පවතින පොහොර ගැටළුවලට නිසි විසඳුමක් ලෙස ගබඩාවල පවතින පොහොර කඩිනමින් බෙදා හරින ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා...
පවතින පොහොර ගැටළුවලට නිසි විසඳුමක් ලෙස ගබඩාවල පවතින පොහොර කඩිනමින් බෙදා හරින ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
අමාත්‍යවරයා අමාත්‍යංශ නිලධාරීන් හා ලක් පොහොර, කමර්ෂල් පොහොර සමාගමේ නිලධාරීන් හමුවී මේ පිළිබඳව උපදෙස් ලබා දී ඇති බව සඳහන්ය.
රට තුළ පවත්නා පොහොර ගැටළුව හේතුවෙන් විවිධ පොහොර වර්ග බෙදා හරින සමාගම්වලට මෙම උපදෙස් ලබා දී ඇති බවත්, පොහොර ලබා දීමේදී රජයේ අනුමත මිල ගණන් යටතේ හා සහනදායී මිල ගණන් යටතේ පොහොර ලබා දෙන ලෙසද උපදෙස් ලබා දී තිබේ.
එමෙන්ම ගබඩාවල ඇති පොහොර තොගද නිසි ක්‍රමවේදයක් යටතේ බෙදා හරින ලෙසත් අදාළ අංශ දැනුම්වත් කර ඇති බව සඳහන්ය.
මේ අතර අතිරේක බෝග වගා කරනු ලබන ගොවීන් සඳහාද අවශ්‍ය පොහොර අවශ්‍ය පරිදි ලබා දෙන ලෙසද උපදෙස් දී ඇති බවත්, නිසි ක්‍රමවේදයක් යටතේ පොහොර ලබා නොදීමෙන් ගොවීන්ගෙන් නැගෙන මැසිවිලි සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බවද වාර්තා වෙයි.
COMMENTS