුණක් වන්නේ එනිසා ය. මේ අතරම, ඈ වැනි අයගෙන් මේ රටට ගත හැකි අමිල සේවය ජාතික මට්ටමෙන් සහ ප්‍රතිපත්ති සාධනය සඳහා මෙවැන්නන්ගෙන් ලබාගත යුතු මගපෙන්වීම් ලබාගැනීමට ලංකාවේ බලධාරීන්ගේ හා ප්‍රතිපත්ති සාධකයන්ගේ අවධානය යොමු වේ යැයි අපි බලාපොරොත්තු වෙමු.

 
- අමාලි ජයවීර

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලංකාවේ ගෙත්සී ට මැග්සාසෙයි සම්මානය
ලංකාවේ ගෙත්සී ට මැග්සාසෙයි සම්මානය
http://ift.tt/2wY8q0R
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_921.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_921.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy