ආගමන - විගමන නිලධාරීන් ඊයේ (17) මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කර තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (18) විෂයභාර අමාත්‍ය එස්.බී....
ආගමන - විගමන නිලධාරීන් ඊයේ (17) මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කර තිබූ අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය අද (18) විෂයභාර අමාත්‍ය එස්.බී.නාවින්න මැතිතුමා විසින් දෙන ලද ලිඛිත පොරොන්දුවක් මත සවස 3.20 ට පමණ අත් හැරීමට ආගමන - විගමන නිලධාරීන්ගේ සංගමය තීරණය කළ බව එම සංගමයේ සභාපති අනුර කණුගල මහතා ප්‍රකාශ කළේය .
ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ මෙම ඉල්ලීම් තුන ලබන අගහරුවාදා කැබිනට් අනුමැතියට යොමු කර ලබා දෙන බවද අමාත්‍යවරයා සදහන් කර ඇතැයි කණුගල මහතා පැවසීය .
අමාත්‍ය එස්.බී.නාවින්න මහතා අද (18) පෙරවරු 9.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ මෙම ආගමන - විගමන නිලධාරීන් සමග සාකච්ඡා කර තිබුණි .
(කටුනායක ටී.කේ.ජී.කපිල )
COMMENTS