එළඹෙන 08 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට පක්ෂ නායකවරු තීරණය කර තිබේ. දි...
එළඹෙන 08 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමට පක්ෂ නායකවරු තීරණය කර තිබේ.
දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසුවේ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) පැවති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීරණයට එළඹි බවයි.
අදාළ විවාදය ලබන 10 වෙනිදා පැවැත්වීමට තීරණය වූ බව හෙතෙම කියා සිටියේය.
පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භයේදී ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ඉදිරි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ප්‍රකාශයක් කිරීමට නියමිතව තිබේ.
මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව විවාදයක් පවත්වන ලෙස ඒකාබද්ධ විපක්ෂය විසින් කළ යෝජනාවට පක්ෂ නායකයින්ගේ එකගත්වය පළ වූ බව දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසීය.
එළඹෙන 08 වෙනිදා ආරම්භ කෙරෙන නව පාර්ලිමේන්තු සැසිවාරයේ න්‍යාය සම්බන්ධයෙන් ද මෙම පක්ෂ නායක රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට බදුන් වූ බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.
COMMENTS