පළවෙනිදා ආපහු මේක කැබිනට් එකේදී මේ කාඩ් කුට්ටම ඇනුවයි කියලා රටට කිසිදු සෙතක් වෙන්නේ නැති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වි...
පළවෙනිදා ආපහු මේක කැබිනට් එකේදී මේ කාඩ් කුට්ටම ඇනුවයි කියලා රටට කිසිදු සෙතක් වෙන්නේ නැති බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
ඒ ඊයේ පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“දැන් මිනිස්සු හැමෝම බලන් ඉන්නවා හෙට මොකද වෙන්නේ?, අනිද්දා මොකද වෙන්නේ? කියලා. හැබැයි මුකුත් වෙන්නේ නැහැ. දැනටමත් මේක විහිළුවක් වෙලා ඉවරයි. පළවෙනිදා ආපහු මේක කැබිනට් එකේදී මේ කාඩ් කුට්ටම ඇනුවයි කියලා රටට කිසිදු සෙතක් වෙන්නේ නැහැ. ඔළුගෙඩි මාරු කරලා, කුට්ටමේ කාඩ් එහාට මෙහාට කරලා මේ අර්බුධය ගොඩ ගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ.”
“පහුගිය කාලේ වෙච්ච දේවල් දිහා දැක්කම ආපහු සමහර අයට ඇමතිකම් දෙයි කියන එක අමුතු දෙයක් නෙවෙයි. ගෑස් මිල වැඩි වෙලා, හෙට අනිද්දා තෙල් වැඩි වෙන්න යනවා, කිරිපිටි වැඩි වෙන්න යනවා. ඉතින් ඒක තමයි ජනතාවගේ ප්‍රශ්න. ඇමතිවරු පත් වෙනවා, 16 එහාට යයිද, මෙහාට යයිද ඒකෙන් ජනතාවගේ බඩ පිරෙන්නේ නැහැ. බලයට පත් වෙනකොට කිව්වේ විද්‍යාත්මක පදනමක් මත ඇමැති මණ්ඩලය පත් කරනවා කියලා. ඇමැති මණ්ඩලය 30ට අඩු කරනවා කිව්වා. නමුත් කිසිදු විද්‍යාවක් නැහැ. සම්පුර්ණයෙන් අවිද්‍යාව තියෙන්නේ.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS