දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරිවාදයට එරෙහිව සුව ඇමැති සටනක.
Homeගොසිප්

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරිවාදයට එරෙහිව සුව ඇමැති සටනක.

PropellerAds

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරිවාදය තමන්ට ද ප්‍රශ්නයක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. සෞඛ්‍ය සේවා ...

'340න් 234ක් පොහොට්ටුවේ'
චන්ද්‍රිකාගේ බලකොටුවේ බලය මහින්දට.
කොළඹ ප්‍රථම පුරපතිනිය රෝසි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරිවාදය තමන්ට ද ප්‍රශ්නයක් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව සංවිධානය කළ සෞඛ්‍ය වෘත්තීය සමිති ඒකාබද්ධ මැයි දින සමුළුව අමතමින් සෞඛ්‍ය අමාත්‍යවරයා අද (01) මේ බව ප්‍රකාශ කළේය.

එම සමුළුව පැවැත්වුනේ කොළඹ ජයවර්ධනපුර කේන්ද්‍රයේ දීය. මෙහිදී මෙම සමුළුවට යෝජනා 07 ක් ඉදිරිපත් කළ අතර, එම යෝජනා ඒකමතිකව සම්මත විය.

මෙම සමුළුව අමතමින් වැඩි දුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා  - “ලෝක කම්කරු දිනය මැයි මස 01 දිනට යෙදුනාට වෙනත් රටවල වෙනත් මාස වල ද සමරනු ලබනවා. සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති නායකයෙක් ලෙස මම 1975 වසරේ සිට වෘත්තීය සමිති අරගල වල නිරත වුනා. පසුගිය කාලයේ සයිටම් විරෝධී සටනටවත් සියලුම වෘත්තීය සමිති එකම ස්ථානයකට ඒකරාශී කර ගැනීමට නොහැකි වුනා. නමුත් අද දින සෞඛ්‍ය සේවාවේ සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධව මැයි දින සමුළුවක් පැවැත්වීම සතුටට කරුණක්. විවිධ දේශපාලන අදහස් තිබුනත් කම්කරු අයිතීන් දිනා ගැනීම සදහා මොවුන් ඒකරාශී වී සිටිනවා.”
“මම සෞඛ්‍ය අමාත්‍ය ධූරයට පත් වූ පසු වෘත්තීය සමිති විසින් කළ ඉල්ලීම් වලට සාධාරණ ප්‍රතිචාර ලබාදී තිබෙනවා. මම තීන්දු තීරණ ගත්තා. නිලධාරිවාදය නිසා ඇතැම් තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට නොහැකි වී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරිවාදය  මටත් ප්‍රශ්නයක්. එක තැන පල් වූ නිලධාරිවාදයක් තිබෙන්නේ. එය සෞඛ්‍ය සේවාවේ ප්‍රගතිශීලී ගමනට බාධාවක්. ඇතැම් නිලධාරීන් පරපෝෂිතයෝ වගේ ඉන්නේ. සෞඛ්‍ය සේවාවේ ප්‍රගමනයට දක්වන දායකත්වය අවමයි. මම වෘත්තීය සමිති සමග සාකච්ඡා කර තීන්දු තීරණ ලබාගන්නවා. එම තීරණ සම්බන්ධයෙන් මම රජයට වග කියනවා. ඒවා ක්‍රියාත්මක කිරීමේ දී කාටවත් ප්‍රශ්ණයක් ඇති වන්නේ නැහැ මම වගකීම බාර ගන්න නිසා. නමුත් තීන්දු ක්‍රියාත්මක කිරීම සිදු වන්නේ සෙමින්. කිසියම් තීන්දුවක් ගත් පසු වෘත්තීය සමිති නායකයින් නිලධාරීන්ගේ පිටුපසට වී කරදර කරලා ඉල්ලීම් දිනා ගත යුතුයි. සමහර අමාත්‍යාංශවල අමාත්‍යවරු තීන්දු තීරණ ගන්න බයයි. නමුත් අපි නිලධාරීවාදය පරාජය කළ යුතුයි.”
“සෞඛ්‍ය සේවාවේ උසස්වීම් කුසලතාවය මත ලබාදිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. නියමු කුසලතා ඇති පුද්ගලයින් නිලධාරීන් ලෙස පවා පත්වන්නේ නැහැ. ඡ්‍යෙෂ්ඨත්වය මත තමයි පත් වන්නේ. කුසලතාවය අනුව උසස්වීම් ලබාදිය යුතුයි. සෞඛ්‍ය සේවාවේ සියලුම සේවකයින්ට නිසි පුහුණුවක් සහ පුහුණු සහතිකයක් ලබාදිය යුතුයි. එය ඔබලා ඉදිරිපත් කළ තවත් ඉල්ලීමක්. එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සදහා සැළසුම් ඉදිරිපත් කරන්න.”

“සෞඛ්‍ය සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීමට තීන්දු කර අවසන්. අමාත්‍ය මණ්ඩල තීන්දුව ලබාගත්තත් තීන්දුව ක්‍රියාත්මක කිරීමේ දී නිලධාරීන් බඩ ගාගෙන යනවා. සංවෘත සේවාවක් බවට පත් කිරීමට නිලධාරින් කැමැති නැහැ. සම්ප්‍රධායික විදිහට හිතනවා. හණ මිටි අදහස් තමයි තිබෙන්නේ. නවීන ක්‍රමයට සිතන නිලධාරින් ඉන්නේ සුලු පිරිසක්. සෞඛ්‍ය කළමණාකරණ සේවාව සංවෘත සේවාවක් බවට පත් කිරීමට තීරණය කළේ 2015 වසරේ දී. නමුත් තවම විභාගය පවත්වා නැහැ.  අමාත්‍ය මණ්ඩල තීරණය ගත්තත් එය ක්‍රියාත්මක කිරීමට ප්‍රමාද වී තිබෙනවා. දින 180 සම්පුර්ණ වූ සෞඛ්‍ය සේවකයින් ස්ථිර කිරීම ප්‍රතිපත්තියක් ලෙස පිළිගන්නවා. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමේ දී සමස්ත රාජ්‍ය සේවාවටම බලපානවා. එම නිසා රජය සමග සාකච්ඡා කළ යතුයි. යහපාලන රජය මොනව ද කළේ කියලා අහනවා. ලබාදුන් පොරොන්දු රැසක් මේ වන විට ඉටු කර තිබෙනවා. සෞඛ්‍ය පරිපාලන සේවාවත් ඉතා වැදගත්. වෛද්‍ය පරිපාලන සේවාව දැන් ක්‍රියාත්මකයි. සාමාන්‍ය පරිපාලකයින්ට සෞඛ්‍ය පරිපාලනය තේරෙන්නේ නැහැ. විශ්‍රාම වැටුප්, වැන්දඹු අනත්දරු අරමුදල් නතර කර ඇති බවට චෝදනා නගනවා. නමුත් රජය විසින් දායක විශ්‍රාම වැටුපක් හදුන්වා දී තිබෙනවා. එම යෝජනාව පළමු වරට ඉදිරිපත් කළේ ආචාර්ය එන්.එම් පෙරේරා මහතා. ඒ 1972 වසරේ දී.”

මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති නායකයින් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරිවාදයට එරෙහිව සුව ඇමැති සටනක.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරිවාදයට එරෙහිව සුව ඇමැති සටනක.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiDMSy2GDAYuxUqHb3bEpmV6S6WwGygC-u9qF6YHf6d8B_Up9mnT7PZZ7W3hyR-kMC__Z9Oda1dz2jqRyA-2Yjf2dCmDvG7p7FNIO43hpgfR-O7Pi6XKnQAYSRJ9C3Xi9lc03FlmO20ac8/s1600/31747816_10155877844364130_5297559524998119424_n.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiDMSy2GDAYuxUqHb3bEpmV6S6WwGygC-u9qF6YHf6d8B_Up9mnT7PZZ7W3hyR-kMC__Z9Oda1dz2jqRyA-2Yjf2dCmDvG7p7FNIO43hpgfR-O7Pi6XKnQAYSRJ9C3Xi9lc03FlmO20ac8/s72-c/31747816_10155877844364130_5297559524998119424_n.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_32.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/05/blog-post_32.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy