දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"ජනාධිපතිවරණයකට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් වන්න" - ජනපති දැනුම් දෙයි
Homeප්‍රවෘත්ති

"ජනාධිපතිවරණයකට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් වන්න" - ජනපති දැනුම් දෙයි

PropellerAds

ජනාධිපතිවරණයක් පිළිබඳව විවිධ කතා නිර්මාණය කරමින් මේ වන විටත් පැවැත්විය යුතුව ඇති පළාත් සභා මැතිවරණය කල් දැමීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් ...

මැණික් කුළුණ හදන්නේ මැණික්වලින් කියා 3% අය උන් කියනවා - විමල් වීරවංශ
රංගජීව වෙඩි ප‍්‍රහාරයකට ගොදුරු කල "නවාස් " කෝටි දහසක හෙරොයින් සමග තමිල්නාඩුවේ දී අත්අඩංගුවට
වරාය ඉන්දියාවට දෙනවට මෛත්‍රී විරුද්ධ වෙයි: කළුතරදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරයි

ජනාධිපතිවරණයක් පිළිබඳව විවිධ කතා නිර්මාණය කරමින් මේ වන විටත් පැවැත්විය යුතුව ඇති පළාත් සභා මැතිවරණය කල් දැමීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බව ජනාධිපතිවරයා පවසයි.

මේ වන විට පළාත් සභා 06 ක කටයුතු අකී‍්‍රය වී තිබෙන අතර එය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කිසිසේත් හිතකර තත්ත්වයක් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අපේක්ෂා කළ අරමුණුවලට ද පටහැනි බව සඳහන් කළේය.

එබැවින් ජනාධිපතිවරණයක් ගැන කථා කරන අය ඊට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් විය යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා තමන් ඒ පිළිබඳ මේ වන විටත් මැතිවරණ කොමසාරිස්වරයා සමග සාකච්ඡා කර තිබෙන බව ද කියා සිටියේ ය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ප‍්‍රතිසංවිධාන කටයුතු පිළිබඳ පළාත් මට්ටමින් අදාළ සංවිධායකවරු කැඳවා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන සාකච්ඡා මාලාවේ ඌව සහ මධ්‍යම පළාත් සංවිධායකවරු සමග හමුවට ඊයේ (13) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඉතා ඉක්මනින් පළාත් සභා මැතිවරණයක් පවත්වා ජනතාවගේ ඡන්ද අයිතිය ලබාදිමට කටයුතු කළ යුතු බවයි.

එමෙන්ම නව අමාත්‍ය මණ්ඩලය පත් කර සති 03 කට වැඩි කාලයක් ඉක්ම ගිය ද ඒ ඒ අමාත්‍යාංශවලට අදාළ සංස්ථා, මණ්ඩල සහ ව්‍යවස්ථාපිත ආයතන සඳහා සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් නොකිරීම පිළිබඳව ඇතැම් පාර්ශ්වයන් ජනාධිපති කාර්යාලයට ඇගිල්ල දිගු කරමින් සිටින බව පැවසු ජනාධිපතිවරයා එය සම්පූර්ණයෙන් වැරදි මතයක් බව කියා සිටියේ ය.

මෙම තත්ත්වයට අදාළ අමාත්‍යාංශ වගකිව යුතු අතර, එමෙන්ම අදාළ නිර්දේශ අග‍්‍රාමාත්‍ය කාර්යාලය විසින් ජනාධිපති කාර්යාලය වෙත ඉදිරිපත් නොකිරීම මෙම ප‍්‍රමාදයට හේතු වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ පිළිබඳ කිසිදු වගකීමක් ජනාධිපති කාර්යාලය භාර නොගන්නා බව සඳහන් කළේය.

කෙසේ වෙතත් සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන සඳහා සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් කිරීමේ දී ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව හරහා අනිවාර්යයෙන් එම කටයුතු සිදු විය යුතු බව ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "ජනාධිපතිවරණයකට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් වන්න" - ජනපති දැනුම් දෙයි
"ජනාධිපතිවරණයකට පෙර පළාත් සභා මැතිවරණයකට සූදානම් වන්න" - ජනපති දැනුම් දෙයි
http://am.lk/media/k2/items/cache/9338425d1724244104f2bc77831d3866_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_699.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_699.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy