ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂයට යන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුර්ණ ප්‍රතිසංවිධානයක් කඩිනමින් සිදුකළ යුතු බවත් බස්නාහිර පළාත් ප්‍රධා...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විපක්ෂයට යන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුර්ණ ප්‍රතිසංවිධානයක් කඩිනමින් සිදුකළ යුතු බවත් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ මැයි මැයි 07 වන දින පැවැත්වෙන ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මැයි රැලියෙන් අනතුරුව පක්ෂයේ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙල ආරම්භ කරන බවයි.
කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඉසුර දේවප්‍රිය මහතා මෙම අදහස් පල කළේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“මම නම් දකින්නේ එක්සත් ජාතික පක්ෂය මේ යහපාලන ආණ්ඩුව හදලා විතරක් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු කරපු හැමදාම මේ රට විනාශ කරපු එක තමයි කළේ. මේ රටේ දුෂණය, වංචාව, මිනීමැරුම් ඒ ආදී දේ ඉස්සරහට ආපු එක තමයි. අපි ජනාධිපතිතුමාට යෝජනා කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට අපි විපක්ෂයට එකතු වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරගෙන ඉදිරියේදී එන මැතිවරණ වලට අපි ශක්තිමත් පක්ෂයක් හැටියට අපි මුණ දෙන්න ඕනේ. ඒක නිසා අපි කාගෙවත් ආණ්ඩුවක ඉඳලා අපි ඒ අපකීර්තිය ගාව ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ජනාධිපතිතුමත් එක්ක මේ ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිසිම වැරද්දක් කළේ නැහැ. කිසිම දුෂණයක්, අක්‍රමිකතාවයක් පහුගිය කාලේ ඉෂ්ඨ කළේ නැහැ.”
“පොදුජන පෙරමුණේ හිටියට සාමාජිකත්වය නැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත්හැරලා දාලා යන්න අකැමැති මන්ත්‍රීවරු ඉන්නවා. ඉතින් එහෙම නම් අපි ඒ අයට තැනක් හදන්න ඕනේ. ඒකට හොදම දේ තමයි විපක්ෂයට යන එක. ඒ නිසා අපි දැන් එතන තමයි ඉන්නේ. මන් හිතන්නේ මැයි 07 වෙනිදායින් පස්සේ මැයි රැළියෙන් පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පුර්ණ ප්‍රතිසංවිධාන කරන්න අපි මධ්‍යම කාරක සභාවේ තීන්දු කළා. ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් අපිට තීන්දුවක් දෙයි. දැනට 16 දෙනාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඉඳිමින් විපක්ෂයේ අසුන් ගන්න අවසර ලැබිලා තියෙනවා. අපිට පුළුවන්කම ලැබුණා පහුගිය විශේෂයෙන්ම මධ්‍යමකාරක සභාවේදී අපි සියලුදෙනාටම එක මතයකට එන්න පුළුවන් වුණා. පක්ෂය වෙනුවෙන් අපි ඕනෑම පරිත්‍යාගයක් කරන්න සූදානම්. ගන්න තීන්දුවක් පක්ෂය ගැන හිතලා එකට ගමුයි කියලා කියන තැන අපි ඉන්නවා.”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS