2018 පෙබරවාරි මාසයේ දී අපනයන ආදායම මධ්‍යස්ථ වර්ධනයක් වාර්තා කළ අතර, 2017 පෙබරවාරි මාසයේ දී අපනයන ආදායම සාපෙක්ෂ ලෙස පහළ මට්ටමක පැවතීමේ බලප...
2018 පෙබරවාරි මාසයේ දී අපනයන ආදායම මධ්‍යස්ථ වර්ධනයක් වාර්තා කළ අතර, 2017 පෙබරවාරි මාසයේ දී අපනයන ආදායම සාපෙක්ෂ ලෙස පහළ මට්ටමක පැවතීමේ බලපෑම මින් පෙන්නුම් කෙරේ. නාමික වශයෙන් ගත් විට, 2018 පෙබරවාරි මාසයේ අපනයන ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 916 ක් විය. ඒ අනුව අඛණ්ඩව මාස 07 ක් පුරා අපනයන ආදායමෙහි වාර්තා වූ අංක දෙකක වර්ධනයේ වෙනස් වීමක් සිදුවිය.
කෙසේ වුවද, විශේෂයෙන්ම කාර්මික අපනයන ඇතුළුව සියලුම අපනයන කාණ්ඩවල යම් පුළුල් වීමක් වාර්තා විය. නැව් හා ගුවන් යානා සඳහා භාවිත කරන ඉන්ධන අපනයන ඉහළ යෑම හේතුවෙන් කාර්මික අපනයන යටතේ වර්ග කර ඇති ඛනිජ තෙල් නිෂ්පාදිත අපනයන ආදායම සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් නැව් හා ගුවන් යානා සඳහා භාවිත කරන ඉන්ධන අපනයන පරිමාව සියයට 46.0 කින් ඉහළ ගිය අතර, සාමාන්‍ය අපනයන මිල ගණන් සියයට 16.0 කින් ඉහළ ගියේය.
ඇමරිකා එක්සත් ජනපදය වෙත අපනයනය කළ ඇඟලුම්වලින් ලද ආදායම සියයට 3.8 කින් පහළ ගිය ද, යුරෝපා සංගමය වෙත අපනයනය කළ ඇඟලුම්වලින් ලද ආදායම සියයට 16.0 කින් ද, ඉන්දියාව, ජපානය, හොංකොං හා ඕස්ට්‍රේලියාව වැනි සාම්ප්‍රදායික නොවන වෙළෙඳපොළ වෙත අපනයනය කළ ඇඟලුම්වලින් ලද ආදායම සියයට 1.5 කින් ද ඉහළ ගියේය.
කෙසේ වුවද, විද්‍යුත් යන්ත්‍රසූත්‍ර හා උපකරණ අපනයනය පහළ යෑම හේතුවෙන් යන්ත්‍රසූත්‍ර හා යාන්ත්‍රික උපකරණ අපනයන ආදායම පහළ ගිය අතර, පාවහන් අපනයනය අඩුවීම හේතුවෙන් සම් භාණ්ඩ, සංචාරක භාණ්ඩ හා පාවහන් අපනයන ආදායම පහළ ගියේය.
කෘෂිකාර්මික අපනයන සැලකූවිට, 2018 පෙබරවාරි මාසයේ දී අපනයන පරිමාව සියයට 3.1 කින් පහළ ගිය ද , අපනයන මිල ගණන් ඉහළ යෑම හේතුවෙන් තේ අපනයන ආදායම ඉහළ ගියේය. කෙසේ වුවද, පොල් කෙඳි ආශ්‍රිත අපනයන ඉහළ යෑම හේතුවෙන් පොල් මද ආශ්‍රි. නොවන අපනයන ආදායම කැපී පෙනන ලෙස ඉහළ ගිය ද, පොල් මද ආශ්‍රිත නිෂ්පාදිත අපනයනය පහළ යෑම හේතුවෙන් පොල් අපනයන ආදායම පහළ ගියේය. මෙම මාසයේ දී රබර් සහ කුළුබඩු අපනයන ආදායම් ද පහළ ගියේය. මේ අතර, 2018 පෙබරවාරි මාසයේ දී අපනයන ආදායම ඉහළ යෑම සඳහා ඛනිජමය අපනයන ද දායක විය.
2018 පෙබරවාරි මාසයේ ශ්‍රී ලංකාවේ භාණ්ඩ අපනයනය සඳහා ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉන්දියාව, ජර්මනිය සහ ඉතාලිය ප්‍රධාන වෙළෙඳපොළ ලෙස පැවති අතර, එම රටවලි් වෙත සිදු කරන ලද අපනයන මුළු අපනයන ආදායමෙන් සියයට 51 පමණ විය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරන ලද 2018 පෙබරවාරි මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාවෙහි මේ බව සඳහන් වේ.
COMMENTS