කම්කරු දින සැමරුම අද(01) දිනයේදී නොපවත්වන ලෙසට රජය දැනුම් දී තිබූ පසුබිමක ජනතා විමුක්ති පෙරමුණ සහ තවත් දේශපාලන පක්ෂ කිහිපයක් මෙන්ම වෘත්තීය...
කම්කරු දින සැමරුම අද(01) දිනයේදී නොපවත්වන ලෙසට රජය දැනුම් දී තිබූ පසුබිමක ජනතා විමුක්ති පෙරමුණ සහ තවත් දේශපාලන පක්ෂ කිහිපයක් මෙන්ම වෘත්තීය සමිති අද මැයි දින සැමරුම් සංවිධාන කර තිබුණි.
ජනතා විමුක්ති පෙරමුණ යාපනයේ පවත්වන පළමු මැයි දින සැමරුම මෙය වන අතර පාක්ෂිකයින් සහභාගී වූ පෙළපාලිය පැවැත්වුනේ නල්ලූර්හී සිට යාපනය මහා නගර සභා ක්‍රීඩාංගනය දක්වායි.
එම අවස්ථාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන් මහතා ද එක් වීම විශේෂත්වයකි.
අනතුරුව මැයි දින රැළිය යාපනය නගර සභා ක්‍රීඩාංගනයේදී පැවැත්විය.
COMMENTS